Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 13 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිලට එරෙහිව නවසීලන්තයේ උතුරු දිස්ති‍්‍රක් පිල තරග වැදීමට නියමිතය.
සුදුසුකම් ලබාගැනීමේ අදියරේදී සදර්න් එක්ස්ප‍්‍රස් පිල සහ උතුරු පළාත් පිලට අමතරව ශූරයන්ගේ ලීග් ශූරතාව දිනාගත් කණ්ඩායමක් වන ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් පිල සහ පාකිස්තානයේ ලාහෝර් ලයන්ස් පිලද තරග වදිති.
සදර්න් එක්ස්ප‍්‍රස් පිලේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ ලසිත් මාලිංග මෙම තරගාවලියේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීම නිසා සදර්න් එක්ස්ප‍්‍රස් පිලේ නායකත්වය මුබාරක්ට නායකත්වය හිමිෙවී තිබේ.
මෙම කණ්ඩායම් 4 අතුරින් පළමු ස්ථාන 2 ට පැමිණෙන කණ්ඩායම් වලට ශූරයන්ගේ ලීග් තරගාවලියේ ප‍්‍රධාන වටයට සඳහා සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත. සුදුසුකම් ලබාගැනීමේ වටයේ සියලූම තරග ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වේ.
කේප් කෝබ‍්‍රාස්, ඩොල්පින්ස් (දකුණු අපි‍්‍රකාව), චෙන්නායි සුපර් කිංග්ස්, කිංග්ස් XI පංජාබ්, කොල්කටා නයිට්රයිඩර්ස් (ඉන්දියාව), බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් (බ.ඉ. කොදෙව්), හෝර්බාට් හරිකන්ස්, පර්ත් ස්කෝචර්ස් ( ඕස්ටේ‍්‍රලියාව) යන කණ්ඩායම් 8 මේ වන විටත් තරගාවලියේ ප‍්‍රධාන වටයට සුදුසුකම් ලබා සිටිති.
සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග කාලසටහන
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.