Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වයස්ගත කී‍්‍රඩකයන් වැඩිපුරම සිටින කණ්ඩායම ලෙස සැලකෙන අයර්ලන්තය ලන්ඩනයේ වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේදී රුමේනියාවට එරෙහිව ඊයේ (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයෙන් ලකුණු 44-10 ක පහසු ජයක් අත්කරගත්තේය.
ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි තැන පසුවන අයර්ලන්තය ශ්‍රේණිගත කිරිම්වල 17 වැනි තැන සිටින රුමේනියාවට එරෙහිව ලබාගත් මෙම ජයත් සමගින් ‘ඞී‘ කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.
මෙවර තරගමාලාවේ සිය දෙවැනි ජයග‍්‍රහණයත් වාර්තා කළ අයර්ලන්ත කී‍්‍රඩකයන් වයසට වඩා තරුණ බවක් පෙන්වමින් යෞවනයන් බහුතරයකගෙන් සැදුම්ලත් රුමේනියාව අභිබවා ගියේ උත්සාහක දිනුම් 6 ක්ම තබමිනි.
වෙම්බ්ලි කී‍්‍රඩාංගණයට ඊයේ රැුස්ව සිටි 90,000 කට ආසන්න කී‍්‍රඩාලෝලීන්ගේ ජයඝෝෂා හ`ඩින් බෙහෙවින් උද්දාමයට පත්ව සිටි අයර්ලන්ත කී‍්‍රඩකයන්ට කිට්ටු වන්නටවත් තරගයේ අන්තිම මොහොත දක්වාම නොහැකිව සිටි රුමේනියාව වෙනුවෙන් 78 වැනි මිනිත්තුවේ දී ඔවිඩියු ටොනිටා තැබූ ඔවුන්ගේ පළමු හා එකම උත්සාහක දිනුමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
ඒ වනතුරු ලකුණු පුවරුවේ සටහන් වී තිබුණේ තරගයේ 10 වැනි මිනිත්තුවේ දී වැලී කලෆෙටීනූ සර්ථක කරගත් ද`ඩුවම් පහරකින් ලබාගත් ලකුණු 3 පමණි.
තරගයේ 7 වැනි මිනිත්තුවේ දී ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඉයන් මැඩිගන්ගේ සාර්ථක ද`ඩුවම් පහරින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ අයර්ලන්තයට 10 වැනි මිනිත්තුවේ දී කලෆෙටිනූගේ ද`ඩුවම් පහර තරමක චකිතයක් ගෙන දුන්නත් එය සීමාවූයේ මිනිත්තු 7 කට පමණි.
17 වැනි මිනිත්තුවේ දී සිය උත්සාහක දිනුම් පෙරහැර ආරම්භ කළ අයර්ලන්තය තරගයේ පළමු භාගය ලකුණු 18-3 කින් පෙරමුණ ගත් අතර අවසන් මිනිත්තු කිහිපය වනතුරු ප‍්‍රතිවාදීන්ට සිය සීමා මායිම වෙත ළ`ගාවීමටවත් ඉඩ තැබුවේ නැත.
ඒ කාලය තුල වින්ග් කී‍්‍රඩක ටොමී බෝවේ හා කීත් අර්ල්ස් උත්සාහක දිනුම් දෙක බැගින් බෙදාහදා ගත් අතර රොබ් කර්නිගේ සහ කි‍්‍රස් හෙන්රිගේ උත්සාහක දිනුම් ද්විත්වයෙන් අයර්ලන්තය සිය ලකුණු මල්ල තරකර ගත්තේය. අයර්ලන්තයේ උත්සාහක දිනුම් 6 න් 4 ක්ම ගෝල බවට පත්කළ මැඩිගන් සිය කණ්ඩායමට ප‍්‍රසාද ලකුණක් අත්කරගැනීමේ මාර්ගය පාදා දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.