Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති තීරණාත්මක තරගයෙන් ඉතාලිය පරාජය කළ අයර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. දෙපිලම වැඩි පරිස්සමින් යුතුව කී‍්‍රඩා කළ මේ තරගයෙන් අයර්ලන්ත ජයගත්තේ ලකුණු 16-9 කිනි.
මේ ජයග‍්‍රහණයත් සමග ‘ඞී‘ කාණ්ඩයේ පෙරමුණ ගත් අයර්ලන්තයට පිලිමළුන් පිටුදකින අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී නවසීලන්තයේ ඕල් බ්ලැක්ස්ලා මග හැර ආජන්ටිනාවේ පූමාස්ලා සමග තරග කිරීමට නම් ලබන ඉරිදා (11) පැවැත්වෙන තරගයේදී ප‍්‍රංශය පරදවා තව දුරටත් පෙරමුණ රැකගැනීමට සිදුවනු ඇත. ප‍්‍රංශයේ එකම බලාපොරොත්තුව වී ඇත්තේද නවසීලන්තය මග හැරීම වන බැවින් ඉරිදා පැවැත්වෙන තරගය දෙපිලටම එක ලෙස වැදගත්ය.
අයර්ලන්තයේ බලාපොරොත්තු ඉටුවූවත් ඊයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 53,000 කට අධික කී‍්‍රඩාලෝලීන්ට නම් ඊයේ තරගය ඇල්මැරුණු එකක් වූයේ තරගය පුරාම දෙපිලේ කී‍්‍රඩකයන්ගෙන්ම වාර්තාවූයේ එකම එක උත්සාහක දිනුමක් පමණක් වූ බැවිනි.
එය වාර්තාවූයේ ද තරගයේ 18 වැනි මිනිත්තුවේදීය. අනතුරුව තරගය නිමාවනතෙක්ම දෙපිලම රැස් කළේ දඩුවම් පහර 4 ක් පමණි.
ඉතාලිය ලැබූ දඩුවම් පහර තුනටම හිමිකම් කීවේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ටොමාසෝ ඇලන්ය. අයර්ලන්තය ලබාගත් දඩුවම් පහර තුනම වාර්තාවූයේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ජොනී සෙක්ස්ටන්ගේ පාදයෙනි. ඊට අමතරව ඔහු සෙන්ටර් කී‍්‍රඩක කීත් අර්ල්ස් විසින් තබන ලද උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත්කිරීමට ජොනී සෙක්ස්ටන් සමත් විය.
තරගයේ වාර්තාවූ එකම උත්සාහක දිනුමට හිමිකම් කී අයර්ලන්තයේ සෙන්ටර් කී‍්‍රඩක කීත් අර්ල්ස් වාර්තාපොතට ගියේ ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබූ කී‍්‍රඩකයා බවට පත්වීමෙනි. එය ඔහු විසින් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ තැබූ 8 වැනි උත්සාහක දිනුම විය. මේ 28 හැවිරිදි කී‍්‍රඩකයා අභිබවා ගියේ බ‍්‍රයන් ඕ‘ඩි‍්‍රස්කොල්ගේ උත්සාහක දිනුම් හතේ වාර්තාවයි.
තරගයේ ජයග‍්‍රහණය බලාපොරොත්තුවෙන්ම අයර්ලන්ත පුහුණුකරු ජෝ ෂ්මිඞ් කණ්ඩායමේ වෙනස්කම් 11 ක්ම කළත් සිතූ තරම් අභියෝගයක් නම් ඔවුන්ට ඉතාලියෙන් එල්ල වූයේ නැත.
තරගයේ 8 වැනි මිනිත්තුවේදී සෙක්ස්ටන් ගැසූ දඩුවම් පහරින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අයර්ලන්තයට පිළිතුරු වශයෙන් නිවැරැුදි ඉලක්කයට ඇලන්ගේ වැදුණු දඩුවම් පහරින් 3-3 ක් ලෙස ලකුණු තත්ත්වය සම විය.
එයින් විනාඩි 10 කට පසුව අර්ල්ස්ගේ උත්සාහක දිනුම සෙක්ස්ටන් ගෝලයක් බවට පත් කිරීමෙන් පසු ලකුණු 10-3 කින් පෙරමුණ ගැනීමට අයර්ලන්තයට හැකිවිය.
ඊට මිනිත්තු 4 කට පසුව ඉතාලියට නැවතත් ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට ඇලන් සමත්වූවත් පළමු භාගය ලකුණු 10-6 කින් නිමාවට පත්වූයේ අයර්ලන්තය පෙරමුණට තබමිනි.
දැඩි ආක‍්‍රමණශීලී තරග රටාවක නිරතවූ අයර්ලන්තය හමුවේ ලකුණු අහේනියකින් පෙළෙන්නට වූ ඉතාලියට සිය ප‍්‍රතිවාදින් වෙත කිට්ටුවිමට ලැබුණු එකම අවස්ථාව උදාවූයේ තරගයේ 51 වැනි මිනිත්තුවේ දීය. එය උදාවූයේ අයර්ලන්තයේ පීටර් ඕ‘මහෝනිගේ බරපතල කකුල් මාට්ටුවකට සිමෝන් ෆවාරෝ හසුවීමෙනි.
එම දඩුවම් පහර සාර්ථක කරගත් ඇලන් දෙපිල අතර ලකුණු පරතරය 10-9 කින් අඩු කළද 57 වැනි මිනිත්තුවේ දී සහ 61 වැනි මිනිත්තුවේ දී ද`ඩුවම් පහර දෙකක් සාර්ථක කරගත් සෙක්ස්ටන් ලකුණු පරතරය යළි වැඩිකොට අයර්ලන්තය ලකුණු 16-9 කින් ඉහළට ඔසවා තැබුවේය.
ඊළග මිනිත්තු 19ම ගෙවී ගියේ දෙපිලටම ලකුණු ලබාගැනීමට කිිසිදු ඉඩක් නොදෙමිනි. ඒ කාලය අතරතුර දෙපිලටම සිදුවූයේ පන්දුව සමග දෙපසට දෝලනය වෙමින් කී‍්‍රඩාලෝලීන්ගේ කුතුහලය ඇතිවී නැතිවී යන කී‍්‍රඩා විලාශයක නිරතවීමටය.
ඒ අතරින් වැඩිම පීඩනයට හසුවී සිටි ඉතාලිය උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ ප‍්‍රතිඵලය කණපිට හැරවීමට නොගත් උත්සාහයක් නැති තරම්ය. 71 වැනි මිනිත්තුවේ දී ඉතාලියේ අතිරේක කී‍්‍රඩක කාර්ලෝ කැනා අඩි ගණනාවක් ඈතට තල්ලූ වන ආකාරයෙන් නීතිවිරෝධි ලෙෂ උරහිසින පහරක් ගැසූ අයර්ලන්තයේ ඕ‘මහෝනිට කහ කාඞ් පතේ දඩුවමකින් පිටියෙන් ඉවත්වීමට සිදුවීම හැරුණුවිට ඒ මිනිත්තු කිහිපයේ දී වෙනත් දෙයක් නම් දක්නට ලැබුණේ නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.