Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ටේ‍්‍රලියානුවෝ දෙවැනි තරගයත් දිනති

ඕස්ටේ‍්‍රලියානුවෝ දෙවැනි තරගයත් දිනති

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝහිත් ෂර්මා විශිෂ්ට ශතකයක් ලබාගත් නමුත් සැලසුම් සහගත පිතිහරඹයක නිරත වූ  ඕස්ටේ‍්‍රලියානුවෝ මෙල්බර්න් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති ‘කාල්ටන් මිඞ්’ තුන්කොන් තරගාවලියේ තරගයකදී ඉන්දියාව පරදවා කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට සමත් වූහ. 

ඉන්දියාවට මෙන්ම  ඕස්ටේ‍්‍රලියාවටත් තරගයේ ආධිපත්‍ය පතුරවාලීමේ විශිෂ්ට ආරම්භක පිතිකරුවකු බැගින් සිටියද කාල්ටන් මිඞ් තුන්කොන් එක්දින තරගාවලියේ ප‍්‍රතිවාදින්ගේ මුල්පෙළ බිඳ දමමින්, ලකුණු 43 කට කඩුලූ 6 ක් දවාගත් මිචෙල් ස්ටාක්  පිට පිට දෙවැනි වරටත්තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.

සිඞ්නි ක‍්‍රිකට් පිටියේ පැවැති මේ තරගාවලියේ පළමු තරගයේ දී කඩුලූ 4ක් බිඳ දැමූ ස්ටාක් අද ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් පිටියේ පැවැති දෙවැනි තරගයේ දී ප‍්‍රතිවාදින්ගෙන් කඩුලූ 6 ක් බිම දැමීය. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දියාවේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනකු ලකුණු 59 ක් තුල ආපසු ක‍්‍රීඩාගාරය වෙත හරවා යැවීමට  ඕස්ටේ‍්‍රලියානුවන් සමත් වූ නමුත් සුරේෂ් රයිනා සමග එක්වූ ෂර්මා  සිවුවැනි කඩුල්ලට ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. 

ස්ටාක්ගේ දෙවැනි කඩුල්ල ලෙස රයිනා ලකුණු 51 කට දැවීයාමෙන් පසු නායක මහේන්ද්‍ර සිං දෝනි හා එක්වූ ෂර්මා පස්වැනි කඩුල්ලට ලකුණු 52 ක සම්බන්ධතාවක් පිහිටුවීය. 

ලකුණු 19 ක් ලබා සිටි දෝනී දැවී ගියේ ස්ටාක්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදිමෙනි. ඒ  ඕවරයේදිම අක්ෂර් පතෙල් ලකුණු ලැබීමටත් පෙර කඩුල්ල මුවා කිරිමේ වරදට හසුකරගත් ස්ටාක් අනතුරුව ඉන්දීය ඉනිම ගොඩදැමූ ෂර්මාගේ කඩුල්ලත්, බුවනේෂ්වර් කුමාර්ගේ කඩුල්ලත් දවා ගත්තේ සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවිම සටහන් කරමිනි. 

ස්ටාක්ගේ පස්වැනි කඩුල්ල ලෙස ෂර්මා ලකුණු 138 කට දැවී යනවිට පන්දු 139 කට මුහුණදී තිබූ අතර හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කිරීමට ආරම්භක පිතිකරුවා සමත් වී තිබිණ. ස්ටාක්ගේ මෙම පන්දු යැවීම එක්දින තරගයකදී  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නකු කඩුලූ 6 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාලූ 6 වැනි අවස්ථාව ලෙස වාර්තා පොතට එක්විය.

ඕස්ටේ‍්‍රලියානු ඉනිම ඇරැුඹූ ඒරන් ෆින්ච් සහ ඬේවිඞ් වෝනර් අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 51 දී බිඳ වැටුණත් ෂේන් වොට්සන් (41) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 64 ක සම්බන්ධතාවකුත්, ස්ටීවන් ස්මිත් (47) සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 101 ක සම්බන්ධතාවකුත් ගොඩ නැගූ ෆින්ච් දැවී ගියේ මුලූ ලකුණු සංඛ්‍යාව 219 දක්වා ඉහළ දැමීමෙන් පසුවය. 

පහසුවෙන් ලබාගත හැකිව තිබූ ශතකයක් ෆින්ච්ගෙන් ගිළිහී ගියේ උමේෂ් යාදෙව්ගේ පන්දුවකට කඩුලූ රකින මහේන්ද්‍ර සිං දෝනි වෙත උඩපන්දුවක් දීමෙනි. 

හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට පන්දු 127 ක් වැයවිය. 

ඉන්දීය පන්දු යවන්නන්ගෙන් සිතූ තරම් අභියෝගයක් එල්ල නොවූ අතර  ඕස්ටේ‍්‍රලියානු පසුපෙළ පිතිකරුවන් කල්පනාකාරීව සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ. 

ඉනිමේ 47 වැනි  ඕවරය නොඉඳුල්  ඕවරයක් වූ අතර ජයග‍්‍රහණය සඳහා  ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 20 ක් ලබාගැනීමට ඉතිරිව තිබුණේ පන්දු 17 ක් පමණි. බ‍්‍රැඞ් හැඩින් සමග එක්වූ ජේම්ස් ෆෝ්ක්නර් පන්දු 14 ක් තුළ අවශ්‍ය ඉලක්කය සපුරා ගත්හ. 

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලූ 8 ට 267
(රෝහිත් ෂර්මා 138, අජින්ක්‍යා රහනේ 12, සුරේෂ් රයිනා 51, මහේන්ද්‍ර සිං දෝනි 19, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 14, මිචෙල් ස්ටාක් 43/6)

ඕස්ටේ‍්‍රලියාව - ඕවර 49 කදී කඩුලූ 6 ක් දැවී 269/6 
(ඒරන් ෆින්ච් 96, ස්ටීවන් ස්මිත් 47, ෂේන් වොට්සන් 41, උමේෂ් යාදෙව් 55/2)


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ දෙවැනි තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.