Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඉසිපතන විදුහල අවසන් මහ තරගයට

ඉසිපතන විදුහල අවසන් මහ තරගයට

Dilrukshi - 2015 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ අද (05) සමත් වූහ.


කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පස්වරුවේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉසිපතන විදුහල් පිල ලකුණු 37-28 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල් පිල පරාජය කිරීමට සමත් විය.


ඉසිපතන විදුහල් පිල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබූ අතර ත‍්‍රිත්ව විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු රැුස් කළේය.


චතුර ඩිල්ෂාන්, අසිත පුංචිහේවා, කුෂාන් සිල්වා, ඩිලාන් ගාල්ලගේ සහ රෙහාන් සිල්වා ඉසිපතන විදුහලට උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ. ඉසුරු කෝන්ගහවත්ත ගෝල ප‍්‍රවර්ථන සහ සහ දඩුවම් පහර දෙක බැගින් සාර්ථක කළ අතර චතුර ඩිල්ෂාන් ගෝල වර්ථනයක් සාර්ථක කළේය.


ත‍්‍රිත්ව විදුහලට ඉසුරු රංගල, ආර්. වීරකෝන් සහ එස්. අබේවික‍්‍රම උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. එස්. අබේවික‍්‍රම ගෝල ප‍්‍රවර්ථනයක් සහ දඩුවම් පහර 3 ක් ද, එස්. දිසානායක ගෝල ප‍්‍රවර්ථනයක් ද, සාර්ථක කළහ.

 
 ඉසිපතන විදුහල් පිල තරගය ආරම්භයේ සිටම පෙරමුණේ පසු වූ අතර පළමු අර්ධය අවසන් වන විට ලකුණු 27-14 ක් ලෙස පෙරමුණේ පසුවිය.


කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (06) හැව්ලොක්ස් පිටියේදී පැවැත්වේ.


අවසන් මහ තරගය මේ මස 12 වැනිදා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ඉසිපතන විදුහල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.