Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ක‍්‍රිකට් අනුශූරයන් වන නවසීලන්තයට එරෙහිව රිවර්සයිඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනූව කඩුලූ තුනක තියුණු ජයක් ලැබූ එංගලන්තය තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට ඊයේ (20 දා) සමත් විය.
දෙරට අතර පැවැති 18 වැනි එක්දින තරගාවලිය මෙය වන අතර මෙම ජයග‍්‍රහණය එංගලන්ත කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලද 8 වැනි එක්දින තරගාවලි ජය ලෙසද ඉතිහාසයට එක්වේ.
එංගලන්තය සිය මව්බිවේදී සහභාගි වූ එක්දින තරගාවලි පහක පරාජයකින් පසුව ලද පළමු ජයග‍්‍රහණයද මේය වීම විශේෂත්වයකි. අවසන් වරට එංගලන්තය සිය මව්බිමේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත් වූයේ 2012 වසරේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව 4-0 ක් වශයෙනි.
2014 වසරේදී දකුණු අප‍්‍රිකාවට 2-0 කින් පරාජයට පත්වීමෙන් පසුව තනි කණ්ඩායමක් හමුවේ පැවැති එක්දින තරගාවලියක් නවසීලන්තය පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. ඉකුත් ලෝක කුසලාන තරගාවලියට පෙර නවසීලන්තය තනි කණ්ඩායමක් සමග පැවැති එක්දින තරගාවලි හතරක් පිට පිටම ජය ගැනීමට සමත්ව තිබුණි.
තරගාවලිය 2-2 ක් ලෙස සමවී තිබියදී ඇරඹි තීරණාත්මක පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමේ වාරය නවසීලන්තයට ලබාදුණි. එහිදී මෙවර තරගාවලියේ අඩුම මුලූ ලකුණු සංඛ්‍යාව වාර්තා කළ නවසීලන්තය නියමිත පන්දු ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 283 ක් ලබා ගත්තේය.
නවසීලන්ත ඉනිමෙන් පසු ඇද හැලූනු වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනූව එංගලන්තයට ජයග‍්‍රහණය සඳහා පන්දු ඕවර 26 කදී ලකුණු 192 ක ඉලක්කයක් හිමි විය.
දෙපිලම කරට කර තරග කළද අවසන් පන්දු 12 දී නවසීලන්තයට ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 17 එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදී ලබා ගැනීමට ජොනී බෙයාර්ස්ටෝ සහ අදිල් රෂීඞ් සමත් වූහ.
නවසීලන්තයේ පළමු කඩුලූ පහ ලකුණු 45 කදී බිද දැමු නවසීලන්ත පන්දු යවන්නෝ තරගයේ ජයග‍්‍රහණයේ හරි අඩක්ම තම කණ්ඩායමට දෙසට හරවා ගත්තද හය වැනි කඩුල්ලට ජොනී බෙයාර්ස්ටෝ සහ සෑම් බිලින්ග්ස් එකතුව පන්දු 57 කදී ලකුණු 80 සබඳතාවක් පිහිටුවමින් නවසීලන්තය සතුව තිබූ තරගයේ පාලනය එංගලන්තය දෙසට හරවා ගැනීමට සමත් වූහ.
එංගලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ අංක හය පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ පන්දු 60 කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 80 ක් ලබා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙය ජොනී බෙයාර්ස්ටෝ ලබා ගත් පළමු එක්දින අර්ධ ශතකයද වේ. තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්තයේ කේන් විලියම්සන්ට හිමිවිය.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තයේ පළමු කඩුල්ල ලෙස නායක බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු හයකට පිටියෙන් ඉවත් කිරීමට ස්ටීවන් ෆින් සමවත් වූයේ මැකලම්ගේ කඩුල්ලටම පන්දුව යොමු කරමිනි. නවසීලන්තයේ ආරම්භක කඩුල්ල ලකුණු හතේදී බිද වැටුණද මාටින් ගප්ටිල් සහ කේන් විලියම්සන් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 113 කදී ලකුණු 94 ක සබඳතාවක් පිහිටුවමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කිරීමට සමත් වූහ.
මාටින් ගප්ටිල් පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 67 ක් ලබා ගත් අතර එය ඔහුගේ 25 වැනි එක්දින අර්ධ ශතකය වේ. 19 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරගත් කේන් විලියම්සන් තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 65 කදී හතරේ පහර පහක් සමග ලකුණු 50 ක් ලබා සිටියේය.
මෙම තරගාවලියේ පළමු තරගය එංගලන්තය ජය ගත් අතර දෙවැනි සහ තෙවැනි තරගය ජය ගැනීමට නවසීලන්තය සමත් විය. සිව්වැනි තරගය යළිත් ජය ගත් එංගලන්තය තරගාවලිය 2-2 ක් ලෙස සම කරමින් පස්වැනි තරගයට අවතීර්ණ විය. පළමු තරග හතරේදීම කණ්ඩායම් දෙකම ලකුණු තුන් සියයේ සීමාව ඉක්මවා ලබා ගැනීමට සමත් වුවද තරගාවලියේ වැඩිම ප‍්‍රහාරාත්මක වේගය 7.68 ක් ලෙස වාර්තා කර ගැනීමට අවසන් තරගයේදී එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.
මෙම තරග පහ තුළදී නවසීලන්තය සහ එංගලන්තය එකතුව ලබා ගත් මුලූ ලකුණු සංඛ්‍යාවේ එකතුව 2676 කි. එය තරග පහකින් සමන්විත එක්දින තරගාවලියකදී කණ්ඩායම් දෙකක් ලබා ගත් මුලූ ලකුණු සංඛ්‍යාවන් අතර දෙවැනි තැනට පත්වේ. එහි පළමු තැන පසුවන පකිස්තානය සහ ඉන්දියාව 2004 පැවැති තරග පහකින් සමන්විත එක්දිනතරගාවලියේ ලකුණු 2963 ක් ලබා තිබේ.
නවසීලන්තය ඕවර 50 කදී කඩුලූ 9 ට ලකුණු 283 යි.
(මාටින් ගප්ටිල් 67, කේන් විලියම්සන් 50, රොස් ටේලර් 47, ග‍්‍රාන්ට් එලියට් 35, බෙන් වීලර් 39, ස්ටීවන් ෆින් 73/2, ඬේවිඞ් විලී 50/2, බෙන් ස්ටෝක්ස් 52/3, අදිල් රෂීඞ් 45/2 යි.)
එංගලන්තය පන්දුවාර 25 කදී කඩුලූ 7 ට ලකුණු 192 යි.
(ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 83, සෑම් බිලින්ග්ස් 41, මිචෙල් සැනැට්නර් 31/3, බෙන් වීලර් 33/2 යි.)
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.