Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී (සාග්) කේවළ ඉසව්වකදී රන් පදක්කමක් දිනා ගන්නා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට රුපියල් ලක්‍ෂ පහක මුදල් ත්‍යාගයක් රජයෙන් ලබාදීමට කටයුතු කරන බව ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කොළඹ පදනම් ආයතනයේදී අද (26) පැවැති සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීන් හමුවීමේ විශේෂ උත්සවයේදී ඇමැතිවරයා මේ බව පැවසීය.
රිදී පදක්කම දිනා ගන්නා ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට රුපියල් ලක්ෂ දෙකක මුදලක්ද ලෝකඩ පදක්කමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක මුදලක්ද පිරිනැමීමට කටයුතු කරන බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීය.
”ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමැතිතුමාගේ අශිර්වාදය මැද ක‍්‍රීඩා උළෙලේ තනි තරග ඉසව්වකට සහභාගිවී පදක්කම් දිනා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම මුදල පිරිනමන්න අප තීරණය කළා. තවත් අංශ වලින් දස්කම් දක්වන්නන්ට විශේෂ සැලැකිල්ලක් අප දක්වනවා යැයිද” ඇමැතිවරයා සදහන් කළේය.
තමන් ක‍්‍රීඩා ඇමැතිධුරය බාර ගන්නා අවස්ථාවේදී දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකාවේ සුදානම සුභවාදී තත්ත්වයක නොතිබු බවද ජයසේකර මහතාගේ අදහසයි.
”මම ක‍්‍රීඩා ඇමතිවරයා වුණ ගමන් ඇහුවේ මුලින්ම තියෙන ක‍්‍රීඩා තරගාවලිය මොකක්ද කියලා. මම ඇමැතිධුරය ගනිද්දී කිසිම සංචිතයක් හදලා තිබුණේ නැහැ. අපට තිබුණේ මාස හතරක් පහක් පමණ කාලයක් සුදානම් වීමට. අවුරුද්දක්ම තිබුණා මේවා අපට කරන්න”
”මම මුලින්ම කිව්වේ වහාම සංචිත ටික හදන්න. තෝරා ගැනීම් කරන්න. පුහුණුකරුවන් ගැන කියන්න අවශ්‍ය මුදල් ප‍්‍රමාණය කියන්න. මම ඒවාට සුදානම් උදව් කරන්නම් කියලා” යයිද ඇමතිවරයා පැවසීය.
එතැන් සිට සංචිත පිහිටුවමින් ක‍්‍රමවත් වැඩපිළිවෙලකට යොමු කිරීමට තමන්ට හැකි වු බවද හෙතෙම පැවසීය.
”එතැනින් පටන් ගත්ත වැඩපිළිවෙලින් මලල ක‍්‍රීඩා සංචිතය මුලින්ම හැදුවා. ඊට පස්සේ සංචිත ගණනාවක් ක‍්‍රමානුකූලව හැදුවා”
”මම විශ්වාස කරන විදියට මීට කලින් සංචිත ටික හදන්න පුළුවන් වුණානම් ශක්තිමත් කණ්ඩායමක් අපට යවන්න තිබුණා. ඒක අප හැමෝගෙම වැරැද්දක් විදිහට බාර ගත යුතුයි. දැන් සංචිත ටික හැදුවායින් පස්සෙ ක‍්‍රීඩා සංගම් හමුවෙලා ඔවුන්ට අවශ්‍ය සියලූම පහසුකම් දීමට කටයුතු කර ඇතැයි ද’’ ඔහු පවසයි.
කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ගේ අඩුපාඩුකම් පෞද්ගලිකවම ගොස් සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට ක‍්‍රීඩා ඇමැතිවරයා පියවර ගෙන තිබේ.
”ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් මම පෞද්ගලිකව ගිහිල්ලා අඩුපාඩුකම් පරීක්‍ෂා කළා. නේවාසිකාගාරවල ප‍්‍රශ්න තිබුණා. නිදාගන්න මෙට්ටේ ඉදලා අපි අවශ්‍ය සියලූ පහසුකම් ලබා දී තියෙනවා”
ක‍්‍රීඩා 10 ක් සදහා විදේශ පුහුණුකරුවන් ලබා දීමට කටයුතු කර ඇතැයි ද ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසීය. මේ සියල්ලන්ගේම අවසාන බලාපොරොත්තුව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් පදක්කම් දිනා ගැනීම යැයි ඔහු පැවසීය. ක‍්‍රීඩා සංගම් 17 ක ප‍්‍රශ්න තිබු බවත්, ඒවා ක‍්‍රමානුකූලව විසදගෙන ඉදිරියට ගොස් තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
”සංගමය ඇතුළේ තිබ්බ අර්බුදය නිසා හොකී ක‍්‍රීඩාවෙන් කණ්ඩායමක් නොයවන්න අපට තිබුණා. නමුත් ඒවට ක‍්‍රීඩකයන් පළි නෑ. ඒ නිසා අප තීරණය කළා හොකී කණ්ඩායම යැවිය යුතුයි කියා”
කණ්ඩායම් තෝරා ගැනීමෙත් ප‍්‍රශ්න ආවා. මම දැනුම්වත් කළෙත් තේරීම් තරග පවත්වන්නේ නැතුව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළත් කරන්න එපා කියලා. හැමෝටම සාධාරණයක් කළ යුතු යැයිද ඔහු පැවසීය.
අලූත් ක‍්‍රීඩාවක් වන ‘කො කෝ’ වැනි ක‍්‍රීඩාවන්ගෙන් පදක්කම් දිනා ගැනීමට නොහැකි වුවත්, එම ක‍්‍රීඩාවන්වල නිරතවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සාධාරණයක් කිරීමේ අරමුණින් එම අවස්ථාව දීමට කටයුතු ක‍්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළ බවද දයාසිරි ජයසේකර මහතා පැවසීය.
රන් පදක්කම් දිනාගන්නා සියලූ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 2018 ආසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් සංචිත ගතකිරීමටත්, ඔවුන්ව ඉදිරි අවුරුදු දෙක පුරා අමාත්‍යංශය යටතේ පෝෂණය කිරීමටත් ක‍්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
පෙබරවාරී මස 5 වැනිදා ඇසෑම් ප‍්‍රාන්තයේදී ආරම්භවන 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලට 700 කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවෙන් සහභාගිවීමට නියමිතය. කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විනය පිළිබදව සැලකිල්ලක් දක්වන ලෙස ක‍්‍රීඩා ඇමැතිවරයා සියලූම දෙනාගෙන් ඉල්ලා සිටියේය.
”විශේෂයෙන් විනය සහ ලංකාවේ ගෞරවය රැුක දෙන ලෙස සැමගෙන් ඉල්ලනවා”
”1991 සාග් ක‍්‍රීඩා උළෙලෙන් පසුව අපට පළමු ස්ථානය හිමි වුයේ නෑ. 2010 සිට මේ දක්වා අපට ආසියානු ක‍්‍රීඩා උළෙලක පදක්කමක් නෑ. මේ ක‍්‍රීඩා උළෙලේ දස්කම් මත 2018 වසරේ අපේ බලාපොරොත්තුව ආසියානු ක‍්‍රීඩා උළෙලක් පදක්කමක් දිනා ගැනීමයි” යයිද දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.