Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ආජන්ටිනාව පැමිණීමෙන් අලුත් ඉතිහාසයක්

ආජන්ටිනාව පැමිණීමෙන් අලුත් ඉතිහාසයක්

ශනුක අරවින්ද - 2014 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බෙල්ජියමට එරෙහිව බ්‍රසීල ජාතික ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී වේලාසනින්ම ගෝලයක් වාර්තා කළ ගොන්සාලෝ හිගුවේන් 1-0ක ජයක් සමග වසර 24 කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගමාලාවක අවසන් පූර්ව වටයට පිවිසීමේ භාග්‍යය ආජන්ටිනාවට අත්කර දුන්නේය.

හිගුවේන්ගේ ගෝලය වාර්තා වූයේ තරගයේ 8 වැනි මිනිත්තුවේ දීය. ඒන්ජල් ඩි මරියාගේ අනර්ඝ පන්දු යොමු කිරීමක් ඉතා සාර්ථකව ගෝලයක් බවට පත්කරමින් ආජන්ටිනාවේ බලාපොරොත්තු තවත් ඉහළ දැමීමට හිගුවේන් සමත්විය. ආජන්ටිනාව අවසන්වරට ලෝක කුසලාන පාපන්දු තරගමාලාවක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ 1990 තරගමාලාවේදීය. එවර තරගමාලාවේ අනුශුරතාව ඔවුන්ට හිමිවිය.

තරගයේ ඉතිරි මිනිත්තු 82 ම ගෙවී ගියේ ගෝල රහිතවය. ඒ කාලය තුල දෙපිලේම ක්‍රීඩකයන් අතර පන්දුව සමබරව හුවමාරු වීමක් දක්නට ලැබිණි.

33 වැනි මිනිත්තුවේ දී ප්‍රබල ක්‍රීඩක ඒන්ජල් ඩි මරියා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමෙන් ආජන්ටිනා කණ්ඩායම තරමක දෙගිඩියාවකට පත්විය. එහෙත් කල්පනාකාරීව පන්දුව හසුරුවමින් ප්‍රතිවාදීන්ට තරගය පුරා දැඩි අභියෝගයක් එල්ල කිරීමට ඔවූහූ සමත්වූහ.

ඒ අනුව මීට පෙර එක දිගටම ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඉවතට විසිවීමේ ආජන්ටිනාවේ නරක වාර්තාවට තිත තැබිණි. බෙල්ජියමේ ක්‍රීඩකයන් ආජන්ටිනාවේ සුපිරි ප්‍රහාරක ලයනල් මෙසී කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ද තරගය පුරා සෙසු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාව ඉහළින් කැපී පෙනුණි. කෙසේවෙතත් සිය 91වැනි ජාත්‍යන්තර තරගයට සහභාගි වෙමින් ඩියාගෝ මැරඩෝනාගේ වාර්තාව සම කළ මෙසී තරගය පුරා මනරම් පහරවල් ප්‍රදර්ශනය කරමින් බෙල්ජියමේ දැල රකින්නා අන්ද මන්ද කළ අවස්ථාව ද නැත්තේ නොවේ.

ආජන්ටිනාව හා බ්‍රසිලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ ලෝක කුසලාන පාපන්දු තරගමාලා ඉතිහාසයේ පළමුවරටය. මීට පෙර කිසිදිනෙක මේ කණ්ඩායම් දෙක අවසන් පුර්ව වටයට එකවර සුදුසුකම් ලබා නොතිබිණි.

 

 

 


අදහස් (1)

ආජන්ටිනාව පැමිණීමෙන් අලුත් ඉතිහාසයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.