Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් පනවා ඇති නියාම ධර්ම කඩකිරීම හේතුවෙන් කෙන්යානු මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී අයිසැක් මවාන්ගි මහතාට තාවකාලික තහනමක් පැනවීමට අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය පියවර ගෙන තිබේ.
අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ ආචාර ධර්ම මණ්ඩලයේ ප‍්‍රධානියා වන මයිකල් බිලොෆ් මහතා විසින් මෙම තහනම පනවනු ලැබ තිබේ.
‘විභාග කිරීම’ සඳහා තොරතුරු ලැබී තිබෙන බැවින් දින 180 ක කාලයකට බලපවත්වන පරිදි අයිසැක් මවාන්ගි මහතාට තහනමක් පනවන බවත් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය කියා සිටී.
කෙසේ වෙතත් මෙම පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල ලැබෙන තුරු මවාන්ගි මහතා නිර්දෝෂී අයකු සේ සැලකෙන බවද අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය පවසයි.
තහනම් උත්තේජක භාවිතාව සම්බන්ධයෙන් පනවා ඇති නියාම ධර්ම කඩකිරීම හේතුවෙන් රුසියාවට මලල කී‍්‍රඩා තහනමක් පනවා තිබෙන අතර අවශ්‍ය වුවහොත් ‘මලල කී‍්‍රඩාවේ ගෞරවය රැුකගැනීම සඳහා” කෙන්යාවටද අන්තර්ජාතික මලල කී‍්‍රඩා තහනමක් පැනවීමට තමන් පසුබට නොවන බවත් අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ මහතා පසුගිය සතියේදී පැවසීය.
කෙන්යානු මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිගු දුර සහ මැදි දුර ඉසව් සඳහා ලෝකය පුරා නමක් දිනා සිටින නමුත් පසුගිය වසර දෙකක කාලයේදී කෙන්යානු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 40 දෙනෙක් සහ ප‍්‍රධාන පෙළේ කෙන්යානු මලල කී‍්‍රඩා නිලධාරීහු තිදෙනෙක් අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ ආචාර ධර්ම මණ්ඩලයේ තහනමට ලක්වූහ.
යම් හෙයකින් රුසියාවට අත්වූ ඉරණම කෙන්යානුවන්ටත් අත්වුවහොත් රියෝ ඔලිම්පික් තරගාවලියද කෙන්යානුවන්ට අහිමි වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.