Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් සංගක්කාර පාලනය කිරීමට සමත් පන්දු යවන්නකු සොයා ගැනීම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවට එන සෑම කණ්ඩායමකටම තිබෙන විශාලතම අභියෝගයයි. බංග්ලාදේශය පසෙක තිබියේවා. කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහදැනමුත්තන් මෙන්ම පරවේණි උරුමක්කාරයන් වන වන එංගලන්තයට සහ ඕස්ටේ‍්‍රලියාවටත් ඒ කාරිය බැරිනම් සෙස්සන් ගැන කවර කතාද?
වසර 40 ක ඉතිහාසයක් ඇති ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම තරග 4 කදී ශතක 4 ක් ලබාගත් ලොව පළමු පිතිකරුවා ලෙසින් වාර්තා පොතට එක්වූ කුමාර් සංගක්කාර ස්කොට්ලන්ත පිලට එරෙහිව අද (11 වැනිදා) ලබාගත් සිවුවැනි ශතකයත් සමගින් තනි ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ශතක ලබාගැනීමේ වාර්තාවත් තමන් සතුකරගත්තේ ලෝක වාර්තාවේ බර වැඩි කරමිනි.
මීට පෙර පැවැති තනි ලෝක කුසලාන තරගාවලියකදී ශතක 3 ක් ලබාගත් පිතිකරුවෝ තිදෙනෙක් සිටිති. ඕස්ටේ‍්‍රලියාවේ මාක් වෝ (1996), ඉන්දියාවේ සව්රව් ගංගුලි (2003) සහ ඕස්ටේ‍්‍රලියාවේ මැතිව් හේඞ්න් (2007) තනි ලෝක කුසලාන තරගාවලියකදී ශතක 3 ක් බැගින් ලබාගෙන ඇතත් ඒ පිට පිටම පැවැති තරග වලදී නොවේ. එහෙත් 2015 තරගාවලියේදී සංගක්කාර ලබාගත් ශතක 4 ම එක දිගට පැවැති තරග 4 කදී ලබාගත් ශතක වෙයි.
බංග්ලාදේශයට (නොදැවී 105), එංගලන්තයට (නොදැවී 117), ඕස්ටේ‍්‍රලියාවට (104) සහ ස්කොට්ලන්තයට (124) එරෙහිව සංගක්කාරගේ ලෝක කුසලාන ශතක 4 වාර්තා විය.
1971 දී ආරම්භ වූ එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේදීත් පිට පිටම ශතක 4 ක් ලබාගත් එකම පිතිකරුවා වන්නේද කුමාර් සංගක්කාරමය. මීට පෙරදී එක දිගට පැවැති එක්දින අන්තර්ජාතික තරග 3 කදී ශතක ලබාගත් පිතිකරුවෝ හය දෙනෙකි.
පකිස්තානයේ සහීර් අබ්බාස් (1982-83), පාකිස්තානයේ සයීඞ් අන්වර් (1993), දකුණු අපි‍්‍රකාවේ හර්ෂල් ගිබ්ස් (2002), දකුණු අපි‍්‍රකාවේ ඒ. බී. ඩිවිලියර්ස් (2010), දකුණු අපි‍්‍රකාවේ ක්වින්ටින් ඩි කොක් (2013) සහ නවසීලන්තයේ රොස් ටේලර් (2014) පිට පිටම පැවැති එක්දින තරග 3 කදී ශතක ලබා සිටිති.
සංගක්කාරගෙ මෙම ශතකය ඔහුගේ 25 වැනි එක්දින ශතකයද වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.