Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 8 ක ජයක්

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 8 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් පෙරේරා (නොදැවී 114) සහ අෂාන් ප‍්‍රියංජන් (නොදැවී 57) ගොඩනැගූ ලකුණු 152 ක සම්බන්ධතාව නිසා සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති පළමු තරගයෙන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 204 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 32.2 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළ අතර කුසල් පෙරේරා (නොදැවී 114) සහ නායක අෂාන් ප‍්‍රියංජන් (නොදැවී 57) තෙවැනි කඩුල්ලට ලකුණු 152 ක සම්බන්ධතාවක් පැවැත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.

කුසල් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 88 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 114 ක් ලබා සිටියදී මස්පිඩු පෙරළීමේ ආබාධයක් හේතුවෙන් මුඵ ලකුණු සංඛ්‍යාව ලකුණු 184 ක්ව තිබියදී පිටියෙන් ඉවත් විය. අෂාන් පන්දු 77 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 57 ක් ලබා ගත්තේය.

කුසල් සිය ශතකය පන්දු 80 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් සම්පූර්ණ කළ අතර අර්ධ ශතකය පන්දු 41 කදී සටහන් කිරීමට සමත් විය. පාකිස්තාන් වේග පන්දු යවන්නන් උරහිස දක්වා ඉහළට පන්දු යවමින් කුසල් පාලනයට කිරීමට උත්සාහක කළ ද එහිදී පන්දුවේ වේගයට වඩා කුසල්ගේ පුල් සහ හුක් පහර වේගත් විය.   

කුසල්ටම ආවේනික වූ හතරේ සහ හයේ පහර සජීවීව දැකගැනීමට උයන්වත්ත ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි 1,000 කට ආසන්න ක‍්‍රීඩා ලෝලින්ට ඊයේ අවස්ථාව උදාවූහ.

ධනුෂ්ක ගුණතිලක (04) මුඵ ලකුණු සංඛ්‍යාව 32 දී දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග පාකිස්තානු පන්දු යවන්නෝ තරගයේ පාලනය නතුකර ගැනීමට උත්සාහ කළහ.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු ‘ඒ’ පිලේ නායක ෆාවාඞ් අලාම් පන්දු 67 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් 58 ක් රැුස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශ‍්‍රී යොවුන් වේග පන්දු යවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීර අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය. චමීර හොද වේගයක් සහ ඉපිලීමක් ලබා ගනිමින් පාකිස්තානු පිතිකරුවන්ට තියුණු අභියෝගයක් යොමු කළේය.

ඉමාද් වසීම් (35) සහ ශියාවුල් හක් (නොදැවී 03) 10 වැනි කඩුල්ලට ලකුණු 32 සම්බන්ධතාවක් පැවැත්වීමෙන් ලකුණු 203 ක් දක්වා පැමිණිමේ අවස්ථාව උදාවිය.  

දුෂ්මන්ත චමීර 40 වැනි  ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලදී පිට පිටම කඩුලූ දෙකක් දවා ගනිමින් ලකුණු 170 කට කඩුලූ 8 ක් බවට පත් කරමින් ඉනිම අඩපණ කළේය.

ළහිරු මධුසංඛ යැවූ ඉහළ නැගි පන්දුව සාද් නසීම් (02) තර්ඞ් මෑන් කළාපයට යොමු කිරීමට ගත් උත්සාහය අතිරේක කඩුලූ රකින්නා ලෙස කටයුතු කරන කිත්රුවන් විතානගේ දකුණු පසට ඉපිලෙමින් රැකගත් දක්‍ෂ උඩ පනදුවත් සමග ලකුණු 133 කට කඩුලූ 5 ක් බවට පත්විය.

නිත්‍ය කඩුලූ රකින්නා වන කුසල් පෙරේරා ආබාධයකට ලක්වීමෙන් 31 වැනි  ඕවරයේදී පිටියෙන් ඉවත්ව නැවත 37 වැනි  ඕවරයේ පැමිණියේය.  නායක ෆාවාඞ් අලාම් (58) සහ උමාර් අමීන් (32) සිවුවැනි කඩුල්ලට පන්දු 89 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

ෂෙහාන් ජයසූරිය පන්දු යවමින් රැකගත් විශිෂ්ට උඩ පන්දුවත් සම`ග උප නායක උමාර් අමීන්ගේ ඉනිම ලකුණු 32 කට සීමා විය.

ටෙස්ට් ක‍්‍රීඩක කුරාම් මන්සූර් පන්දු 35 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 24 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කුසල් පෙරේරා වෙත උඩ පන්දුවක් දීමෙන් තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

පාකිස්තානු පළමු කඩුල්ල ලෙස මොහොමඞ් රිස්වාන් පන්දු 19 කදී ලකුණු 5 ක් රැස්කර සිටියදී ළහිරු ගමගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
කාසියේ වාසිය ලැබූ පාකිස්තානු නායක ෆාවාඞ් අලාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

තරගාවලියේ දෙවැනි තරගය මේ මස 29 වැනිදා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ලකුණු පුවරුව
පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම
මොහොමඞ් රිස්වාන් - ඇ. අසේල ගුණරත්න ප. ළහිරු ගමගේ     5
ඉස්රා උල්හා - ඇ. සහ ප. ෂෙහාන් ජයසූරිය    25
කුරාම් මන්සූර් - ඇ. කුසල් පෙරේරා ප. දුෂ්මන්ත චමීර     24
ෆාවාඞ් අලාම් - ඇ. ළහිරු මධුසංඛ ප. ළහිරු ගමගේ     58
උමාර් අමීන් - ඇ. සහ ප. ෂෙහාන් ජයසූරිය    32
සාද් නසීම් - ඇ. කිත්රුවන් විතානගේ ප. ළහිරු මධුසංඛ     2
ඉමාද් වසීම් - ඇ. ළහිරු ගමගේ ප. තරිදු කෞෂාල්     35
බිලාවල් බට්ටි - ක. මූ. කළා ප. දුෂ්මන්ත චමීර     2
ශෂුබ් අහ්මඞ් - ඇ. කුසල් පෙරේරා ප. දුෂ්මන්ත චමීර     0
මීර් හම්ෂා - ඇ. අෂාන් ප‍්‍රියංජන් ප. තරි`දු කෞෂාල්      1
ශියාවුල් හක් - නොදැවී      3
අතිරේක    16
එකතුව  ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී     203

කඩුලූ වැටීම:
1-16(මොහොමඞ් රිස්වාන්), 2-47(ඉස්රා උල්හා), 3-66(කුරාම් මන්සූර්), 4-128(උමාර් අමීන්), 5-133(සාද් නසීම්), 6-167(ෆාවාඞ් අලාම්), 7-170(බිලාවල් බට්ටි), 8-170(ශෂුබ් අහ්මඞ්), 9-191(මීර් හම්ෂා), 10-203(ඉමාද් වසීම්)

පන්දු යැවීම:
ළහිරු ගමගේ: 8-1-40-2, ළහිරු මධුසංඛ: 8-0-31-1, ෂෙහාන් ජයසූරිය: 10-0-49-2, දුෂ්මන්ත චමීර: 8-0-34-3 තරිදු කෞෂාල්: 9.1-1-35-2, අෂාන් ප‍්‍රියංජන්: 5-0--13-0,

ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම
කුසල් පෙරේරා - පිටියෙන් ඉවත් වුණා    114    
ෂෙහාන් ජයසූරිය - ඇ. මොහොමඞ් රිස්වාන් ප. මීර් හම්ෂා     5
ධනුෂ්ක ගුණතිලක - ඇ. මොහොමඞ් රිස්වාන් ප. ශියාවුල් හක්    4
අෂාන් ප‍්‍රියංජන් - නොදැවී     57
මිලින්ද සිරිවර්ධන - නොදැවී      15
අතිරේක    9
එකතුව  ඕවර 32.2 කදී කඩුලූ 2 ක් දැවී     204

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
කිත්රුවන් විතානගේ, ළහිරු මධුසංඛ, දුෂ්මන්ත චමීර, තරිදු කෞෂාල්, අසේල ගුණරත්න, ළහිරු ගමගේ

කඩුලූ වැටීම:
1-27(ෂෙහාන් ජයසූරිය), 2-32(ධනුෂ්ක ගුණතිලක)

පන්දු යැවීම:
මීර් හම්ෂා: 9-1-55-1, ශියාවුල් හක්: 7-1-36-1, ශෂුබ් අහ්මඞ්: 7.2-0-64-0, බිලාවල් බට්ටි: 5-0-34-0, උමාර් අමීන්: 1-0-8-0, ඉමාද් වසීම්: 3-0-6-0

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.