Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 එක්දින කිරුළ සොයන අනවරත අරගලය

එක්දින කිරුළ සොයන අනවරත අරගලය

ශනුක අරවින්ද - 2015 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින කණ්ඩායම් අතර මුල් ස්ථානය සොයමින් කරට කර තරගයක නිරත වී සිටින  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාවට දැන් පැවැත්වෙන ‘කාල්ටන් මිඞ්’ කුසලන තුන්කොන් තරගාවලිය ඒ සඳහා කදිම කෙළිබිමක් වී තිබේ.
 
එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පෙරේදා (15 වැනිදා) වන විට ප‍්‍රසාද ලකුණු 117 ක් බැගින් ලබා සිටි ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව යන රටවල් දෙක අතුරින් ඊයේ (16 වැනිදා) එංගලන්තයට එරෙහිව පැවැති තරගය ජයගත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 118 ක් ලබාගනිමින් පළමු ස්ථානය තහවුරු කරගත්තේය. එහෙත් මාර්තු 29 වැනිදා මෙල්බර්න් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහ තරගය දක්වාම මෙය අනවරත (නොනවතින) අරගලයකි.
 
මාර්තු 29 වැනිදා මෙල්බර්න් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහ තරගය දක්වාම පැවැත්වෙන සියලූම එක්දින අන්තර්ජාතික තරග වල තීරණ අපේ‍්‍රල් 1 වැනිදා පවතින ශ්‍රේණිගත කිරීම් අනුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සෙංකෝලය හිමිකරගන්නා පිලට වැදගත් වනු ඇත. එහෙත් පෙබරවාරි මස 14 වැනිදා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් තවත් එක්දින තරග 18 ක් පැවැත්වේ. ඒ සෑම තරගයක්ම ඊට වැදගත් වනු ඇත. 

1992 ලෝක කුසලාන තරගාවලියේදී (දකුණු අපි‍්‍රකානුවන්ගේ පළමු වැනි ලෝක කුසලාන තරගාවලිය) අවසන් පූර්ව වටයටත්, 1996 දී අර්ධ අවසන් පූර්ව වටයටත් පිවිසි දකුණු අපි‍්‍රකාව නැවතත් 1999 දී අර්ධ අවසන් පූර්ව වටයේදී තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ බව සිහියේ තබාගෙන තරග කරන දකුණු අපි‍්‍රකාව ඊයේ සිට බටහිර ඉන්දීය කොදෙව් පිල හා එක්දින තරගාවලියකට මුහුණ දෙමින් සිටී. 

ඇරත් ප‍්‍රසාද ලකුණු 115 ක් ලබා තුන්වැනි ස්ථානයේ සිටින දකුණු අපි‍්‍රකානු කණ්ඩායමත්, ප‍්‍රසාද ලකුණු 110 ක් ලබා සිවුවැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින ඉන්දියාවට සහ  ඕස්ටේ‍්‍රලියාවට අභියෝග නොකරන්නේ යයි කාට නම් කිව හැකිද?

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලූ 6 ක ජයක් ලැබීමත් සමඟ ප‍්‍රසාද ලකුණක් එකතු වීමෙන් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 110 ක් බවට පත්විය. 

එක්දින රටවල් ශ්‍රේණිගත කිරීම (ජනවාරි 15)
ස්ථා.    රට    ප‍්‍රසාද ලකුණු
1.     ඕස්ටේ‍්‍රලියාව    117
2.    ඉන්දියාව    117
3.    දකුණු අප‍්‍රිකාව    112
4.    ශ්‍රී ලංකාව    110
5.    එංගලන්තය    104
6.    නවසීලන්තය    98
7.    පාකිස්තානය    97
8.    බ.ඉ.කො.    96
9.    බංග්ලාදේශය    75
10.    සිම්බාබ්වේ    53
11.    අයර්ලන්තය    39
12.    ඇෆ්ගනිස්තානය    38

ඕස්ටේ‍්‍රලියානු තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ කාලසටහන 
ජන. 16 -  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර සිඞ්නිහිදී
ජන. 18 -  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර මෙල්බර්න්හිදී
ජන. 20 - එංගලන්තය සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී
ජන. 23 -  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර හෝබාට්හිදී
ජන. 26 -  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නිහිදී
ජන. 30 - එංගලන්තය සහ ඉන්දියාව අතර පර්ත්හිදී
පෙබ. 01 - අවසන් මහ තරගය පර්ත්හිදී

දකුණු අප‍්‍රිකාව සහ බ.ඉ.කො. එක්දින තරගාවලියේ කාලසටහන
ජන. 16 - පළමු එක්දින තරගය ඩර්බන්හිදී
ජන. 18 - දෙවැනි එක්දින තරගය ජොහැන්නස්බර්ග්්හිදී
ජන. 21 - තෙවැනි එක්දින තරගය ඊස්ට් ලන්ඩන්හිදී
ජන. 25 - සිවුවැනි එක්දින තරගය පෝට් එලිසබෙත්හිදී
ජන. 28 - පස්වැනි එක්දින තරගය සෙන්චූරියන්හිදී

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලියේ ඉතිරි තරග
ජන. 17 - තෙවැනි එක්දින තරගය  ඕක්ලන්ඞ්හිදී
ජන. 20 - සිවුවැනි එක්දින තරගය නෙල්සන්හිදී
ජන. 23 - පස්වැනි එක්දින තරගය ඩනෙඩින්හිදී
ජන. 25 - හයවැනි එක්දින තරගය ඩනෙඩින්හිදී
ජන. 29 - හත්වැනි එක්දින තරගය වෙලින්ටන්හිදී


අදහස් (0)

එක්දින කිරුළ සොයන අනවරත අරගලය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.