Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕල් බ්ලැක්ස්ලාට අපි බය නෑ

ඕල් බ්ලැක්ස්ලාට අපි බය නෑ

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැඩි සටන්කාමීන් ලෙස හැඳින්වෙන ආජන්ටිනා රග්බි කණ්ඩායම පිල මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට පැමිණෙන්නේ වසර 2007 තරගමාලාවේ දී තුන්වැනි තැන අත්කර ගනිමින් ඔවුන් පෑ වීරත්වය යළිත් වරක් ප‍්‍රදර්ශනය කිරීමේ අටියෙනි.


‘ලෙස් පූමාස්‘ නමින් ප‍්‍රකට ආජන්ටිනා රග්බි පිල මෙතෙක් සහභාගි වූ ලෝක කුසලාන රග්බි තරගමාලා 7 න් පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට පිවිසියේ තුන්වරක් පමණි. ඒ 1999, 2007 සහ 2011 දීය.


මීට අවුරුදු හතරකට පෙර පැවැති අවසන් තරගමාලාවේ මූලික වටය අවසන් වෙද්දී එංගලන්තයට පළමු තැන දී ආජන්ටිනාව සිටියේ ඔවුන්ගේ කාණ්ඩයේ දෙවැනි තැනය. එවර අර්ධ අවසන් පූර්ව තරග වටයේදී සිය සටන්කාමීත්වය මැනවින් විදහා පෑ ආජන්ටිනා කී‍්‍රඩකයන් පසුව ලෝක ශූරයන් බවට පත්වූ නවසීලන්තය හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 33-10කිනි.


දකුණු අමෙරිකානුවන්ට මෙවර තරගමාලාවේ මුල සිටම ඇත්තේ අසීරු තරග වටයකි. ඔවුන් ‘සී‘ කොටසට එක්වී සිටින අතර නවසීලන්තය, ටොංගා, නැමීබියා සහ ජෝර්ජියා කණ්ඩායම් ද එහි වෙති.


සැප්තැම්බර් 20 දා වෙම්බ්ලි හිදී නවසීලන්තය හා තරග වදින ආජන්ටිනාව ඊට දින පහකට පසුව ග්ලොස්ටෂයර් හි දී ජෝර්ජියාව හා සටනට බසී. අනතුරුව ටොංගා සහ නැමීබියාව සමග පිළිවෙළින් ඔක්තෝබර් 4 සහ 11 තරග වැදීමට නියමිතය. ඒ තරග දෙකම පැවැත්වෙන්නේ ලීස්ටර්ෂයර්හිදීය.


නවසීලන්ත කණ්ඩායම හෙවත් ‘ ඕල් බ්ලැක්ස්’ පිලට එරෙහිව ආජන්ටිනා පිලේ පුහුණුකරු ඩැනියෙල් හෝකේඞ් හොඳම කී‍්‍රඩකයන් පොර පිටියට බස්සයිද...නැතිනම් අනිවාර්යයෙන්ම ජයගත යුතු ජෝර්ජියා සහ ටොංගා කණ්ඩායම් සමග පැවැත්වෙන තරගවලට අවශ්‍ය බැවින් ඇතැම් කී‍්‍රඩකයන් ඉතිරි කරගැනීවිදැයි යන්නත් කුතුහලය දනවන ප‍්‍රශ්න දෙකකි.


පෙනෙන හැටියට පූමාස් පිලට මෙවර ලැබෙන්නේ  ‘සී‘ කාණ්ඩයේ දෙවැනි තැනය. ඊට හේතුව එහි නවසීලන්ත පිල සිටීමයි.


එවිට අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ට ‘ඞී‘ කාණ්ඩයේ ශූරයන් හා තරග කිරිමට සිදුවනු ඇත. ප‍්‍රංශය, අයර්ලන්තය හෝ ඉතාලිය  ‘ඞී‘ කාණ්ඩයේ පෙරමුණට පත්වනු ඇතැයි අනුමාන කළ හැකිය.


ඔගස්ටින් කී‍්‍රවිගේ නායකත්වයෙන් ආජන්ටිනාව එංගලන්තයට ගොඩ බැස්සේ උද්යෝගීමත් ලීලාවෙනි. දින කිහිපයකට පෙර ප‍්‍රබල දකුණු අපි‍්‍රකාවට එරෙහිව සිය මංගල ජයග‍්‍රහණය වාර්තා කිරීම ආජන්ටිනවේ උද්යෝගිමත් භාවය වැඩි කිරීමට හේතුවී තිබිණ.


දකුණු අපි‍්‍රකාවේ ඩර්බන් නුවර පැවැති එම තරගය ආජන්ටිනාව ජයගත්තේ ලකුණු 37-25කිනි.  දකුණු අපි‍්‍රකානු භූමියේදීම ‘ස්පි‍්‍රන්බොක්ස්ලා‘ පරාජය කිරීම ලෙහෙසි නැත.


”ස්පි‍්‍රන්බොක්ස් වැනි කණ්ඩායමක් පරාජය කිරීමට නම් මානසිකව ඉතා හොඳින් ශක්තිමත් විය යුතුයි” ආජන්ටිනා පුහුණුකරු හෝකේඞ් පවසයි.


”අපි ඉතා හොඳින් කී‍්‍රඩා කරලා ඒ මානසික සංග‍්‍රාමයෙන් ලොව ශක්තිමත්ම කණ්ඩායමක් පරාජයට පත් කළා” ඔහු කියයි.


පූමාස් පිලේ තරග රටාව පදනම් වී ඇත්තේ ශක්තිමත් ස්ක‍්‍රම් සහ හුකර් කී‍්‍රඩකයන් වටාය. නායක කී‍්‍රවි ඉදිරිපෙළ විශිෂ්ටතම කී‍්‍රඩකයන් පස්දෙනා අතර සිටී. පළපුරුදු ෆ්ලෑන්කර් කී‍්‍රඩකයන් වන ජුවාන් මැනුවෙල්, ලෙගිසමොන් සහ ජුවාන් මාටින් ඔවුන්ගේ පසුපෙළ ශක්තිමත් කරති.


ඉලක්කයට පන්දුව යැවීමේ කිරීමේ හපනකු වන ෆ්ලයි හාෆ් කී‍්‍රඩක  නිකොලාස් සැන්චේස් ද පළමු තරගයේ දී කණ්ඩායමට එක්වෙයි. විජ්ජාකාරී ජුවාන් මාටින් හෙර්නන්ඩෙස්, අධිවේගී විංග් කී‍්‍රඩකයන් වන හොරාසියෝ අගූලා සහ ජුවාන් ඉම්හොෆ් ස්පි‍්‍රන්බොක්ස් පිලට එරෙහිව ලද සුප‍්‍රකට ජයග‍්‍රහණයට උත්සාහක දිනුම් ති‍්‍රත්වයකින් දායකත්වය ලබා දුන් අය වෙති.


ජෝකින් ටුකුලට් සහ මාර්සිලෝ බොස්ච් සැළකිය යුතු දුරක සිට දඩුවම් පහර හරියටම එල්ල කිරීමට සමත් කී‍්‍රඩකයෝ දෙදෙනෙකි.


හිටපු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයකු වන ෆෙල්පි කොන්ටෙපොමී මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ දී පූමාස් පිලේ හොඳම දිරිගන්වන්නා වී සිටී. නවසීලන්තයට හා  ඕස්ටේ‍්‍රලියාවට අභියෝග කළ හැටි මට්ටමකට තම කණ්ඩායම පැමිණ සිටින්නේ රග්බි ශූරතාවලියේ දී දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහිව ලද ජයග‍්‍රහණයට පින්සිදු වන්නටය.


”රග්බි ශූරතාවලියට කී‍්‍රඩා කිරීමට ලැබීම නිසා අපි ලෝක කුසලාන තරගමාලාවට හොඳ පෙර සූදානමක් ඇතිව එන්න පුළුවන් වුණා”


”අපේ කොල්ලෝ  ඕල් බ්ලැක්ස්ලාට බය නෑ....” කොන්ටෙපොමී කියයි.


- 077

 


අදහස් (0)

ඕල් බ්ලැක්ස්ලාට අපි බය නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.