Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බලාපොරොත්තු නොවූ පරිදි කැනඩාවේ සටන්කාමීත්වයෙන් අන්දමන්දවී, පළමු මිනිත්තු 15 නිමාවෙද්දී ලකුණු 10-0 කින් පසුබා සිටි ඉතාලිය මයිකල් රිසෝගේ අනගි උත්සාහක දිනුමෙන් නැවත තරගයට අවතීර්ණ විය. වරින් වර හිස මත කඩා වැටුණු කැනඩාවේ විස්මිත කී‍්‍රඩා රටාවේ පීඩනය අසීරුවෙන් මැඩ පවත්වාගත් පළපුරුදු ඉතාලි කී‍්‍රඩකයන්ට ඊයේ ලීඞ්ස් හී ඉලැන් රෝඞ් කී‍්‍රඩාංගණයේදී පැවති ලෝක කුසලාන තරගයේදී කැනඩාව පරදවා ලකුණු 23-18 ක ජයක් අත්පත් කරගැනීමට සෑහෙන සටනක් දිමට සිදුවිය.
ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් 15 වැනි සහ 18 වැනි ස්ථානවල පසුවන ඉතාලිය සහ කැනඩාව අතර 33,000කට අධික කී‍්‍රඩාලෝලීන් පිරිසකගේ මැද පැවැති මේ තරගය මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ කෝඩුකාරයන්ගේ සටනක් ලෙස හැඳින්වූවත් ඉතාලිය තරමක් ඉදිරියෙන් සිටි බව රහසක් නොවීය.
ආරම්භයේ සිටම කී‍්‍රඩාලෝලීන්ගේ කුතුහලය බිඳකුදු අඩු නොකළ මේ දෙපිල එකිනෙකට ආවේනික කී‍්‍රඩා රටාවක නිරතවෙමින් ඔවුනොවුන්ගේ දස්කම් උරගා බැලීම කැපී පෙනුණි.
තරගය ආරම්භයේ දී කාගෙත් සිත් ඇදගත් ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නේදන් හිරයාමා 13 වැනි මිනිත්තුවේ දී ද`ඩුවම් පහරක් සාර්ථක කරගත් අතර ඊළ`ග මිනිත්තුවේදී වින්ග් කී‍්‍රඩක වැන් ඩර් මර්වි තැබූ විශිෂ්ඨ උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කරමින් කැනඩාවේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දැමුවේ ඉතාලි කී‍්‍රඩකයන්ගේ සැලසුම් එහෙම පිටින්ම අවුල් කර දමමිනි.
කෙසේ වෙතත් 16 වැනි මිනිත්තුවේ දී ඉතාලියේ ගෞරවය රැුකගත් මයිකල් රිසෝ සිය පිලේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් සගයන්ට තරමක සැනසීමක් ගෙන දීමට සමත්විය. එය ගෝලයක් බවට පත්කළ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ටොමාසෝ ඇලන් පළමු භාගය නිමාවීමට පෙර ද`ඩුවම් පහර 2 ක් සාර්ථක කරගනිමින් ලකුණු 13-10 කින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය.
දෙවැනි භාගයේ දී කැනඩාවේ ෆුල් බෑක් කී‍්‍රඩක මැට් ඉවන්ස් ලැබූ උත්සාහක දිනුමෙන් ලකුණු 15-13 කින් නැවත පෙරමුණ ගැනීමට කැනඩාව සමත්වීම විශේෂ සිදුවීමක් විය. එහෙත් ඉන් අනතුරුව ලෝක කුසලාන තරගමාලාව වැනි ප‍්‍රධාන මට්ටමේ තරගවල අඩු අත්දැකීම් ඇති සිය ප‍්‍රතිවාදීන් ඇද බැඳ තබාගත් ඉතාලී කී‍්‍රඩකයන්ට සෙන්ටර් කී‍්‍රඩක ගොන්සාලෝ ගාසියාගේ ගෙනදුන් උත්සාහක දිනුම ඇලන් විසින් ගෝලයක් බවට පත්කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ නැංවීමට හැකිවිය. ඊළ`ග මිනිත්තු 22 ක කාලය ඇදී ගියේ දෙපිලටම ලකුණු අහේනියක් උදා කරදෙමිනි.
සිතාගත නොහැකි ආකාරයේ තරග රටාවක නිරතවූ කැනඩාවේ කී‍්‍රඩකයන්ට වැඩි අභියෝගයක් එල්ල කරන්නට ගිය ඉතාලි කී‍්‍රඩකයන්ට තරගය නිමාවීමට මිනිත්තු 9 ක් ඉතිරිව තිබියදී ඔවුන්ගේ තවත් ද`ඩුවම් පහරක රස බැලීමට සිදුවිය.
ඉන් ඉතාලියේ ලකුණු සංඛ්‍යාවට වැඩි බලපෑමක් නොවුවත් ලකුණු පරතරය 20-18 ක් ලෙස අඩුවීමෙන් තත්ත්වය තරමක් උණුසුම් ස්වභාවයක් ගත්තේය. මේ බලාපොරොත්තු විරහිත ප‍්‍රහාරයෙන් කලබල වූ ඉතාලි කී‍්‍රඩකයන් ඊළ`ග මිනිත්තු නවයම කී‍්‍රඩා කළේ වැඩි පරිස්සමිනි.
කෙසේ හෝ තරගයේ අවසන් මිනිත්තුවේදි සිය සගයන්ගේ පීඩනය තුරන් කළ ඇලන් සිය තුන්වැනි ද`ඩුවම් පහර සාර්ථක කරගනිමින් ලකුණු සංඛ්‍යාව 23 -18 ක් දක්වා ඉහළ දැමුවත් කැනඩාවේ භීතියෙන් ඇලලී ගිය ඉතාලියට සැනසුම් සුසුමක් හෙලීමට හැකිවූයේ තරග තීරකගේ අවසන් නලා හ`ඩින් පසුවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.