Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අයර්ලන්තයේ අපේක්‍ෂාවට ප‍්‍රංශයෙන් අභියෝගයක්

අයර්ලන්තයේ අපේක්‍ෂාවට ප‍්‍රංශයෙන් අභියෝගයක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තයේ රග්බි කී‍්‍රඩාවේ ඉතිහාසගත ලොක් ෆෝවර්ඞ් කී‍්‍රඩක පෝල්  ඕ‘කොනල් ලෝක කුසලාන රග්බි තරගමාලාවක ගැරහීමට පාත‍්‍රවීමේ ඵලවිපාක යහමින් දනී.  සිය අවසන් ලෝක කුසලාන තරගමාලාවේ දී ඒ අවමානය අත්විඳි හෙතෙම නැවත එවැනි කටුක අත්දැකීමකට මුහුණදීමට නම් කිසිදු බලාපොරොත්තුවක් නැත.

මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ ප‍්‍රංශය, කැනඩාව, ඉතාලිය සහ රුමේනියාව සමග ‘ඞී‘ කාණ්ඩයට ඇතුළත්වී සිටින අයර්ලන්තය එම කාණ්ඩයේ පෙරමුණට පත්වනු ඇතැයි කවුරුත් කියති.

නවසීලන්ත ජාතික පුහුණුකරු ජෝ චේමිඞ් යටතේ අසාමාන්‍ය ලෙස සිය දස්කම් ඔප්නංවාගත් අයර්ලන්ත කී‍්‍රඩකයන් තම දස්කම් ඒ අයුරින්ම පවත්වා ගනිමින් පළමු වතාවට අවසන් පූර්ව වටයට එක්වනු ඇතැයි ද අනාවැකි පළවී තිබේ.

කෙසේවූවත්  ඕ‘කොනල් නම් මීට පෙර ඒ පාරේ ගිය කෙනෙකි. ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව කුඩා කැබැලිවලට කැඞී බිඳී ගියේ 2007 තරගමාලාවේදීය.  

සික්ස් නේෂන්ස් රග්බි කිරුළ තෙවරක් ජයගත් කණ්ඩායම ලෙස (එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය පරදවා) 2007 ලෝක කුසලාන තරගමාලාවට එක්වූ අයර්ලන්තය මූලික වටයෙන්ම ඉවතට විසිවූයේ කී‍්‍රඩකයන් හඳ ඉල්ලා හඩන කුඩා දරුවන් බවට පත් කරවමිනි. ඔවුන් එවර රග්බි කී‍්‍රඩාවේ කෝඩුකාරයන් වන ජෝර්ජියාව හමුවේ ඓතිහාසික පරාජයකින් බේරුණේද අනූනවයෙනි.

”2007 දී ලෝක කුසලානයේ බලාපොරොත්තු අපිට පළමු වටයේදීම ගිල දමන්නට සිදුවුණා. ඒත් අපට හිතුණේ තව දුර යන්න තිබුණා නම් කුසලානයට අතපොවා මිස නවතින එකක් නැතිවේවි කියලයි. ඒ තරමටම අපි බලාපොරොත්තු පොදිබැඳගෙනයි උන්නේ” 35 හැවිරිදි  ඕ‘කොනල් ‘අයිරිෂ් ඉන්ඩිපෙන්ඩන්ට්‘ පුවත්පතට එසේ කීවේය.

අයර්ලන්තය සික්ස් නේෂන්ස් රග්බි කිරුළ පිට පිට දෙවතාවක්ම දිනාගනු ලැබුවේ  ඕ‘කොනල්ගේ නායකත්වය යටතේය. අයර්ලන්තය එවැනි හපන්කම් කළ දෙවැනි අවස්ථාව එය විය.

කැනඩාවට එරෙහිව සෙනසුරාදා (19) පැවැත්වෙන සිය ආරම්භක තරගයෙන් දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කිරීම අයර්ලන්තයේ එකම අරමුණ වී තිබිණ. ඔව්හු කිසිදු අපහසුතාවකින් තොරව ඒ ඉලක්කය ජයගත්තේ කැනඩාවට එරෙහිව ලකුණු 50-7 ක ජයක් ලබමිනි. ‘ඞී‘ කාණ්ඩයේ පෙරමුණට පත්වීමට ඔවුන්ට ඇති එකම බාධකය වූ වත්මන් අනුශූරයන් වන ප‍්‍රංශය සමග හොඳ තරගයක් දීමයි.

එවකට පුහුණුකරු මාක් ලිව්රේමොන්ට් තනතුරෙන් ඉවත්කොට හිටපු නායක සහ ප‍්‍රහාරාත්මක වින්ග් කී‍්‍රඩක පිලිප් සේන්ට් ඇන්ඩි‍්‍ර කැඳවීමෙන් බොහෝ ප‍්‍රංශ ජාතිකයෝ අමන්දානන්දයට පත්වූහ. ලිව්රේමොන්ට්ගේ යුගය එසේ නිමාවට පත්වීම ගැන කිසිදු තැකීමක් නොකරන එරට කී‍්‍රඩාලෝලීන් මෙවර තරගමාලාවේදී ප‍්‍රංශය කුසලානය දිනාගත්තත්, නැතත් තරගමාලාවෙන් පසුව පිලිප් සේන්ට් ඇන්ඩි‍්‍ර  පුහුණුකාරීත්වයෙන් ඉවත් කිරීම ගැන කිසිදු අයුරකින් කණගාටුවකට පත්නොවනු ඇත.

කවුරු මොනව කීවත් පිලිප්ගේ පුහුණුකාර වාර්තාව එතරම් වාසිදායක එකක් නොවේ ඔහු තරග 17 ක ජයග‍්‍රහණ කරා ප‍්‍රංශය ගෙන ගියත් තරග 21 ක පරාජය නතර කරගැනීමට සමත්වූයේ නැත.

”අපි දියුණුවෙමිනුයි සිටින්නේ....අපි මෙවර ශූරතාව දිනන බවට මා උදම් අනන්නේ නැතිවුණත් අපේ සගයෝ කුසලානය දිනා ගැනීමට හොඳින් සූදානම් වන බව නම් කිව යුතුමයි.” යයි 48 හැවිරිදි ප‍්‍රංශ පුහුණුකරු කීවේය.

අනිත් පැත්තෙන් ගත්විට ඉතාලිය මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාව ආරම්භ කරන්නේම අර්බුද රැුසක් සමගිනි. ලෝක පූජිත කී‍්‍රඩකයකු වූ කණ්ඩායමේ නායක සර්ජියෝ පැරිසේ ප‍්‍රංශය සමග පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කළේ් නැත. එම තරගයේදී ප‍්‍රංශය ඉතා පහසු ජයක් අත්කරගත්තේ ලකුණු පුවරුව 32-10 ක් ලෙස සටහන් කරමිනි.

විශාලතම අර්බුදය වන්නේ ප‍්‍රංශ පුහුණුකරු ජාක්ස් බෘනල් තම කී‍්‍රඩකයන්ට කතා නොකිරීමය.

ඉතාලියේ මේ අවුල් ස්වභාවය නිසා කැනඩාවට අඩුම තරමින් එක් ජයග‍්‍රහණයක් හෝ වාර්තා කරමින් සිය ජාතියේ ගෞරවයට පාත‍්‍රවීමේ අවස්ථාව උදාවනු ඇත.

‘ඞී’ කාණ්ඩයේ සිටින සෙසු ප‍්‍රතිවාදීන් හමුවේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවලින් පරාජයට පත්වීම අවම කරගත හැකිනම් රුමේනියාවට එය හොඳටෝම ප‍්‍රමාණවත් වනු නිසැකය. ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 17 වැනි ස්ථානයේ සිටින කණ්ඩායමකට ලෝක කුසලාන තරගාවලියකදී ඊට වඩා යමක් අපේක්‍ෂා කළ නොහැකිය.


- 077


අදහස් (0)

අයර්ලන්තයේ අපේක්‍ෂාවට ප‍්‍රංශයෙන් අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.