Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 උසේන් බෝල්ට් අද රාත්‍රියේ තියුණු තරගයක

උසේන් බෝල්ට් අද රාත්‍රියේ තියුණු තරගයක

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රීඩාවේ දැවැන්ත ප්‍රතිරූපයක් හිමි උසේන් බෝල්ට් සිය අවසන් නාටකයට එක්වී සිටී. එහි තමන්ට හිමි භූමිකාව රඟ දක්වමින් ලන්ඩන් නුවර පැවැත්වෙන අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතාවලියේ මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට අද (5 වැනිදා) තරග වදී.

මෙම තරගයේදී තවත් ජැමෙයිකානුවන් දෙදෙනකු වන යොහාන් බ්ලේක් සහ ජූලියන් ෆෝටේට එරෙහිව තරග වැදීමට සූදානම් වන බෝල්ට්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන්නේ එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින් සහ ක්‍රිස්ටියන් කෝල්මන් දෙදෙනාත්ය.

මේ ජැමෙයිකානුවාට අද තරගයේදී බලාපොරොත්තු සඵල කරගැනීමට නම් ඊයේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගයට වඩා හොඳින් තරග කළ යුතුව තිබේ. අද පැවැත්වෙන අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩකයන් 27 දෙනකු තරග වදින අතර ඔවුන්ගෙන් වේගවත්ම කාලය වාර්තා කරන 8 දෙනා අවසන් මහ තරගයට සුදුසුකම් ලබති.
 
ලොව වේගවත්ම මිනිසා සොයා දෙන මීටර 100 අවසන් මහ තරගය හෙට පස්වරුවේදී පැවැත්වෙයි.

මෙවර ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම හිමිවූයේ මීටර් 10,000 තරග ඉසව්ව ජයගත් බි්‍රතාන්‍යයේ මෝ ෆාරාටය. එම තරග ඉසව්වේ කාන්තා තරගය අද පැවත්වේ.

ඔලිම්පික් ශූර ලෝක වාර්තාවට හිමිකම් කියන අල්මාස් අයානා සහ ඇගේ රටේහිම ප්‍රතිවාදිනිය වන ලෝක ශූරතා ත්‍රිත්වයක් දිනූ ඉතියෝපියාවේ ටිරුනේෂ් ඩිබාබා අද කාන්තා මිටර් 10,000 තරගයේ ජනප්‍රියතම ක්‍රීඩිකාවෝ වෙති. එහෙත් ආබාධවලට ගොදුරුවීම නිසා මෙවර තරගවාරයේදී දෙදෙනාම වැඩිපුර ක්‍රීඩා නොකිරීම හේතුවෙන් ඒ ගැන වැඩි විශ්වාසයක්ින් කතා කළ නොහැකිය.

 

 - 077

 


අදහස් (0)

උසේන් බෝල්ට් අද රාත්‍රියේ තියුණු තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.