Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 123 ක ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, දෙරට අතර පැවැති අළු බඳුන තරගාවලිය 4-0 ක් ලෙස ජයගැනීමට අද (8 වැනිදා) සමත් විය.
![]() |
![]() |
ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 303 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 39 කට කඩුලු 4 ක් දවාගත් අතර එංගලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නේදන් ලයන් ලකුණු 54 කට කඩුලු 3 ක් දවාගත්තේය.
සිවුවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 87 ක් පමණි.
ලකුණු 13 ක් ලබා සිටි මුයින් අලී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට නේදන් ලයන් සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පැට් කමින්ස්, ලකුණු 38 ක් ලබා සිටි ජොනී බෙයාස්ට්‍රෝ මෙන්ම ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ස්ටුවට් බ්‍රෝඞ්ද එකම ඕවරයක් තුළ ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය.
එංගලන්ත ඉනිමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වූ මේසන් ක්‍රේන්ට (2) සහ ජේම්ස් ඇන්ඩසන්ටද (2) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණ අතර පැට් කමින්ස්ගේ සහ ජොස් හෙසල්වුඞ්ගේ පන්දු හමුවේ කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් අතට උඩ පන්දු දෙමින් ඔවුහු දැවී ගියහ.
ඉනිම් දෙකේදීම ලකුණු 119 කට කඩුලු 8 ක් දවාගත් පැට් කමින්ස් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර තරග පහේදී ඉනිම් 6 ක් තුළ ද්විත්ව ශතකයක්, ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 681 ක් රැස්කළ ස්ටීවන් ස්මිත් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.