Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය කණ්ඩායම් සගයා වූ පිලිප් හියුස් වෙනුවෙන් මතක සැමරුමක් වන් ටෙස්ට් ශතකයක් ලබාගත් ඬේවිඞ් වෝනර් (101) සහ ආරම්භක පිතිකරු කි‍්‍රස් රොජර්ස් (95) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සාර්ථක අඩිතාලම මත සිටි ඉනිම ගොඩනැංවූ ඕස්ටේ්රලියානුවෝ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (6 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 348 ක් ලබා සිටියහ.
පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඬේවිඞ් වෝනර් සහ කි‍්‍රස් රොජර්ස් දෙදෙනාම ලකුණු 4 ක් තුළදී දැවී ගිය නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 144 ක් එක්කළ ස්ටීවන් ස්මිත් (නොදැවී 82) සහ ෂේන් වොට්සන් (නොදැවී 61) ඉන්දියානුවන්ට තවත් අවස්ථාවක් නොදීම දිනය හමාර කළහ.
ඕස්ටේ්රලියානු ටෙස්ට් කී‍්‍රඩක පිලිප් හියුස් දිවියෙන් සමුගත්තේ සිඞ්නි පිටියේදීම බවුන්සර් පන්දුවක් හිසේ වැදීම හේතුවෙනි. ෂෙෆීල්ඞ් කුසලාන තරගයකදී ෂෝන් ඇබට් විසින් යවන ලද පන්දුව හිසේ වදින විට පිලිප් ලකුණු 63 ක් ලබා සිටියේය. පිලිප් හියුස්ට පන්දුව වදින අවස්ථාවේදී ඬේවිඞ් වෝනර්ද එම තරගයට සහභාගි වෙමින් සිඞ්නි පිටියේ සිටියේය.
අද දිනයේදී 63 වැනි ලකුණ ලබාගැනීමෙන් පසුව පහත්වී තණතීරුව සිපගත් ඬේවිඞ් වෝනර්, පිලිප් හියුස්ට ගෞරවාදරය දක්වමින් සිය දෑත් සහ පිත්ත ඔසවා අහස දෙස බලා සිට අත්පොළසන් දුන්නේය.
මෙම තරගාවලියේ තුන්වැනි ශතකය ලබාගත් වෝනර් පන්දු 114 කට මුහුණ දෙමින් ලකුණු 101 කට දැවීගියේ රවිචන්ද්‍රන් අශ්වින් එවූ පන්දුවක් උඩපන්දුවක් ලෙසින් මුරලි විජේ වෙත හරවා යවමිනි. මේ වනවිට ටෙස්ට් ශතක 12 ක් ලබාසිටින වෝනර් සිඞ්නි පිටියේදී ලබාගත් පළමු ටෙස්ට් ශතකයද මෙයයි. පැය 3 ක කාලයක් පිටියේ රැුඳුනු ඕස්ටේ්රලියානු ආරම්භක පිතිකරුවා හතරේ පහර 16 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.
ලකුණු 19 දී සහ 90 දී රොජර්ස් විසින් දෙනලද උඩපන්දු දෙකක්ම ඉන්දියානු කී‍්‍රඩකයන් විසින් අතහරිනු ලැබූ නමුත් සිය ශතකය සම්පූර්ණ කිරීමට රොජර්ස් අසමත් විය.
කලින් පැවැති ටෙස්ට් තරග දෙකේදීම අර්ධ ශතක 4 ක් ලබාගත් රොජර්ස් අදත් ශතකයට ලකුණු 5 ක් මෑතින් දැවී ගියේ පිට පිටම පස්වැනි අර්ධ ශතකයක් ලබාගැනීමෙන් පසුවය.
මෙල්බර්න් ටෙස්ට් තරගයෙන් අනතුරුව මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිසා ඉන්දීය පිල මෙම තරගයේදී වෙනස්කම් 4 ක් සහිතව පිටියට පිවිසියේය. රෝහිත් ෂර්මා, සුරේෂ් රයිනා, රිදිමන් සහා සහ බුවනේෂ්වර් කුමාර් මෙම තරගය සඳහා ඉන්දීය පිලට කැඳවා සිටිති.
ඕස්ටේ්රලියාව පළමු ඉනිම කඩුලූ 2 ක් දැවී 348
(ඬේවිඞ් වෝනර් 101, කි‍්‍රස් රොජර්ස් 95, ෂේන් වොට්සන් නොදැවී 61, ස්ටීවන් ස්මිත් නොදැවී 82, මොහොමඞ් සාමි 58/1, රවිචන්ද්‍රන් අශ්වින් 88/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.