Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”සෙමි ෆයිනල් (අවසන් පූර්ව වටයට) එන්නකෝ....මම ආපහු එනවා චියර් කරන්න....”
රග්බි ලෝක කුසලාන තරගමාලාවේ ලිස්ටර් හී පැවැති තරගයේ දී ටොංගා පිල ලකුණු 45-16 කින් පරදවා අවසන් පූර්ව වටයට එක්වූ ආජන්ටිනාවේ පූමාස්ලාට තරගයෙන් පසුව ඔවුන්ගේ අසහාය පාපන්දු වීරයා වූ ඩියාගෝ මැරඩෝනා පොරොන්දු විය.
තරගය පුරා ආජන්ටිනාවේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජයඝෝෂා නැගූ 54 හැවිරිදි මේ විශිෂ්ඨ පාපන්දු ශූරයා ජයග‍්‍රහණයෙන් පසුව සිය කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයට ගිය අතර එහි ධි රග්බි කී‍්‍රඩකයන් වටකරගෙන පී‍්‍රතිය සැමරුවේ අපූරු නර්තනයක යෙදෙමිනි.
”අපි සෙමි ෆයිනල් ආවොත් ඔහු නැවත පිටියට එන බවට අපිට පොරොන්දු වුණා”
සිනහමුසු මුහුණින් යුතුව පූමාස්ලාගේ නායක ඔගස්ටින් කී‍්‍රවි කීවේය.
”ජයග‍්‍රහණය සිහිවීමට ඔහු අපේ අංක 9 සහ 10 ජර්සි දෙකක් අරගෙන ඔහුගේ ජර්සියක් අපිට දුන්නා”
”මුලූ ආජන්ටිනාවම අපේ ජයග‍්‍රහණය පසුපස සිටින බවත්, ඔහු එදා තරගය නැරැඹීමට පැමිණියේ ඔවුන් වෙනුවෙන් බවත් අපිට කියා සිටියා....ඔහු එදා පැමිණියේ අපිට තෑගි ගොඩාක් අරගෙනයි. ඒ හැම එකකටම වඩා අපිව වටකරගෙන එයා කළ අපූරු කතාව අපිට ඊළග තරගයට විශාල දිරිගැන්වීමක් කියලයි කොල්ලෝ ටික කියන්නේ.”
”මම නම් කවදාවත් හිතුවේ නෑ ඔහු අපිව බලන්න ඒවි කියලා. ඔහු තමයි කවදත් අපේ පාපන්දු වීරයා වුණේ.... ඒක හරි පුදුම හිතෙන හමුවීමක්” යයි කී‍්‍රවි සිටියේ ඉමහත් සතුටකිනි.
මැරඩෝනා මුලූ මහත් පාපන්දු ලෝකයම උඩුයටිකුරු කළේ අංක 10 බැනියම ඇගලා ගෙනය.
මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ දී ආජන්ටිනා පිලේ කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්ව සිටින ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නිකොලොස් සැන්චේස් හැඳ සිටින්නේ ද අංක 10 ජර්සියයි.
සිය පෙම්වතිය වන රෝසියෝ ඔලිවියා සමග එදා ලිස්ටර් පිටියට පැමිණි මැරඩෝනා තරගයෙන් පසුව තවත් හෝරා කිහිපයක් කණ්ඩායම සමග ගත කළේය. තරගය ආරම්භවීමට පෙර රග්බි කී‍්‍රඩකයන් හා එක්ව ආජන්ටිනා ජාතික ගීය ගැයීමට මැරඩෝනාද එක්වූ අතර පූමාස්ලා ලකුණක් වාර්තා කළ සෑම මොහොතකම පිටිය සිසාරා ඇසෙන්නට වූයේ මැරඩෝනාගේ සුපුරුදු කෑ කෝ ගැසීමයි.
”අපිට වේලාසනින්ම මැච් එක දිනන්න තිබුණා” එසේ විහිලූවක් කරමින් පූමාස්ලා ඉදිරියේ සිය කතාව ආරම්භ කළ මැරඩෝනා අනතුරුව මෙසේ කියා කීවේය.
”අපේ දුප්පත් රටේ මිනිස්සුන්ව ඔයාලා සතුටු කළා. මම ආවේ එයාලගේ ආශිර්වාදයත් අරගෙනයි”
වසර 1986 දී සිය කරමතින් ආජන්ටිනාව ලෝක පාපන්දු කිරුළ දක්වා රැගෙන ගිය මේ ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයා කියන හැම වදනක්ම පූමාස්ලාගේ හදවත් සතුටින් පුරවා දැමූ බව කණ්ඩායමේ සගයකු වන ෆර්නැන්ඩස් ලොබේ කීවේය.
”හැමෝම කියන්නේ ආජන්ටිනාව පාපන්දුවට උපන් හපන්කම් ඇති රටක් කියලයි. ඒක රග්බි පන්දුවටත් එහෙමයි කියලා ඔයාලා අද ඔප්පු කළා.” යයි කියූ මැරඩෝනා පුමාස්ලාගේ කාමරය එරට සුප‍්‍රකට ගායක රොඩි‍්‍රගෝගේ ‘ලා මනෝ ඩි ඩියොස් (දෙවියන්ගේ දෑත්) ගීතයෙන් පුරවා දැමුවේය. රග්බි පන්දුවට පා පහර කිහිපයක් ගැසීමටද ඔහු අමතක කළේ නැත.
දැන් පූමාස්ලාගේ එකම අදිටන වී ඇත්තේ මෙවර රග්බි තරගමාලාවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමයි. එදාට ඔවුන්ට නැවතත් ඔවුන්ගේ ආදරය දිනූ මේ ශ්‍රේෂ්ඨ පාපන්දු කී‍්‍රඩකයා හා එක්ව නර්තනයේ යෙදෙන්නට හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.