Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය පිල හා ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බර්න් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේ තරගය නිමාවනවිට දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන ඕස්ටේ‍්‍රලියා පිලේ පිතිකරුවන් 7 ක්ම ලකුණු 261ක් තුල ආපසු ක‍්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය පිල සමත්විය. කෙසේවුවත් තවත් කඩුලූ 3ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 326 ක් ඉදිරියෙන් සිටීමට ඔස්ටේ‍්‍රලියාවට හැකිවිය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට එක් කඩුල්ලක් දැවි ලකුණු 90ක් ලබා සිටි ඔස්ටේ‍්‍රලියාවට නැවත පිතිහරඹයට පිටියට පිවිසීම ප‍්‍රමාද කරමින් වර්ෂාව ඇද හැලූණු අතර ඒ හේතුවෙන් තරගයේ නියමිත කාලයෙන් පැය එකහමාරක් පමණ අපතේ ගියේය. වර්ෂාවෙන් බාධා ඇතිවූවද අද දිනයට නියමිත ඕවර ප‍්‍රමාණයෙන් අහිමිවූයේ ඕවර 4ක් පමණි.
ආරම්භක පිතිකරු ක‍්‍රිස් රොජර්ස්ගේ ප‍්‍රවේගකාරී පිතිහරඹය නිසා සවස තේ පානය වනවිට ඉන්දියාවට වඩා ලකුණු 239 ක් ඉදිරියෙන් සිටීමට ඕස්ටේ‍්‍රලියානු පිලට හැකිවූවත් ඒ අතරතුර කාලයේ තවත් පිතිකරුවන් තිදෙනකු ක‍්‍රීඩාගාරයට හරවා යැවූ ඉන්දීය පන්දු යවන්නෝ තරගයේදී ඕස්ටේ‍්‍රලියානුවන් බලාපොරොත්තු වූ තරම් වාසියක් අත්කරගැනීමට ඉඩ නොතැබූහ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ තාවකාලික ස්ටීවන් ස්මිත් මෙම ඉනිමේදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම විශේෂත්වයකි. අනතුරුව උමේෂ් යාදව් හා ඉෂාන්ත් ෂර්මා මාරුවෙන් මාරුවට ඕස්ටේ‍්‍රලියා පිලේ මැද පෙළ කඩුලූ එකින් එක බිඳ දැමීමට පටන් ගත්හ. පස්වරු 7.00 දක්වා ඇදී ගිය තරගය මොහොමඞ් සාමි යැවූ ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේ 75 වැනි ඕවරයෙන් නතර කිරීමට තරග විනිසුරුවන් තීරණය කළහ. අද අතැර දැමුණු කාලය වෙනුවෙන් හෙට තරගය නියමිත වේලාවට වඩා මිනිත්තු 30 කට කලින් ආරම්භ කිරිමට තීරණය කෙරිණි.
තුන්වැනි දිනය වූ ඊයේ තරගය නතර කරනවිට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ඉන්දීය පිල කඩුලූ 8ක් දැවී ලකුණු 462 ක් ලබා සිටි අතර අද උදෑසන තවත් ලකුණු 3 ක් එක්වෙද්දී ඉතිරි කඩුලූ දෙකම දවාලීමට මිචෙල් ජොන්සන් සමත්විය. ඒ අනුව ඔස්ටේ‍්‍රලියාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 65 ක වාසියක්ද සහිතවය.
කෝලිගේ හා රහනේගේ වාර්තාගත පිතිහරඹ සම්බන්ධතාව බිඳවැටීමත් සමග ඉන්දීය පිලේ අවසන් කඩුලූ හතම ලකුණු 56ක් තුල බිඳ වැටීම කැපී පෙනුණි.
ඔස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ආරම්භ කරමින් උමේෂ් යාදෙව් යැවූ පළමු පන්දුවම පොයින්ට් හරහා හතරේ සීමාවට යැවූ ඬේවිඞ් වෝනර් වේගවත් පිතිහරඹයක නිරතවිය. දිවා ආහාරයට පෙර රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවී ලකුණු 40 ට ඔහු දැවී යනවිට පන්දු 6 ක් ම හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට වෝනර් සමත්විය.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම - 530
ඉන්දියාව - පළමු ඉනිම - 465
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම - කඩුලූ 7 ට 261
(ඬේවිඞ් වෝනර් 40, ක‍්‍රිස් රොජර්ස් 69, ෂෝන් මාෂ් නොදැවී 62, ඉෂාන්ත් ෂර්මා 49/2, රවිචන්ද්‍රන් අශ්වින් 56/2, උමේෂ් යාදෙව් 73/2 යි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.