Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ආර්ජන්ටිනාව අමාරුවේ වැටෙයි

ආර්ජන්ටිනාව අමාරුවේ වැටෙයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක පාපන්දු අනුශුරයන් වුවද ලබන වසරේදී රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් තේරීමේ තරග වල නිරතව සිටින ආර්ජන්ටිනා කණ්ඩායම මෙතෙක් ලබාගත් ජයග්‍රහණ ප්‍රමාණවත් නොවීම නිසා විශාල අමාරුවක වැටී සිටී.

වෙනිසුවේලා කණ්ඩායමට එරෙහිව පසුගියදා අර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස්හිදී පැවැති සුදුසුකම් තේරීමේ තරගය ඉතා අසීරුවෙන් ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ආර්ජන්ටිනාව සමත් වූ නමුත් තරගයෙන් පසු ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී හඬා වැළපුණේය. ලයනල් මෙසී යනු මේ වන විට ලොව සිටින විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙසද සැලකේ.

වෙනිසුවේලා පිලට එරෙහි තරගයේදී වෙනිසුවේලා පිලේ ආරක්‍ෂක ක්‍රීඩක රොල්ෆ් ෆිචර්ට සිදුවූ වැරදීමකින් තමන්ගේම දැළ තුළට පන්දුව යෑම හේතුවෙන් තරගය 1-1 ක් ලෙසින් අවසන් විය. එසේ නොවුණා නම් තරගය ආරම්භයේදීම පෙරමුණ ගෙන සිටි වෙනිසුවේලා පිල හමුවේ ආර්ජන්ටිනාවට අත්වන්නට තිබුණේ 1-0 ක පරාජයකි. වෙනිසුවේලා පිල වෙනුවෙන් ජෝන් මුරිලෝ ගෝලය ලබාගත්තේය.
 
දෙවතාවක්ම (1978 දී සහ 1986 දී) ලෝක පාපන්දු කුසලාන දිනා ඇති ආර්ජන්ටිනාව ලෝක කුෂලාන අවසන් මහ තරග 5 කට ක්‍රීඩා කර තුන් වතාවක් අනුශුරයන් වී තිබේ. පාපන්දු ලෝක කුෂලාන තරගාවලිය අවසන් වරට පැවැති 2014 වසරේදීත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ආර්ජන්ටිනා කණ්ඩායම ජර්මනිය හමුවේ පරාජය වීමෙන් අනුශූරයන් බවට පත්විය.

මෙම ප්‍රතිඵලයත් සමගින් දකුණු ඇමරිකානු කලාපයේ රටවල් අතුරින් ආර්ජන්ටිනාවට හිමිවී ඇත්තේ පස්වැනි ස්ථානයයි. මූලික වටයේ තවත් තරග දෙකක් ඉතිරිව ඇතත් මේ දක්වා තරග 16 කට ක්‍රීඩා කළ ආර්ජන්ටිනා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 6 ක් පමණි. තරග 4 ක් පරාජය වී ඉතිරි තරග 6 ම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. වඩාත්ම බරපතළ තත්ත්වය වී ඇත්තේ මෙම තරග 16 දී ආර්ජන්ටිනා පිලට එරෙහිව ගෝල 15 ක් ලබාගැනීමට ප්‍රතිවාදීන් සමත් වී ඇතත් ආර්ජන්ටිනා පිල ලබා ඇත්තේ ගෝල 16 ක් පමණක් වීමයි.

දකුණු ඇමරිකානු කලාපයේ මූලික වටයේදී ඉහළින්ම සිටින කණ්ඩායම් හතර 2018 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්නා අතර පස්වැනි ස්ථානයට පැමිණෙන කණ්ඩායම නවසීලන්තයට එරෙහිව තරග දෙකකට සහභාගි වී තමන්ගේ ස්ථානය ලබාගත යුතුය. ආර්ජන්ටිනා කණ්ඩායමේ කීර්ති නාමය දෙස බැලීමේදී මෙම තරග ජයගැනීම අපහසු නොවන බව පෙනුනත් දකුණු ඇමරිකානු කලාපීය තරගාවලියේ ඉතිරි තරග දෙකේදී ( පීරු සහ ඉක්වදෝර් කණ්ඩායම් වලට එරෙහිව) හැකි තරම් තමන්ගේ ගෝල ගොඩ වැඩිකරගැනීමට ආර්ජන්ටිනාව සූදානම් වෙයි.

නායක ලයනල් මෙසී හැරුණු විට මවුරෝ ඉකාරඩි සහ පාවුලෝ ඩිබාලා යන ලෝ පරසිඳු ක්‍රීඩකයෝත් ආර්ජන්ටිනා පිල වෙනුවෙන් ක්‍රීඩා කරති.
    

 


අදහස් (0)

ආර්ජන්ටිනාව අමාරුවේ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.