Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය තෙවැනි දිනය (4 වැනිදා) සඳහා නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය.
![]() |
![]() |
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව එංගලන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 268 ක් ඉදිරියෙන් සිටින අතර තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි පීටර් හෑබ්ඞ්ස්කෝම්බ් සහ නේදන් ලයන් නොදැවී ලකුණු 3 බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
ලකුණු 215 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවුදෙනා ලකුණු 50 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ජේම්ස් ඇන්ඩසන් සහ ක්‍රිස් වෝක්ස් සමත් වූහ.
දෙවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 29 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ක්‍රේග් ඕවර්ටන් හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන් සියලු දෙනා දැවී යෑම නිසා ඔහුට මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ නේදන් ලයන් ලකුණු 60 කට කඩුලු 4 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායම අසරණ තත්ත්වයකට ඇද දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් මිචෙල් ස්ටාර්ක් ලකුණු 49 කට කඩුලු 3 ක් දවාගත්තේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.