Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 හේරත් පාකිස්තානය කරකවයි

හේරත් පාකිස්තානය කරකවයි

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලබාගත් ලකුණු 320 ට පිළිතුරු සොයා යන පාකිස්තානුවන් අමාරුවේ දැමූ රංගන හේරත් 20 වැනි අවස්ථාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 5 ක් දවාගත් නමුත් තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) සවස ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 6 කට ලකුණු 244 ක් ලබාගැනීමට සංචාරකයෝ සමත් වූහ. තරගයේ තවත් දින තුනක කාලයක් ඉතිරිව තිබෙන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම තවමත් සිය ප‍්‍රතිවාදීන්ට වඩා ලකුණු 76 ක් ඉදිරියෙන් සිටී.


ඊයේ තේ පානයෙන් මඳ වේලාවකට පසුව රංගන හේරත් විසින් පාකිස්තානයේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනා වන මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් අපසු ක‍්‍රීඩාගාරයට යවන විට ලකුණු 140 කට කඩුලූ 5 ක් බිඳ වැටීමෙන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 180 ක් ඉදිරියෙන් විය. එහෙත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අසාඞ් ෂෆීක් (42) සහ සර්ෆාස් අහමඞ් (නොදැවී 66) පාකිස්තානු පිලේ ලකුණු සංඛ්‍යාව 233 දක්වා ඉහළ දැමූහ.


හේරත්ගේ පන්දුවකට ගැසූ ආරක්ෂිත පහරකින් පන්දුව යුනිස් ඛාන්ගේ පාවහනේ වැදී ඉහළ නැෙ`ගද්දී වහාම ඒ වෙතට පැන්න කෞෂාල් සිල්වා සිය දකුණතින් පන්දුව කඩුලූ රකින්නා වෙත තල්ලූකළේ අවස්ථාවක් ලදොත් පිතිකරුවා ස්ටම්ප් කිරීමකට හසුකරගැනීමටය. එහෙත් එය උඩපන්දුවක් බව දුටු මහේල ජයවර්ධන සහ නිරෝෂන් දැක්වැල්ල ඇතුළු ක‍්‍රීඩකයන් කළ ඉල්ලීම තුන්වැනි විනිසුරුවරයාට යොමුකිරීමෙන් පසුව යුනිස් ඛාන් දැවී ගිය බවට තීරණය විය.


වමත් දඟ පන්දු යවන්නකුගෙන් ඉතාමත් කළාතුරෙකින් දැකගත හැකි, පන්දුවක් යැවූ රංගන හේරත් පාකිස්තානු නායකයා දවාගනිමින් සිය 250 වැනි ටෙස්ට් කඩුල්ල සම්පූර්ණ කළ අතර අසාඞ් ශෂීක් දවාගැනීමත් සමගින් මේ වසරේදී ටෙස්ට් තරග 9 කදී දවාගත් කඩුලූ සංඛ්‍යාව 47 දක්වා ඉහළ දමාගත්තේය. හේරත් ටෙස්ට් ඉනිම 20 කදී කඩලූ 5 බැගින් දවාගෙන සිටින අතර ඒවායින් අවස්ථා 5 ක්ම පාකිස්තානුවන්ට එරෙහිවය.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 250 ක් දවාගත් තුන්වැනි පන්දු යවන්නා වන්නේ රංගන හේරත්ය. මුත්තයියා මුරලිදරන් (800) සහ චමින්ද වාස් (355) රංගන හේරත්ට වඩා වැඩි ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් දවාගත් සෙසු ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ වෙති.


පාකිස්තානු පිල දිවා ආහාරයෙන් හෝරාවකට පමණ පසුව කඩුල්ලක් පමණක් දැවී ලකුණු 100 පසුකර ගිය නමුත් ලකුණු 12 ක් තුළදී පිතිකරුවන් දෙදෙනකු ආපසු ක‍්‍රීඩාගාරයට යැවූ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා තේ පානය වන විට පාකිස්තානු පිලේ ලකුණු පුවරුව කඩුලූ 3 ට 126 ක් ලෙස වෙනස් කළහ. නැවතත් ලකුණු 9 ක් ඇතුළත යුනිස් ඛාන් සහ මිස්බා දැවී ගිය හෙයින් ලකුණු පුවරුව කඩුලූ 5 කට 140 ක් විය.


පළමු දිනයේදී කඩුලූ 8 කට ලකුණු 261 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිල ඉතා අසීරුවෙන් ලකුණු 300 සොයා ගිය අතර සියලූ දෙනා දැවී ලකුණු 320 ක් ලබාගත්තේය. ඒ වෙනුවෙන් ඊයේ පෙරවරුවේදී ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත වූ රංගන හේරත් (17), ධම්මික ප‍්‍රසාද් (13) සහ චානක වෙළගෙදර (නොදැවී 27) ලකුණු 57 ක් තම පිලට එක් කළහ.


ශ‍්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 320 කට සීමා කිරීමේදී වමතින් වේග පන්දු යවන ජුනයිඞ් ඛාන් ලකුණු 87 කට කඩුලූ 5 ක් දවාගත්තේය. තවමත් 24 හැවිරිදි ජුනයිඞ් ඛාන් ටෙස්ට් තරග 18 කදී කඩුලූ 5 ක් බැගින් දවාගත් ඉනිම 5 ක් සටහන් කර තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම ප‍්‍රතිවාදීන් වී ඇත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. එයින් කියැවෙන්නේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් වමත් වේග පන්දු යවන්නන් හමුවේ කෙතරම් අසරණ වනවාද යන්න මිස අනෙකක් නොවේ.

මෙම තරගයේදී ජුනයිඞ්ගේ සහාය වේග පන්දු යවන්නා වූ වහබ් රියාස්ද ලකුණු 88 කට කඩුලූ 3 ක් දවාගත් අතර ශ‍්‍රී ලංකා ඉනිමේ කඩුලූ 10 න් 8 ක්ම හිමිකරගත්තේ වමත් වේග පන්දු යවන්නන් විසිනි.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක

 

 


අදහස් (0)

හේරත් පාකිස්තානය කරකවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.