Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර තරග තුනකින් සමන්විත ‘ශ්‍රීමත් විවියන් රිචඞ්ස්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කේප් ටවුන්හිදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (04) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය.
කොදෙව් පිල කඩුලූ 8 ක් අතැතිව තවත් ලකුණු 4 ක් පමණක් පසු පසින් සිටියි.
තෙවැනි දිනය අවසන් වන විට ලියොන් ජොන්සන් (නොදැවී 37) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 26) පන්දුවට පහර දෙමින් සිටියහ.
කොදෙව් ආරම්භක පිතිකරුවන් වන ක්‍රෙග් බ්රැත්වයිට් (16) සහ ඩෙවොන් ස්මිත් (07) ලකුණු 27 ක් තුළ පිටියෙන් ඉවත් වූහ.
දකු-ණු අප්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 421 ක් රැස්කරමින් ලකුණු 92 ක් ඉදිරියට පැමිණියේය.
දකුණු අප්‍රිකානු ඉනිම අවසන් වීමත් සමඟ තේ විවේකය සදහා තරගය අත්හිටුවීය.
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින ඒ. බී. ඩිවිලියස් පන්දු 194 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 148 ක් ලබා සිය 21 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.
තෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස නායක හෂීම් අම්ලා ලකුණු 63 ක් ලබා දැවී ගියේය.
ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 122 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 68 ක් ලබා දෙවැනි දිනයේදී දැවී ගියේය.
තරගයේ දෙවැනි දිනය අවසන් වන විට දකුණු අප්‍රිකානු පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 227 ක් ලබා සිටියේය.
කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 329 ක් රැස් කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 99.5 කදී සියලූ දෙනා දැවී 329 (ඩෙවොන් ස්මිත් 47, ලියොන් ජොන්සන් 54, මාලන් සැමුවෙල්ස් 43, ජර්මේන් බ්ලැක්වුඞ් 56, දිනේෂ් රැම්ඞීන් 53, ජේසන් හෝල්ඩර් 23, ජේරමි ටේලර් 13, සීමන් හැමර් 71/3, ඬේන් ස්ටෙයින් 78/4, මොනේ මොර්කල් 83/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 88 (ක්‍රෙග් බ්රැත්වයිට් 16, ලියොන් ජොන්සන් නොදැවී 37, මාලන් සැමුවෙල්ස් නොදැවී 26)
දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිම ඕවර 122.4 කදී කඩුලූ සියලූ දෙනා දැවී 421 (ඇල්විරෝ පීටර්සන් 42, ෆෆ් ඩූ ප්ලීසිස් 68, හෂීම් අම්ලා 63, ඒ. බී. ඩිවිලියස් 148, ස්ටේන් වැන්සිල් 33, ජේසන් හෝල්ඩර් 87/2, මාලන් සැමුවෙල්ස් 68/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.