Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ටේ‍්‍රලියාවේ හිටපු පුහුණුකරු නවසීලන්තයට ආවඩයි

ඕස්ටේ‍්‍රලියාවේ හිටපු පුහුණුකරු නවසීලන්තයට ආවඩයි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෙනසුරාදා පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් මහා තරගය නවසීලන්තයේ  ඕල්බ්ලැක්ස්ලා ජය ගනු ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු පුහුණුකරු එඞී ජෝන්ස් කියයි. වොලබීස්ලාට කළක් ගුරුහරුකම් දුන් මේ පුහුණුකරුට දැන්  ඕස්ටේ‍්‍රලියානුවන් පෙන්නන්නට බැරි බව කවුරුත් දනී. එහෙත් ඔහු කියන හැටියට වෙබ් එලිස් කුසලානය නවසීලන්තය දිනාගන්නේ සෑහෙන සටනකින් පසුවය.

වසර 2003 ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගයේ දී එංගලන්තය හමුවේ සිත පාරවන තරමේ පරාජයක් වොලබීස්ලා අත්කර ගන්නා විට කණ්ඩායමේ පුහුණුකරු වූයේ එඞී ජොන්ස්ය. දැන් ඔහු ජපානයේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මෙවර තරගමාලාවේ මූලික වටයේ දී දකුණු අපි‍්‍රකාව පරාජය කිරීමට ජපානය සමත්වීමත් සමග අසීමිත ජනපි‍්‍රයත්වයක් ලබා ගත්තේය.

”පැහැදිලිවම  ඕල්බ්ලැක්ස්ලා තමයි හොඳම ටීම් එක... එහි වචන දෙකක් නෑ” යයි ජෝන්ස් කියයි.

”අනික ඔබ ඔවුන්ගේ වාර්තා ගැන බැලූවොත් පෙනේවි කවදත් ඔවුන් තමයි ලොව හොඳම ටීම් එක කියලා”  ඕස්ටේ‍්‍රලියාවේ ඇසෝෂියේටඞ් ප්‍රෙස් පුවත් සේවයට ඔහු එසේ කීවේය.

”ඔවුන්ගේ රග්බි ටෙස්ට් තරග වාර්තාව සෑහෙන හොඳයි. ඒ වගේ වාර්තාවක් ඇති කණ්ඩායමක් ලෝකේ කොහේවත් නෑ”
”ඉතින් ඒ විදිහට බැලූවම ඔබටම පෙනේවි ලෝකේ හොඳම කණ්ඩායම අතර විශිෂ්ටයා නවසීලන්තය බව” යයිද  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු පුහුණුකරුවා පැවසීය.

2003 තරගමාලාවේ අවසන් පූර්ව තරගයේ දී  ඕල්බ්ලැක්ස්ලා ලකුණු 22-10 කින් පරාජය කරමින් එවකට රග්බි පිටිය දෙවනත් කරන්නට එදා ජෝන්ස්ගේ පුහුණුකාරිත්වයෙන් යුතු වොලබීස්ලා සමත්වූහ.

නමුත් පසුගිය සති අන්තයේ දී දෙපිලම විදහා පෑ දස්කම් දැකබලාගත් ජෝන්ස් කියන්නේ  ඕල් බ්ලැක්ස්ලාගේ නායක රිචී මැකෝ, ඩැන් කාටර් සහ තවත් නවසීලන්ත කී‍්‍රඩකයන් කිහිපදෙනකුගේ විශ‍්‍රාම යාම එම තරගයේ දී සුරංගනා කතාවක් නිර්මාණය කරනු ඇතත කියායි.

”අඩුම ගාණේ මං හිතන්නේ ලකුණු 5 කට වඩා අඩු පරතරයකින්වත් තරගය ජයගෙන නවසීලන්තය රග්බි කුසලානය ගෙදර අරන් යාවි කියලයි. ඒක ගොඩාක් තියුණු තරගයක් වේවි” ජෝන්ස් කීවේය.

”එදා අවසන් පූර්ව තරගයේ පළමු භාගයේ මිනිත්තු 40 තමයි දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් ඔවුන්ගේ ඉහළම කී‍්‍රඩා දස්කම් පෙන්නූ අවස්ථාව.

ඒත් දෙවැනි භාගයේ දී තමන්ටම ආවේනික කී‍්‍රඩා රටාව ගැන විශ්වාසයෙන් කී‍්‍රඩා කරමින් නවසීලන්තය තරගය ජයගත් හැටි නියමයි” යයි ජෝන්ස්  ඕල්බ්ලැක්ස්ලා ගැන කියන්නේ ඉමහත් ප‍්‍රසංශාවෙන් යුතුවය.

”ඒකටත් එක්ක වොලබීස්ලා එදා ආජන්ටිනාවට පරදින්න ඔන්න මෙන්නයි හිටියේ” ඔහු කියන්නේ එලෙසය.

”එදා වොලබීස්ලා සෑහෙන දෙගිඩියාවෙන් හිටියේ. අපරාදේ ආජන්ටිනාවට හොඳ චාන්ස් එකක් තිබ්බා මැච් එක දිනන්න. කොහොමවුණත් ඒක ඇත්තටම වොලබීස්ලාගේ හොඳ ජයග‍්‍රහණයක්”

” ඕල් බ්ලැක්ස්ලායි වොලබීස්ලායි දෙගොල්ලන්ම අවසන් තරගයට එක්වෙන්නේ ඔවුනොවුන් ගැන ලොකු විශ්වාසයක් ඇතුවයි. ඒ නිසා ලොකු සටනක් තියේවි” අවසන් මහා කරගය ගැන ජොන්ස් සිය අදහස් පළ කළේ එසේය.

”ඒ කොහොම වුණත් දිනන්නේ  ඕල්බ්ලැක්ස්ලා...” ඔහු හිනැහෙමින් කියයි.

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවේ හිටපු පුහුණුකරු නවසීලන්තයට ආවඩයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.