Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සීකුගේත් ඕස්ටේ‍්‍රලියා යවයි

සීකුගේත් ඕස්ටේ‍්‍රලියා යවයි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට අවශ්‍ය වුවහොත් එකතු කිරීම සදහා දකුණතින් පා දඟ පන්දු යවන ක‍්‍රීඩක සීකුගේ ප‍්‍රසන්න  ඕස්ටේ‍්‍රලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන පා දඟ පන්දු යවන රංගන හේරත් එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී තුවාල ලැබීම නිසා අතිරේක පන්දු යවන්නකු සූදානමින් තැබීමක් ලෙස ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

පන්දු යවමින් සිටියදී වේගවත් පහරක් රැුකගැනීමට යෑමේදී රංගන හේරත්ගේ වම් අතේ ඇඟිල්ලක් තුවාල වූ අතර එය සුවවීමට දින 10 ක පමණ කාලයක් ගතවන බව වෛදවරු කියති. මෙම තත්ත්වය හමුවේ මේ මස 8 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නිහිදී පැවැත්වීමට නියමිත තරගයට රංගන සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

සීකුගේ ප‍්‍රසන්න එක්දින තරග 22 කදී කඩුලූ 21 ක් දවාගෙන ඇති අතර වේගයෙන් ලකුණු රැස්කිරීමේ හැකියාව ද තිබේ.


අදහස් (0)

සීකුගේත් ඕස්ටේ‍්‍රලියා යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.