Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අමරා ඉන්දුමතී 5 වැනි තැනට එයි

අමරා ඉන්දුමතී 5 වැනි තැනට එයි

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ දී දැන් පැවැත්වෙන රියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 400 (ටී47) කාන්තා ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමරා ඉන්දුමතී පස්වැනි ස්ථානය ලැබුවාය. ඉන්දුමතී මෙම ඉසව්ව විනාඩි 1. තත්පර 01.74 ක කාලයක් වාර්තා කරමින් සිය හොදම තරග නිමි කාලය ලබා ගත්තාය.

අජිත් හෙට්ටිආරච්චි

ඉන්දුමතී, ටී 47 කාණ්ඩයෙන් මීටර 200 ඉසව්වට ද සහභාගිවීමට නියමිතය.

බ්‍රහස්පතින්දා (15 වැනිදා) පැවැති මීටර 100 (ටී 42) පිරිමි ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවේ අනිල් ජයලත් හයවැනි ස්ථානය ද,  උපුල් ඉන්දික අටවැනි ස්ථානයද  ලැබුහ. අනිල් තත්පර 12.81 කින් තරගය නිම කළ අතර උපුල් තත්පර 12.85 කට තරගය අවසන් කළේය.

මුලික වටයේ පළමු තරගය තත්පර 12.85 ක කාලයකින් තෙවැනි ස්ථානයට තරගය නිම කිරීමට අනිල් සමත්විය. උපුල් ඉන්දික මෙම ඉසව්වේ මුලික තරගය සිය හොදම කාලය ලෙස තත්පර 12.76 කට තරගය අවසන් කර සිවුවැනි ස්ථානය ලැබීය.

එංගලන්තයේ රියාර්ඩොන් සොට් තත්පර 12.26 කින් තරගය අවසන් කර රන් පදක්කම දිනාගත්තේ නව පැරලිම්පික් වර්තාවක් ද පිහිටුවමිනි.

මේ අතර මීටර 400 (ටී.44) ඉසව්වේ අවසන් තරගයේදී අජිත් හෙට්ටිආරච්චි හත්වැනි ස්ථානය ලැබීය. අජිත් තත්පර 56.50 කින් තරගය අවසන් වාර්තා කළේය.

ලොව පුරා සිටින ආබාධිත වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් උරගා බලන ක්‍රීඩා මංගල්‍යය වන පැරලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 18 වැනිදා දක්වා රියෝ ද ජෙනයිරෝ නුවරදී පැවැත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩකවෝ නව දෙනෙක් සහභාගි වී සිටිති.

එහිදී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්, ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය. දිනේෂ් දිනාගත්තේ ශ්‍රී ලංකාවේ දෙවැනි පැරලිම්පික් පදක්කමයි.

 

අනිල් ජයලත්

 

 

 

 

 

 

 

 

 

 

 

- 090


අදහස් (0)

අමරා ඉන්දුමතී 5 වැනි තැනට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.