Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කෙවින් - රොමේලු බෙල්ජියම ඉදිරියට ගෙන යති

කෙවින් - රොමේලු බෙල්ජියම ඉදිරියට ගෙන යති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

කෙවින් ඩි බෘයිනිට හා රොමේලු ලුකාකුට ස්තුති වන්නට අමෙරිකාව සමග සැල්ව‍දෝරයේ පැවැති තියුණු තරග‍යේ අතිරේක කාලයේ ගෝල 2-1 ක ජයක් ලබාගත් බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. එහෙත් සටන්කාමී අමෙරිකානු ක්‍රීඩකයන් හමුවේ බෙල්ජියමට ජයග්‍රහණය පහසු එකක් නොවීය. තරගයේ නියමිත කාලය නිමාවූයේ දෙපිලටම ගෝල ලබා ගැනීමේ අවස්ථා‍අහුරා දමමිනි.

අමෙරිකාව සිය ප්‍රතිවාදීන්ට එරෙහිව තරගය පුරා අතිවිශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර ඔවුන්ගේ දැළ රකින ටිම් ‍හොවාර්ඩ් ප්‍රතිවාදීන්ගේ ප්‍රහාර අවස්ථා 15 කින්ම සිය දැල ආරක්ෂා කරගැනීමට සමත්වීම කැපී පෙනුණි. එය ලෝක කුසලාන තරගයක දැල් රකින්නකු විසින් ප්‍රතිවාදීන්ගේ ප්‍රහාර හමුවේ සිය දැල ආරක්ෂා කරනු ලැබූ වැඩිම වාර ගණන ද වේ. එහෙත් ඒ සියලු උත්සාහ ව්‍යර්ථ කරමින් බෙල්ජියම අතිරේක කාලයේ පළමු භාගය තුළ පිට පිට ගෝල දෙකක්ම ලබා ගත්තේය.

තරගයේ 93 වැනි මිනිත්තුවේ දී බෘයිනි ගැසූ බෙල්ජියමේ පළමු ගෝලයෙන්ම අමෙරිකානු ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේය. එම ගෝලය වාර්තා වූයේ බෙල්ජියමේ අතිරේක ක්‍රීඩක ලුකාකුගේ දක්ෂ පන්දු යොමුකිරීමක් මතය.

ඉන් නොනැවතුණු ලුකාකු 105 වැනි මිනිත්තුවේ දී ගැසූ ගෝලයෙන් අමෙරිකාවේ බලාපොරොත්තුව එහෙම පිටින්ම ගිලිහී ගියේය. ඉන් අනතුරුව පිටියට හඳුන්වා දුන් අමෙරිකා පිලේ අතිරේක ක්‍රීඩක ජුලියන් ග්‍රීන් 107 වැනි මිනිත්තුවේ දී ලැබූ ගෝලයෙන් තරගයේ උණුසුම වැඩි කරන්නට සමත්වූව ද බෙල්ජියමේ ජයග්‍රහණය නතර කිරීමට එය ප්‍රමාණවත් වූයේ නැත.


අදහස් (3)

කෙවින් - රොමේලු බෙල්ජියම ඉදිරියට ගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.