Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දශක දෙකහමාරකට පමණ ඉහතදී, මහනුවර ධර්මරාජ විද්‍යාලයට මඳක් පහළින් කඳු බෑවුමක පිහිටි තරමක් විශාල බංගලාවක මිදුලේ, පියෙක් තම පුතුට පන්දු වීසි කරමින් සිටියේය. පියා විසින් එවනු ලබන පන්දු වලට මුහුණ දුන් කුඩා කුමාර් සංගක්කාර ඒ වන විටත් ටෙනිස් සහ බැඞ්මින්ටන් කී‍්‍රඩා දෙකම කරමින් සිටියත් පියාගේ අදහස වූයේ කොයි කී‍්‍රඩාව හෝ එකක් තෝරාගෙන එයින් ඉදිරියට යා යුතු බව මිස කරන්නන් වාලේ හැම දෙයක්ම කිරීම නොවේ.
”පුතා මොකක් හරි එකක් තෝරාගෙන ඒක හරියට කරන්න” යයි ක්ෂේම සංගක්කාර මහතා කුඩා කුමාර්ට කීවේය.
කුමා තුළ තාත්තා කෙරෙහි ඇත්තේ බිය මුසු ගෞරවාදරයකි. තාත්තාගේ අණපනත් වලින් බේරීමට කුමාට නොව ගෙදර කාටත් බැරිය. කුමාර් කුඩා කාලයේදී කිසියම් කතන්දර පොතක් ගෙදර ගෙන එන තාත්තා එය කුමාට දෙන්නේ...
”පුතා..මේ පොත කියවන්න ඕනෑ...මම සිකුරාදාට ඕකෙන් ප්‍රශ්න අහනවා” යයි කියමිනි. කුමාර්ට පොත කියවන්නම සිදුවෙයි. තාත්තාගෙන් ගැලවීමක් නැත.
ක්ෂේම සංගක්කාර මහතාගේ සිත තුළ එදා පැවැති අරමුණ කුමක්ද යන්න පැහැදිළිවම කිව නොහැකි නමුත් සංගක්කාර මහතාගේ දුරදර්ශී කි‍්‍රයාමාර්ග වල ප්‍රතිඵල අද අපි ඇස් පනාපිටම දකිමින් සිටින බව නම් ඉඳුරාම කිව හැකිය.
කුමාර් සංගක්කාර යනු කි‍්‍රකට් කී‍්‍රඩකයකු පමණක් නොවේ. සංගක්කාර යනු ‘ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ ශේක්ෂ්පියර්’ යයි ඇතැම් බටහිර විචාරකයෝ කියති. මේ නම් සංගක්කාරට කදිමට ගැලපෙන උපමාවකි.
කී‍්‍රඩාව පමණක් නොව. මහාචර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්ගේ නාට්‍ය කලාව, ජෝර්ජ් කීට්ගේ ශූරීන්ගේ චිත්‍ර කලාව, සම්භාව්‍ය සංගීතය මෙන්ම නීතිය සහ අළෙවිකරණය ගැනද සංගක්කාර දනී. ඔහුගෙන් ඒ ගැන විමසන්නට පෙර ඔබේ කාලයෙන් අඩුතරමේ අඩහෝරාවක් වත් වෙනත් කටයුතු වලින් නිදහස් කරගෙන සිටිය යුතු බවත් අමතක නොකරන්න.
”අපේ ඉරණම රඳා ඇත්තේ අහසේ ඈතින් පෙනෙන තරු මත නොව අප අතමයි” ශේක්ෂ්පියර් වරක් කීවේය.
සාහිත්‍ය ලෝලියකු වන කුමාර් සංගක්කාර ඉතාම හොඳින් ශේක්ෂ්පියර් හඳුනයි. එනිසාමදෝ පිතිකරුවකුගේ ‘යහපත් කාලය’ හෝ ‘අයහපත් කාලය’ පිළිබඳ තැකීමක් නොකරන සංගක්කාර, කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන් පුහුණුවීම් කර අවසන් වූ පසුවත් නැවත පුහුණු දැල තුළට පිවිසෙයි.
පුහුණු දැළ තුළට වැදී පන්දු යැවීමේ යන්ත්‍රය නැතහොත් පන්දු වීසී කරන සහායකයකු ආධාර කරගෙන තවත් වතාවක් පන්දුවට මුහුණ දෙමින් පළමු වතාවේදී තමන්ට අතපසු වූ දේ නැවත කිරීම වසර ගණනාවක සිටම සංගක්කාරගේ පුරුද්දකි.
බංග්ලාදේශයට එරෙහිව මෙල්බර්න්හිදී (නොදැවී 105) සහ එංගලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී (නොදැවී 117) ශතක ලබා සිටි නමුත් ඕස්ටේ්රලියාවට එරෙහිව සිඞ්නිහිදී පැවැති තරගයට පෙර දිනයේත් සංගක්කාර දෙවතාවක්ම පුහුණු දැළ තුළදී පන්දුවට පහර දුන්නේය. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ ඕස්ටේ්රලියාවට එරෙහිව (104) සහ ස්කොට්ලන්තයට එරෙහිව (124) කළ පිතිහරඹය සමගින් ලෝක කුසලාන තරගාවලියේ වසර 40 ක ඉතිහාසයක තුළ ශතක පෙරහැරක් නිර්මාණය වීමයි.
ඒ ශතක නිර්මාණය කෙරුණේ ඉවක් බවක් නැතිව ගැසූ පහර වලින් නොවේ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ සම්මත පහර මනස්කාන්ත ආකාරයට ප්‍රතිනිර්මාණය කරමිනි.
කි‍්‍රකට් පොතේ ‘ස්ක්වෙයාර් කට්’ පහර සංගක්කාරගේ පිත්තෙන් නික්මෙන්නේ ‘බැක්වර්ඞ් පොයින්ට්’ සහ ‘ස්වීපර් කවර්’ හි පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් පන්දුව ඉගිළෙන ‘ඉහළ කට්’ පහරක් ලෙසිනි.
වරෙක දණ නමා ඉතා අලංකාරව දිගහැරෙන කි‍්‍රකට් පොතේ සම්මත ‘කවර් ඩ්‍රයිව්’ පහරම තවත් විටෙක ‘එක්ස්ට්‍රා කවර්ස්’ හි පන්දු රකින්නාගේ හිසට ඉහළින් පන්දුව යන පරිදි කි‍්‍රයාත්මක වන්නේ ‘ස්වීපර් කවර්ස්’ හෝ ‘ලෝන්ග් ඕෆ්’ කී‍්‍රඩකයන්ට පන්දුව වෙත ළගා වන්නට තරම් කාලයක් ඉතිරි නොකරන වේගයෙනි.
සම්මත ‘පුල්’ පහර දැන් ‘සංගාගේ පුල්’ පහර වී හමාරය. එයින් පන්දුව යැවෙන්නේ ‘ඞීප් මිඞ් විකට්’ සහ ‘ඞීප් ෆයින් ලෙග්’ අතර කලාපයේ කොතැනකටද යන්න දන්නේ සංගක්කාරම මිස පන්දු යවන්නා හෝ පන්දු යවන පිලේ නායකයා නොවේ.
නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී ජෝ රූට් ලබාගත් ශතකය නිසා ලකුණු 309 ක් ලබාගත් එංගලන්තය හිතා හිටියේ තරගය පහසුවෙන් ජයගත හැකි බවකි.
එංගලන්තයේ ඒ සිතිවිල්ලට විශාල මුක්කුවක් වූයේ වෙලින්ටන් කී‍්‍රඩාංගණයේ එතෙක් පැවැති එක්දින තරග 25 කදී ලකුණු 300 සීමාව පසුකර තිබුණේ පස් වතාවක් පමණක් වීමයි. එපමණක් නොව, වසර 10 කට ඉහතදී ඇන්ඩෲ සයිමන්ස් ඕස්ටේ්රලියානු පිල වෙනුවෙන් නවසීලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 159 කට පසුව මෙම කී‍්‍රඩාංගණයේ පිතිකරුවකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේත් ජෝ රූට් ලබාගත් ලකුණු 121 යි.
මේ සියලූ කාරණා හිතේ තියාගෙන, එංගලන්තයේදීත් අපට ගැහැව්වා....ලංකාවෙදිත් අපට ගැහැව්වා...මෙදා පාර නම් දෙන්නම් බැටේ යයි කියාගෙන සිටි එංගලන්තය කී‍්‍රඩකයන්ගේ කන් නාසා රත්පැහැ ගැහෙන්නට පටන් ගත්තේ සංගා ලකුණු 50 සීමාවත් පසුළාට පසුවය. එහෙත් ඒ වන විට සංගා අධිවේගී මාර්ගයට පිවිස පස්වැනි ගියරයත් දමා තිබිණ. එදින පන්දු 70 කින් ලබාගත් ශතකය සංගක්කාරගේ වේගවත්ම එක්දින ශතකයද විය.
20 වැනි ඕවරයේදී පිටියට පිවිසි සංගා, 25 වැනි ඕවරය නිමා වන විටත් ලබා සිටියේ ලකුණු 13 ක් පමණි. ඒ වන විට තිරිමාන්න ලකුණු 69 ක් ලබා සිටියේය.
තිරිමාන්න අවදානම් 90 ට පිවිසි පසු ලකුණු එංගලන්ත පන්දු යවන්නන් මෙල්ල කිරීමේ අභියෝගය බාරගත් සංගක්කාර, කි‍්‍රකට් ශිල්ප පොතේ කියා දී තිබෙන සියලූම පහරවලට හැඩ වැඩ දමමින් ඕවර 8 ක් ඇතුළතදී (32 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා) ලකුණු 63 ක් තනිවම ලබාගත්තේය. මෙම ඕවර 8 ඇතුළතදී තිරිමාන්න ලකුණු 12 ක් පමණක් එකතු කරමින් හීන් සීරුවේ තම ශතකය ලබාගත්තේය.
ලෝක කුසලාන තරගාවලිය යනු කි‍්‍රකට් කී‍්‍රඩාවේ කැන්වසයයි. සංගක්කාර සිය පිත්තෙන් එහි ශතක පෙරහැරක්ම සිත්තම් කරමින් සිටී. ඒවා වර්ණ ගැන්වෙන්නේ එක් එක් තරගයේ පවතින ස්වභාවය අනුවය.
”ඉඩ ලැබෙන වෙලාවලදි, පන්දු යවමින්, තාත්තා මාව පුහුණු කරා තමයි.... ඒත් මට ලොකුම ශක්තිය වුණේ තාත්තාගේ වචනයි.”
”එයා මට කිව්ව හොඳම දේ තමයි වෙනස් වෙන්න බය වෙන්න එපා කියන එක. මම මගේ කි‍්‍රකට් ජීවිතය පුරාම කළේ ඒකයි..වෙනස් වෙන්න අවශ්‍ය වුණ තැනදි මා වෙනස් වුණා. එහෙම වෙනස් වෙලා මගේ කී‍්‍රඩාව දියුණු කරගන්න ඒ වෙනස උපකාරී කරගත්තා” යයි සංගක්කාර ‘කි‍්‍රක් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබිණ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් පැවැති තරග 6 දී සංගක්කාර ලකුණු 496 ක් ලබා සිටින්නේ තරගයක් සඳහා ලකුණු 124.00 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය පන්දු 100 කට ලකුණු 119.51 කි. අංක 3 පිතිකරුවකු වශයෙන් පිටියට පිවිස කරන මේ හපන්කම නිසා මැද පෙළ පිතිකරුවන්ට තිබෙන පීඩනය වියැකී යයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය යනු ලෝක කුසලාන තරගාවලිය තනි අතින් ගෙන අංශක 360 ක් කරකවා ආපසු බිම තැබූ අයෙකි. 1996 ලෝක කුසලාන තරගාවලියේ වීරයා ඔහුය. සංගක්කාර ගැන සනත් ජයසූරිය කියන්නේ මෙවන් කතාවකි.
”කුමා නම් අදහගන්නත් බෑ.”
”අපි කවදාවත් පිට පිටම ලබාගත් ලෝක කුසලාන ශතක තුනක් දැකලා නෑ. (දැන් එවන් ශතක සංඛ්‍යාව 4 කි) මේවා ශතක හින්දා ඊට වඩා දෙයක් ඉල්ලා හිටින්නත් බෑ” යයි සනත් ජයසූරිය කියයි.
”මම නම් කවදාවත් ඒ වගේ කී‍්‍රඩකයෙක් දැකලා නෑ. මං කියන්නේ මේ වගේ කි‍්‍රකට් ගහන කී‍්‍රඩකයෙක්..කොහොම වුණත් තව දුර ගමනක් යන්න තියෙනවා. ඒ නිසා එයාගේ පිතිහරඹය ගැන මම මේ වෙලාවේ මුකුත් කියන්න කැමති නෑ..” යයි කියන තේරීම් කමිටු සභාපතිවරයා
”මම බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි.”
”එයා මේ විදිහටම දිගටම පිතිහරඹයේ යෙදෙනවා නම්, (කණ්ඩායමේ බර කරට අරගෙන ඉනිම පුරාම පන්දුවට පහර දීම) වෙන්න තියෙන හොඳම දේත් ඒකයි. අපට ඕනෑ කරන්නේත් ඒකයි” යයිද පැවසීය.
වසර 2000 දී කඩුලූ රකින්නකු වශයෙන් කණ්ඩායමට එක්වූ සංගක්කාර දිගින් දිගටම කඩුලූ රැකීමේ අත්ආවරණ දෑතේ රඳවාගෙන සිටියේ පිත්තෙන් අසාර්ථක වූවත් කඩුලූ රකින්නකු වශයෙන් තමන්ට කණ්ඩායම තුළ ස්ථානයක් ඇති බවට තහවුරු කිරීමටය. එහෙත් කල් යාමේදී කඩුලූ රැකීමෙන් තමන්ගේ පිතිහරඹයට වන හානිය තේරුම් ගත් සංගක්කාර ටෙස්ට් කඩුලූ රැකීම ප්‍රසන්න ජයවර්ධනට බාරදී ටෙස්ට් කි‍්‍රකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ මුදුන් හිිණිපෙත කරාම ගියේය.
ඔහු අදද ටෙස්ට් පිතිකරුවන් අතර පළමු තැන වැජඹෙන අතරම එක්දින පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානයේ සිටී.
එක්දින තරග වලදී වුවත් සංගක්කාරගේ කඩුලූ රැකීම කණ්ඩායමේ සමබරතාව රැකගැනීමට උපකාරයක් මිස සංගක්කාරට කණ්ඩායමේ ස්ථානය රැකගැනීමට ආභරණයක් නොවේ. තත්ත්වය එසේ වුවත් සංගක්කාර සිය වෘත්තීය වගකීම් අකුරටම ඉටුකරයි.
ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (15 වැනිදා) පුහුණුවීම් කළේය සිඞ්නි නුවරට කිලෝ මීටර 30 ක් පමණ බටහිර දෙසින් පිහිටි ග්‍රාමීය පෙදෙසක් වන බ්ලැක්ටවුන්හි කී‍්‍රඩා සංකීර්ණයේදීය. සෙසු කී‍්‍රඩකයන් රග්බි කී‍්‍රඩා කරන අතරේ (ශාරීරික කි‍්‍රයාකාරීත්වය මනාව පවත්වාගෙන යාම සඳහා) සංගක්කාර කඩුලූ රකින්නාගේ ආම්පන්න වලින් සැරසී පන්දු රැකීම පුහුණු වෙමින් සිටියේය.
”මා (එක්ව සහ එරෙහිව) කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් සියලූදෙනා ගැනම බැලූවාම සංගක්කාර කියන්නේ අති විශිෂ්ට කී‍්‍රඩකයෙක්” යයි මයිකල් ක්ලාක් කීවේ ශී‍්‍ර ලංකා - ඕස්ටේ්රලියා තරගයට පෙරදිනයේදීය.
”මම වුණත් කුමා දිහා වගේම ජැක් කලිස් දිහාත් බලාගෙන ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. සංගක්කාර පන්දුවට පහර දෙන්නේ අංක 3 පිතිකරුවා වශයෙන්. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී වුණත් එක්දින කී‍්‍රඩාවේදී වුණත් මේ ස්ථානයේ පන්දුවට පහර දීම හරිම අමාරු දෙයක්” යයි කි මයිකල් ක්ලාක්
”ඔහු ලෝකයේ හැම තැනකදීම වාගේ, ඉතාමත් හොඳ පන්දු යවන්නන්ට එරෙහිව, ලකුණු විශාල ගණන් රැස්කරලා තියෙනවා. ඒ වගේම ඔහු දීර්ඝ කාලයක් ලෝකයේ අංක 1 පිතිකරුවා..” යයිද මයිකල් ක්ලාක් සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවසීය.
දැනට 37 වැනි වියේ සිටින සංගක්කාර කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගෙන යන්නට සූදානම් වන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ආකාර තුනම දිග්විජය කළ පිතිකරුවකු ලෙසිනි.
මේ වන විට ටෙස්ට් ලකුණු 12,203 ක හිමිකරුවාවී, එක්දින අන්තර්ජාතික ලකුණු 14,189 ක් ලබා සිටින්නේ එක්දින තරග බිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වීමේ වාර්තාවද සහිතවය. එපමණක් නොව කඩුලූ රැුකීමෙන්ද මේ වන විට එක්දින අන්තර්ජාතික තරග වලදී දවාගැනීම් 482 ක් (උඩපන්දු 383 ක් සහ ස්ටම්ප් කිරීම් 99 ක්) ක ලෝක වාර්තාව සංගක්කාර සතුය.
ලකුණු 1382 ක් ලබාගැනීමෙන් පසුව සංගක්කාර විස්සයි:20 කී‍්‍රඩාව හැර ගියේ බංග්ලාදේශයේදී පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අර්ධ ශතකයක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගනිමිනි.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ මෙම ආකාර තුනේදීම ලබාගත් ලකුණු පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත සංගක්කාරගේ පිතිහරඹය පිළිබඳ ලිඛිත සාක්ෂිය පමණි. සංගක්කාරගේ පිතිහරඹයේ සැබෑ ස්වරූපය දැකගැනීමට නම් කි‍්‍රකට් තරගයක පවතින තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් මෙන්ම ප්‍රතිවාදී පන්දු යවන්නන්ගැන නිසි වැටහීමක්ද තිබිය යුතුය. ඒ වාසනාව මේ වකවානුවේදී ජීවත්වන ලෝක වාසී කි‍්‍රකට් ලෝලීන්ට තිබෙන නමුත් තවත් වසර දෙක තුනකින් උපදින කි‍්‍රකට් ලෝලීන්ට ඇත්තේ වීඩියෝ පට පමණි.
පිතිකරුවකු වශයෙන් දස්කම් අතර උච්චතම අවස්ථාවේ සිටියදී එක්දින අන්තර්ජාතික තරග බිමෙන් සමුගෙන ගියද සංගක්කාර තව මාස කිහිපයක් ටෙස්ට් පිටියේ රැඳී සිටීමට තීරණය කර තිබේ. එහෙත් මේ වසරේ අගෝස්තු මාසයේදී ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා - ඉන්දීය ටෙස්ට් තරගාවලියේදී සංගක්කාර ටෙස්ට් පිටියෙන්ද සමුගැනීමට තීරණය කර තිබේ.
”ටෙස්ට් කි‍්‍රකට් කී්රඩවෙන් එයාගේ සමුගැනීම ගැන නම් මාත් එක්ක මේ වනතෙක් කතා කරලා නෑ. ඒත් ඉදිරියේ ටෙස්ට් තරගාවලි දෙක තුනක්ම තියෙනවා. ඒ ගැන එයාත් එක්ක කතා කරන්න ඕනෑ” යයිද සනත් ජයසූරිය පැවසීය.
ඉන්දු - ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලියට තරග තුනක් ඇතුළත් වන අතර එහි තුන්වැනි තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදීය.
ලබන බදාදා සිඞ්නි පිටියේදී පැවැත්වෙන පළමු අර්ධ අවසන් පූර්ව තරගයට පසුවත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ තරගාවලියේ තවත් දුරක් යා යුතුව තිබේ.
ඕස්ටේ්රලියානු වෙබ් අඩවියක සටහන් වූයේ දැන්ම එක්දින තරග බිමෙන් සමුගන්නට එපා යයි තමන් දණින් වැටී සංගක්කාරට ආයාචනා කළ නමුත් ඔහුගේ තීරණයට හිස නමන බව ඇන්ජලෝ මැතිව්ස් කී බවකි. එහෙත් සංගක්කාර තවත් තරග 2 ක් වැඩිපුර කී‍්‍රඩා කරනවා දකින්නට මැතිව්ස් සහ කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයෝ කැමති වෙත් නම් ලෝක කුසලානය ඔහුගේ දෝතින් තබන්නටද ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකිවනු ඇත.
විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිටම අවසන් මහ තරග දෙකක් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තුන්වැනි වතාවේදී ජයගත්තේය. ලෝක කුසලාන තරගාවලියේදීත් පිට පිටම අවසන් මහ තරග දෙකකදී (2007 සහ 20011) පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට තුන්වැනි අවස්ථාවේදීත් අවසන් මහ තරගයට පිවිසිය හැකි නම් තුන්වැනි වතාවේදී එය ජයගැනීමේ නොහැකියාවක් නොමැත.
සියල්ල සුබවාදීව අවසන් වේ නම් මේ ඉතිහාසය නිර්මාණය කෙරෙන වකවානුවකි. ඒ ඉතිහාසයේ සුන්දර මොහොත එවේලේම දැකගනු රිසියෙන් ශී‍්‍ර ලංකාවේත් විශේෂයෙන්ම බටහිර රටවල වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝත් නිදිවරා අවදියෙන් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.