Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය (29 වැනිදා) සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 275 ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ඔවුහු දකුණු අප‍්‍රිකානු පිලට වඩා තවත් ලකුණු 142 ක් පසුපසින් සිටිති.
වර්ෂාව හේතුවෙන් අද දිනයේ දිවා අහාරයට පෙර තරගය පැවැත්වීමට නොහැකි තත්ත්වයක පැවැතිණ. තේ පානයෙන් අනතුරුවද වරින්වර වර්ෂාව ඇදහැළීම නිසා ඉන් පසුවද යැවිය හැකිවූයේ ඕවර 10 ක් පමණි.
අද දිනයේදී තරගය ආරම්භ කරන විට ක්‍රෙග් බ‍්‍රැත්වයිට් නොදැවී ලකුණු 65 ක් සහ මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 60 ක් බැගින් ලබා සිටි අතර ඔවුන් දෙදෙනාම ශතක ලබාගැනීමෙන් අනතුරුව තම ඉනිම් නිමා කළහ.
එහිදී තම පස්වැනි ටෙස්ට් ශතකය (101) ලබාගත් මාලන් සැමුවෙල්ස් ඊට හයේ පහරක් සහ හතරේ පහර 14 ක් අන්තර්ගත කළ අතර තම දෙවැනි ටෙස්ට් ශතකය (106) ලබාගත් ක්‍රෙග් බ‍්‍රැත්වයිට් ඊට හතරේ පහර 12 ක් අන්තර්ගත කළේය.
ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 176 ක සම්බන්ධතාවක් ගෙඩනැගූ අතර එම සම්බන්ධතාව බිඳ දමමින් දිනයේ පළමු කඩුල්ල ලෙස මාලන් සැමුවෙල්ස් කී‍්‍රඩා පිටියෙන් ඉවත් කිරීමට වර්නන් පිලෙන්ඩර් සමත්විය.
ලකුණු 44 ක් තුළ කොදෙව් පිලේ කඩුලූ 7 ක් බිඳවැටුණ අතර මෝනි මොර්කල් (69/4) සමග එක්වූ ඉම්රාන් තාහිර් (108/3) කොදෙව් පිතිකරුවන් එකා පිට එකා ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූහ.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම - ඕවර 122 කදී කඩුලූ 8 ට 417
(ඞීන් එල්ගර් 121, ඇල්විරෝ පීටර්සන් 17, ෆෆ් ඩූප්ලෙසී 103, හෂීම් අම්ලා 33, ස්ටේන් වැන්සිල් 29, වර්නන් පිලෙන්ඩර් නොදැවී 13, ඬේල් ස්ටේන් 58, ජෙරමි ටේලර් 114/2, ෂෙනොන් ගේබ්රියල් 80/2, කෙන්රොයි පීටර්ස් 69/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 79 කදී කඩුලූ 9 ට 275
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 106, ඩෙවොන් ස්මිත් 22, මාලන් සැමුවෙල්ස් 101, ඩිනේෂ් රැම්ඩින් 20, මෝනි මොර්කල් 69/4, ඉම්රාන් තාහිර් 108/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.