Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්

ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉසිපතන විද්‍යාලය සහ මහනාම විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරගයේදී මුල් ඉනිමේ ජයක් ලබාගැනීමට ඉසිපතන විදුහල සමත් විය. මෙම තරගය ඊයේ (8 වැනිදා) බී.ආර්.සී ක‍්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරව අවසන්විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් මහනාම විද්‍යාලය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 213 ක් රැස්කර ගත්තේය. අර්ධ ශතකයක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීමට සෙනුර වෙළගෙදර සමත්වු අතර ටෝරී තාබෲ ලකුණු 30 කට කඩුලූ 4 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ඉසිපතන විද්‍යාලය ලකුණු 218 කට සියලූ දෙනා දැවී ගිය අතර පළමු ඉනිම ජයගැනීමට එය ප‍්‍රමාණවත් විය. තුන් ඉරියව් ක‍්‍රීඩක සාලින්ද උෂාන් (55) සහ සචින් ජයසූරිය (63) අර්ධ ශතකයක් ලබාගනිමින් තම පිළ මුල් ඉනිමේ ජයක් කරා ගෙන යෑමට ඔවුන් සමත් වූහ.

දුලාංජන සෙනෙවිරත්න ලකුණු 45 කට කඩුලූ 8 ක් දවා ගනිමින් මහනාමය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වුද එය තම පිළේ ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් නොවීය.

මහනාම විද්‍යාලය දෙවනි ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 103 ක් රැස්කරගෙන සිටියහ.

මහනාම විදුහල පළමු ඉනිම  ඕවර 88.3 කදී සියලූ දෙනා දැවී 213
(සෙනුර වෙළගෙදර 59, නයන ප‍්‍රභාත් 44, සුබුද්ධි කෞෂල්‍ය 33, ටොරී තබෘව් 30/4, සාලින්ද උෂාන් 21/2, චමීර දිසානායක 67/2)

ඉසිපතන විදුහල පළමු ඉනිම  ඕවර 70.3 කදී සියලූ දෙනා දැවී 218
(සචින් ජයසූරිය 63, සාලින්ද උෂාන් 55, ප‍්‍රමෝද් මදුවන්ත 30, කමින්ද පෙරේරා 22, දුලාංජන සෙනෙවිරත්න 45/8)

මහනාම විදුහල දෙවන ඉනිම  ඕවර 28 කදී කිසිවකු නොදැවී 103
(සහන් පීරීස් නොදැවී 50, තනුල සදේශ් නොදැවී 39)


අදහස් (0)

ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.