Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සිවුවැනි දිනය වැස්සට සේදී යයි

සිවුවැනි දිනය වැස්සට සේදී යයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (9 වැනිදා) වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ.

ඊයේ රාති‍්‍රයේ සහ අද අලූයම පැවැති වර්ෂාව හේතුවෙන් තණතීරුව ආසන්නයේ (යාර 30 සීමාව ඇතුළත) තෙතබරිත වී තිබිණ. එබැවින් උදෑසන තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද කළ විනිසුරුවරු දහවල් 12.15 ට කී‍්‍රඩා පිටිය පරීක්‍ෂා කිරීමට තීරණය කළහ. එහෙත් දිවා ආහාරයෙන් පසුව ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා තරගය නැවත ආරම්භ කළ නොහැකි වූ අතර සිවුවැනි දිනයේ එකම පන්දුවක් හෝ නොයවා තරගය අතහැරදැමීමට සිදුවිය.

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (8 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 313 ක් ලබා සිටියේය. පාකිස්තානු ‘ඒ’ පිල සිය මුල් ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 401 ක් ලබාගත්තේය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සහ පාකිස්තානු ‘ඒ’ පිල අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ලබන 13 වැනිදා පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.


ලකුණු පුවරුව

පාකිස්තාන් ‘ඒ’ - පළමු ඉනිම 401
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම
උදාර ජයසුන්දර - ඇ.අලි අසාඞ් ප.මීර් හම්සා    31
ධනංජය ද සිල්වා - ඇ.අද්නන් අක්මල් ප.මීර් හම්සා    8
මාධව වර්ණපුර - ඇ.අද්නන් අක්මාල් ප.සියා උල් හක්     5
කිත්රුවන් විතානගේ - ඇ.අක්මල් ප.මීර් හම්සා    39
අශාන් පි‍්‍රයන්ජන් - ඇ.අක්මල් ප.සියා උල් හක්    17
කුසල් ජනිත් පෙරේරා - නොදැවී     119
අසේල ගුණරත්න  - නොදැවී     64
අතිරේක     30
එකතුව  ඕවර 71 කදී කඩුලූ 5 ක් දැවී     313

කඩුලූ වැටීම
1-16(ධනංජය), 2-42(ජයසුන්දර), 3-67(වර්ණපුර), 4-99(විතානගේ), 5-115(පි‍්‍රයන්ජන්)

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ
තරිඳු කෞෂාල්, ළහිරු ගමගේ, විශ්ව ප‍්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර

පන්දු යැවීම
මීර් හම්සා : 20-4-58-3, ශෂාඞ් අසාම් : 10-0-78-0, සියා උල් හක් : 15-2-56-2, ශෂෙයිබ් අහමඞ් : 18-0-90-0, ෆවාඞ් අලාම් : 6-2-07-0, උමේර් අමීන් : 2-0-04-0


අදහස් (0)

සිවුවැනි දිනය වැස්සට සේදී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.