Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 7 ක තියුණු ජයක්

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 7 ක තියුණු ජයක්

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 7 ක ජයක් ලැබීමට සමත් විය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මෙම ජයග‍්‍රහණයත් සමග 2-0 ක් ලෙස තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගත්තේය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවන විට පාකිස්තානු ‘ඒ’ පිල ඕවර 40 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 213 ක් ලබා සිටියේය. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඒ වන විට ජයග‍්‍රහණය සඳහා ලකුණු 221 ක් රැස්කර සිටිය යුතුය.

ෂෙහාන් ජයසූරිය යැවූ 40 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ශෆාර් ගොහාර් 7 වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ‍්‍රී ලංකාව පළමු වරට පෙරමුණට පැමිණි අතර 41 වැනි  ඕවරය යැවීමට වේග පන්දු යවන දුෂ්මන්ත චමීර කැඳවීමත් සමඟ තරගය අත්හිටුවීමට විනිසුරුවෝ තීරණය කළහ.

එම කඩුල්ල දැවී නොගියේය නම් පාකිස්තානු පිලට ඕවර 40 කදී අවශ්‍ය වන්නේ ලකුණු 206 ක් වන අතර ඒ අනුව ලකුණු 8 ක ජයක් හිමිවේ.

පාකිස්තානු පිල 32 වැනි ඕවරය අවසන් වන විට කඩුලූ 2 කට ලකුණු 189 ක් රැස්කරමින් පෙරමුණේ පසු වූ අතර  ඕවර අටක් තුළ ලකුණු 24 කට කඩුලූ 5 ක් බි`ද වැටීමෙන් පරාජය වැඳ ගැනීමට සිදුවිය.

තරිඳු කෞෂාල් ලකුණු 44 කට කඩුලූ 3 ක් දවා ගනිමින් ජයග‍්‍රහණයට මාර්ගය සකස් කළේය. නායක ෆාවාඞ් අලාම් (65) සහ කුරාම් මන්සූර් (69) තෙවැනි කඩුල්ලට ලකුණු 125 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

කුරාම් මන්සූර් පන්දු 90 කදී හතේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 69 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ෆාවාඞ් අලාම් පන්දු 74 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 65 ක් රැස් කළේය.   

පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ගොඩනගමින් සිටියදී දුෂ්මන්ත චමීර ක‍්‍රියාත්මක වෙමින් ලකුණු 54 කට කඩුලූ 2 ක් බවට පත්කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 110 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 110 ක් ලබා සිටියදී ලකුණු වේගය වැඩි කිරීමට යෑමේදී දැවී ගියේය.  

කුසල් පෙරේරා පිට පිටම දෙවැනි ශතකය පන්දු 102 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් සමගින් සම්පූර්ණ කිරීමට සමත් විය. කුසල් අර්ධ ශතකය පන්දු 52 කදී ලබා ගත්තේය.

කුසල් මෙම ඉනිම පුරාම පරිනථ පිතිකරුවකුගේ පිතිහරඹයක් ප‍්‍රදර්ශනය කළ අතර කුසල් ලකුණු 100 සම්පූර්ණ කරන විට එකේ ලකුණු 28 ක් එකතු කරගෙන තිබුණි.

කුසල් සහ අෂාන් තෙවැනි කඩුල්ලට ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉනිම ශක්තිමත් කළහ. ධනුෂ්ක ගුණතිලක පන්දු 50 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ලට ලකුණු 77 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

ෂෙහාන් ජයසූරිය පන්දු 43 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් ලබා සිටියදී ෆාවාඞ් අලාම් රැකගත් දක්‍ෂ උඩ පන්දුව හේතුවෙන් පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

පාකිස්තානු ‘ඒ’ පිලේ නායක ෆාවාඞ් අලාම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට පළමු තරගයට ක‍්‍රීඩා කළ 11 දෙනාම මෙම තරගයට ද වෙනසකින් තොරව ක‍්‍රීඩා කළේය.

පාකිස්තානු ‘ඒ’ පිලට මුක්තාර් අහ්මඞ්, තබීෂ් ඛාන් සහ ශෆාර් ගොහාර් කැඳවා සිටින අතර පළමු තරගයට ක‍්‍රීඩා කළ බිලාවල් බට්ටි, ඉමාද් වසිම් සහ ශෂුබ් අහ්මඞ් මෙම තරගයෙන් ඉවත් කර තිබුණි.

තෙවැනි සහ අවසන් එක්දින තරගය මැයි මස 2 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 265
(කුසල් පෙරේරා 110, ෂෙහාන් ජයසූරිය 21, ධනුෂ්ක ගුණතිලක 33, අෂාන් ප‍්‍රියංජන් 25, අසේල ගුණරත්න 23, මීර් හම්ෂා 49/2, ශියාවුල් හක් 63/3, තබීෂ් ඛාන් 55/3)


පාකිස්තානු ‘ඒ’ පිල  ඕවර 40 කදී කඩුලූ 7 ක් දැවී 213
(මුක්තාර් අහ්මඞ් 20, ඉස්රා උල්හා 29, කුරාම් මන්සූර් 69, ෆාවාඞ් අලාම් 65, දුෂ්මන්ත චමීර 36/2, ෂෙහාන් ජයසූරිය 31/2, තරිඳු කෞෂාල් 44/3)

 


අදහස් (0)

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 7 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.