Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මලල කී‍්‍රඩා ලෝකයේ වත්මන් කෙරුම්කාරයන් වන කෙන්යානුවන් රියෝ ඔලිම්පික් තරගාවලියේ සහභාගිත්වය අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටින බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීහු කියති. ඊට හේතුවක් ලෙස සැලකෙන්නේ කී‍්‍රඩාවේදී තහනම් උත්තේජක භාවිතා කිරීම ‘අපරාධ’ ගණයේලා සැලකෙන වරදක් ලෙස නිීති සකස් කිරීමට කෙන්යානු දේශපාලනඥයන් අසමත් වීම හේතුවෙනි.
අපේ‍්‍රල් මස 5 වැනිිදාට පෙර එවන් නීති සකස් කරන ලෙස ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය වෙතින් කෙන්යානු බලධාරීන්ට දෙවැනි වරටත් දැනුම් දී තිබිණ. පෙබරවාරි 14 වැනිදාට පෙර එම නීති සකස් කරන ලෙස කෙන්යානු මලල කී‍්‍රඩා බලධාරීන්ට දැනුම්දී ඇතත් ඔවුන් ඒ සඳහා පිියවර නොගත් හෙයින් ඒ සඳහා කල් දිගුවක් දී තිබිණ.
කෙන්යානු දේශපාලඥයන් පසුගිය 31 වැනිදා මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡුා කර ඇතත් පසුව ඒ සම්බන්ධයෙන් නැවතත් සංශෝධන ඉදිරිපත් කර ඇත්්තේ් අපේ‍්‍රල් 5 වැනිදා (ඊයේ) වන විට එය සම්මත කිරීම කළ නොහැකි වන ආකාරයෙනි.
මෙම පනත සම්මතකරගත හැකිවූයේ නම් කෙන්යානු මලල කී‍්‍රඩාවට එරෙහිව අන්තර්ජාතික මලල කී‍්‍රඩා සංගමයෙන් පැනවීමට සූදානම් වන තහනමෙන් ගැලවීමේ අවස්ථාවක් කෙන්යාවට තිබිණ.
කෙසේ වෙතත්් කෙන්යානු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වන කිප් කේනෝ් මහතා පවසන්නේ් තවත් කාලය දිගුවක් ඉල්ලා ගැනීීම සඳහා තමන් ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.
”මේ සම්බන්ධයෙන් බලධාරීන් දක්වන ආකල්පය පිළිබඳව මා ඉතාමත් කණගාටු වෙනවා. ඔවුන්ට මේකේ බරපතළ කම තේ්රෙන්නේ නෑ.....ඔවුන් ඉතාමත් භයංකාර ලෙස මේ රටේ තරුණ පරපුර අසරණ කරලා තිියෙනවා” යයි මීටර 1500 ඉසව්වෙන් දෙවරක්ම ඔලිම්පික් රන් පදක්කම දිනාගත් කී‍්‍රඩකයකු වන, කෙන්යානු ඔලිම්පික් කමිටු සභාපති කිප්් කේනෝ මහතා පවසයි.
තහනම් උත්තේජක ලබාගැනීමට වරදකරුවන් වවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඩොලර් 1000 ක (කෙන්යානු සිලිම 100,000 ක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලිින් රුපියල් 146,000 ක්) දඩයකට යටත් කළ යුතු බවත්, මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියක් ස්ථාපිත කළ යුුතු බවත් කෙටුම්පත් කරන ලද පනතින් නිර්දේශ කර තිබිණ. එහෙත් එය නීතියක් බවට පත්වීමට නම් කෙන්යානු පාර්ලිමේන්තුවේ තව දුරටත් සාකච්ඡුාවට බඳුන් විය යුුතු අතර ජනාධිපතිවරයාගේ අනුමැතියටද යටත් විය යුතුය.
මේ අතර අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ මහතා කියන්නේ මත්ද්‍රව්‍ය ගන්නා තක්කඩියන් ආරක්‍ෂා කිරීමට උත්සාහ කරන කවුරුන්ට එරෙහිව වුවත් තමන් ඉතාමත් තදින් කි‍්‍රයා කරන බවයි.
අදාළ නීති සම්පාදනය කිරීම සඳහා බලධාරීන් උනන්ද කරවීමට තමන් වසර ගණනාවක් තිස්සේ සිියලූම උත්සාහයන් ගන්නා බවද කෙන්යානු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වන කිප් කේනෝ් මහතා කියයි.
”මා මේ යෝජනාව පළමුවෙන් ගෙන ආවේ 2013 දී. ඊට පස්සේ ආයෙමත් 2014 දී මේ යෝ්ජනාව මා ගෙනාවා. ඒ් ජැමෙයිකාව සහ එක්සත් ජනපදය මෙවැනිම තත්ත්වයකට මුහුණ දී සිටියදී”
”දැන් ඒ රටවල් දෙකම තමන්ගේ කටයුතු කරගත්තත් අපට තවමත් බැහැ. යයිද කෙන්යානු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වන කිප් කේනෝ් මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.