Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 උත්සාහක දිනුම් පෙරහැරකින් පසු එංගලන්තය සමුගනී

උත්සාහක දිනුම් පෙරහැරකින් පසු එංගලන්තය සමුගනී

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ මූලික වටයෙන්ම ඉවතට විසිවූ පළමු සත්කාරක රට බවට පත්වීමේ වේදනාත්මක වාර්තාවත් කරපින්නාගෙන ඊයේ (10 වැනිදා) මැන්චෙස්ටර් හී එටිහැඞ් කී‍්‍රඩාංගණයට පැමිණි එංගලන්තය කී‍්‍රඩාලෝලීන් 50,000 කට අධික පිරිසක් මැද උරුගුවේ පිල හමුවේ ලකුණු 60-3ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා සිය අභිමානය යම්තම් රැකගෙන තරගමාලාවෙන් සමුගත්තේය.
 
අපකීර්තිමත් වාර්තාවකට හිමිකම් කී එංගලන්තයට මෙම ජයග‍්‍රහණය ඉඩෝරයට වැටුණු දිය පොදකට සමාන වූවකි.

තරගාමාලාවේ ඉතිරි භාගයට සිය කණ්ඩායම නොගියත් ඊයේ ඔවුන්ගේ අවසන් තරගයේ දී පෙන්වූ මේ දස්කම් නිසා සෑහෙන කාලයකට හිස කෙළින් තබාගෙන සිය කී‍්‍රඩාලෝලීන්ට මුහුණදීමට තරම් ශක්තියක් එංගලන්ත කී‍්‍රඩකයට ලැබීම පිළිබඳව ඔවුන්ගේ පුුහුණුකරු ස්ටුවර්ට් ලැන්කැස්ටර්ගේ සතුටට කාරණයකි.

ඊයේ තරගයේ දී එංගලන්තය උත්සාහක දිනුම් 10 ක්ම ලබාගත් අතර ඉන් දිනුම් තුන බැගින් වාර්තා කිරීමට නික් ඊස්ටර් සහ ජැක් නොවෙල් සමත්වූහ. ඉන් වඩාත්ම කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්වූයේ 37 හැවිරිදි ඊස්ටර්ය.

රග්බි වැනි ජවය වැඩිපුර අවශ්‍ය වන කී‍්‍රඩාවක මේ 37 හැවිරිදි කී‍්‍රඩකයා යොවුන් කී‍්‍රඩකයන් සමග හරි හරියට පිටිය පුරා දුව පනිමින් තැබූ උත්සාහක දිනුම් තුන පිටියට පැමිණ සිටි කාගෙත් ප‍්‍රසංසාවට ලක්විය.

මෙවර තරගමාලාවට එක්වූ ශ්‍රේණිගත කිරිම්වල අන්තිම පහළ සිටි කණ්ඩායමෙන් දෙකින් එකක් වූ මේ දකුණු අමෙරිකානු කණ්ඩායම හමුවේ ජයග‍්‍රහණය අත්කරගැනීම ඒ හැටි අසීරු කාරණයක් නොවූවත් එංගලන්තයට මුල සිටම අවශ්‍යවී තිබුණේ සිය කී‍්‍රඩාලෝලින්ට මතක හිටින සමුගැනීමක් පෙන්නුම් කිරීමටය.

මේ තරගයෙන් එංගලන්තයට ඇතිවන්නට දෙයක්වත් උරුගුවේට නැති වෙන්නට දෙයක් වත් නොතිබීම වෙනම කරුණකි. එහෙත් දෙපිලටම අවශ්‍යවූයේ තරගමාලාවෙන් නික්ම යාමට පෙර අවසන් වතාවටත් එකිනෙකාගේ ශක්තිය උරගා බැලීමට බව අමුතුවෙන් කිව යුතු නැත. එහි අවශ්‍යතාව වඩාත්ම දැනුණේ සත්කාරක එංගලන්තයටය. තරගමාලාවෙන් සමුගැනීමේ තරගයට එක් අතකින් උරුගුවේ වැනි කෝඩුකාර  පිලක් ලැබීම ඔවුන්ගේ වාසනාවකි.

සිය අවසන් ලෝක කුසලාන රග්බි තරගමාලාවට එක්වූ ඊස්ටර් ඊයේ තරගයේ දී තැබූ උත්සාහක දිනුම් තුන ඔහුගේ නම වාර්තාපොතට එක්කළේ ලෝක කුසලාන රග්බි තරග ඉතිහාසයේ උත්සාහක දිනුමක් තැබූ වයස්ගතම කී‍්‍රඩකයන්ගේ අනුපිළිවෙලේ තුන්වැන්නා ලෙසිනි.

තරගයේ 6 වැනි මිනිත්තුවේ දී වින්ග් කී‍්‍රඩක ඇන්තනී වොට්සන්ගේ උත්සාහ දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ එංගලන්තයට 17 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු 6 ක් තුළ පිට පිට උත්සාහක දිනුම් දෙකක් එකතු කළ ඊස්ටර් සිය තුන්වැනි උත්සාහක දිනුම තැබූවේ 59 වැනි මිනිත්තුවේදීය. ඒ අතරතුර කාලයේ වොට්සන්ගේ දෙවැනි උත්සාහක දිනුමත්, සෙන්ටර් කී‍්‍රඩක හෙන්රි ස්ලේඞ්ගේ උත්සාහක දිනුමත් සමග එංගලන්තය ලකුණු 38-3 කින් පෙරමුණේ පසුවිය.
 
ඊස්ටර් නැවැත්වූ තැනින් පටන් ගත් නොවෙල් තරගයේ 73 වැනි මිනිත්තු වෙද්දී සිය උත්සාහක දිනුම් තුනම තබා හමාර කළේ එංගලන්තය ලකුණු 53-3 කින් ඉහළට ඔසවා තබමිනි. අවසන් මිනිත්තුවේ දී ලද ද`ඩුවම් උත්සාහක දිනුම ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ජොර්ජ් ෆෝර්ඞ් ගෝලයක් බවට පත්කළ අතර ඊට පෙර තැබූ උත්සාහක දිනුම් හතරක්ම සෙන්ටර් කී‍්‍රඩක  ඕවන් ෆැරල්ගේ පාදයෙන් ගෝල බවට ප‍්‍රවර්ථනය කෙරිණ.

උරුගුව රැස් කළ එකම දඩුවම් පහරට හිමිකම් කීවේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ෆෙලිපි බර්චෙසිය. එය වාර්තාවූයේ තරගයේ පළමු මිනිත්තුවේදී වුවද එතැන් සිට එංගලන්තයේ උත්සාහක දිනුම් පෙරහැර ඇරඹිණ.


- 077


අදහස් (0)

උත්සාහක දිනුම් පෙරහැරකින් පසු එංගලන්තය සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.