Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අයර්ලන්තය උගුලෙන් ගැලවෙයි

අයර්ලන්තය උගුලෙන් ගැලවෙයි

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර තරගමාලාවේදී ‘සී‘ කාණ්ඩයේ පෙරමුණේ සිටින ලෝක කුසලානයේ වත්මන් ශූරයන් වන නවසීලන්තයේ   ඕල්බ්ලැක්ස්ලා අර්ධ අවසන් පූර්ව වටයේදී මග හැරීමේ අභිප‍්‍රායෙන් ‘ඞී‘ කාණ්ඩයේ මුදුනා වීමට ප‍්‍රංශය හා අයර්ලන්තය අතර පැවැති සටන කෙළවර වූයේ  ඕල්බ්ලැක්ස්ලාගේ ශක්තිය උරගා බැලීමේ අමිහිරි අත්දැකීම විඳගැනීමට ප‍්‍රංශයට ඉඩ සලස්වමිනි.


ලන්ඩනයේ කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේදී 72,000 කට අධික කී‍්‍රඩාලෝලීන් හමුවේ පැවැති මේ තීරණාත්මක තරගයෙන් අයර්ලන්තය ජය ලැබුවේ ලකුණු 24-9 කිනි.


තරගයේ ජයග‍්‍රහණයෙන් අයර්ලන්තය උද්දාමයට පත්වූවත් එය පැවැතියේ සුලූ මොහොතකට පමණි. ඊට හේතුවූයේ තරගය අතරතුර ඔවුන්ගේ ප‍්‍රබලතම තුරුම්පුව ලෙස ඉදිරියෙන් සිටින ෆ්ලයි හාෆ් කි‍්‍රඩක ජොනී සෙක්ස්ටන් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට එක්වීම අවිනිශ්චිත තත්ත්වයක පැවැතීමය. ඔහුට එවැනි ඉරණමකට ගොදුරුවීමට සිදුවූයේ තරගය අතරතුර ප‍්‍රංශයේ ලූයිස් පිකමෝල්ස්ගේ දරුණු ප‍්‍රහාරයකින් ඉල ඇට තලා ගැනීම නිසාය.


එය වඩාත් බරපතල තත්ත්වයක් බවට පත්වූයේ නායක පෝල්  ඕ‘කෝනල් ද වැඩිවේලා නොගොසින් ඉතා දරුණු පාදයේ ආබාධයකට ලක්ව තුවාල කරුවන්ගේ ගොඩට වැටීම නිසාය. අයර්ලන්තයේ ආබාධිතයන්ගේ කඳවුරේ කී‍්‍රඩකයන්ගේ අඩුව පුරවාලමින් ෂෝන්  ඕ‘බි‍්‍රයන් සහ පීටර්  ඕ‘ මහෝනි ද ආබාධවලට ලක්වීමෙන් අයර්ලන්තයට කණකොකා හ`ඩන්නට පටන්ගෙන තිබේ.


අවසන් කණ්ඩායම් 4 ට එක්වීමේ බලවත් ආසාවෙන් ලබන ඉරිදා (18) ආජන්ටිනාව සමග අර්ධ අවසන් පූර්ව වටයේ තරග කිරීමට බලා සිටින අයර්ලන්තය මේ ආබාධ හේතුවෙන් දරුණු පසුබෑමකට ලක්වී සිටින බැව් විචාරකයෝ කියති.


ෂෝන්  ඕ‘බ‍්‍රන්ගේ තත්ත්වය කෙසේවෙතත් සෙක්ස්ටන්ගේ සහ  ඕ‘මහෝනිගේ තත්ත්වය ගැන හරියටම කිව හැක්කේ ඔවුන් ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසුව බැව් පුහුණුකරු ෂිමිඞ් කනස්සල්ලෙන් යුතුව කීවේය.


අයර්ලන්තයේ අතිරේක කී‍්‍රඩකයන් කාර්යබහුල කළ ඊයේ තරගයේ දී කෙතරම් දරුණු ප‍්‍රහාරයක් එල්ල කළත් ප‍්‍රංශයට ජයගත නොහැකි තරමට අයර්ලන්තය ශක්තිමත්ව කී‍්‍රඩා කිරීම එක් අතකින් විමතියට කරුණකි. ද`ඩුවම් පහර 3 කින් ලැබූ ලකුණු 9 හැරුණු විට ප‍්‍රංශයට ඒ හැටි දෙයක් කිරීමට අයර්ලන්ත කී‍්‍රඩකයන් ඉඩ තැබුවේ නැත.


තරගයේ පළමු භාගයේ ලකුණු 9-6 කින් පෙරමුණ ගත් අයර්ලන්තයේ තුවාල කරුවන් වැඩි වෙන්නට වැඩි වෙන්නට ඔවුන්ගේ ජව සම්පන්න කී‍්‍රඩා රටාවත් ඉහළ නංවාගත්තේ අතිරේක කී‍්‍රඩකයන්ගේ පිහිටෙනි. සෙක්ස්ටන් පිටියෙන් ඉවත්වනවිට ද`ඩුවම් පහර 2 ක් ලබා සිටි අතර ඊළ`ගට ඔහුගේ තැන ගත් අතිරේක කී‍්‍රඩක ඉයන් මැඩිගන් ද`ඩුවම් පහර 2ක හිමිකාරයා බවට පත්විය.

 


අදහස් (0)

අයර්ලන්තය උගුලෙන් ගැලවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.