Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තේ පානයෙන් මඳ වේලාවකට පසුව කඩුලූ 7 කට ලකුණු 572 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම නතර කළ ඔස්ටේ‍්‍රලියාව, ඉන්දීය පිලේ පළමු ඕවරයේදීම ආරම්භක පිතිකරු මුරලි විජේ ලකුණු ලැබීමටත් පෙර දවාගැනීමට සමත් විය. එසේ වුවත් ලෝකේෂ් රාහුල් සමග එක්ව ආක‍්‍රමණශීලී පිතිහරඹයක යෙදුණු රෝහිත් ෂර්මා සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද සවස තරගය නිමාවනවිට ඉන්දීය ලකුණු පුවරුව 71 දක්වා ඉහළ දැමීමට සමත්විය.
මුරලි විජේ දැවීගියේ මිචෙල් ස්ටාක් යැවූ පළමු ඕවරයේ තුන්වැනි පන්දුවේදී කඩුලූ රකින බ‍්‍රැඞ් හැඩින් වෙත උඩපන්දුවක් දෙමිනි. අනතුරුව රාහුල් සමග එක්වූ ෂර්මා දෙවැනි කඩුල්ලට ලකුණු 71 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගා ගත්තේය.
නේදන් ලයන්ගේ ඕවර දෙකකදී හයේ පහර 2 ක් ගැසූ ෂර්මා ප‍්‍රතිවාදී වේගපන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පීඩනයෙන් මිදීමට සමත්වූ අතර ෂර්මා, හතරේ පහර 3 කුත් සමග නොදැවී ලකුණු 40 ක් ලබා ගනිද්දී රාහුල් රැුස් කර තිබුණේ ලකුණු 31 ක් පමණි.
ඊයේ සවස තරගය නතර කරන විට කඩුලූ 2 කට ලකුණු 348 ක් ලබා සිටි ඕස්ටේ‍්‍රලියාව අද දිවා ආහාර විවේකය වෙද්දී තවත් ලකුණු 72 ක් සිය ඉනිමට එකතු කළේය. ඒ අතරතුර ඔවුන්ගේ කඩුලූ 2ක් බිඳ වැටුණේය.
නායක ස්මිත් හා ෂේන් වොට්සන් අතර තුන්වැනි කඩුල්ලට එක්වූ ලකුණු 196 ක සම්බන්ධතාව බිඳ දැමූ මොහොමඞ් සාමි ලකුණු 81 කට වොට්සන් දවාගත්තේ ඔහුට පස්වැනි ටෙස්ට් ශතකය අහිමිකර දමමිනි.
දිවා ආහාරයට ඕවර 6 ක් ඉතිරිව තිබියදී නායක ස්මිත් දවාලීමට උමේෂ් යාදෙව් සමත්විය. තරග 4 කින් සමන්විත ඉන්දීය ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගමාලාවේ පළමු ඉනිම් 4 දීම ශතක වාර්තා කිරීමට ස්මිත් සමත් වීමෙන් ටෙස්ට් ඉතිහාසයේ පිට පිට පළමු ඉනිම් 4 කදී ශතක වාර්තා කළ සිවුවැනි පිතිකරු ලෙස ඔහු වාර්තා පොතට එක්විය.
මීට පෙර ජැක් ෆින්ග්ල්ටන්, එවර්ටන් වීක්ස් හා කෙන් බැරිංටන් මේ හපන්කම පෙන්වා තිබිණි.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 7 ට 572
(ඬේවිඞ් වෝනර් 101, කි‍්‍රස් රොජර්ස් 95, ෂේන් වොට්සන් 81, ස්ටීවන් ස්මිත් 117, ෂෝන් මාෂ් 73, ජෝ බර්න්ස් 58, රයාන් හැරිස් 25, මොහොමඞ් සාමි 112/5)
ඉන්දියාව පළමු ඉනිම - කඩුලූ 1 ට 71 යි
(රෝහිත් ෂර්මා නොදැවී 40, ලෝකේෂ් රාහුල් නොදැවී 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.