Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කොලොම්බියාවට 2-1 ක ජයක්

කොලොම්බියාවට 2-1 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ කොලොම්බියානු ක්‍රීඩකයෝ  ගෝල් 2-1 ක් ලෙස අයිවරි කොස්ට් පිල පරාජය කිරීමට සමත්වූහ.

බ්‍රසීලයේ ජාතික ක්‍රීඩාංගණයේ පැවැති 'සී' කාණ්ඩයේ තරගයක් වූ  මෙම තරගෙය්දී පළමු භාගයේ දී ගෝලයක් ලබාගැනීමට කිසිවකුට හැකිවූයේ නැත. දෙපිලේම අරමුණ වූයේ ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක නිරතවීමයි.

පළමු භාගයේ දී ඉදිරිපෙළ ආරක්ෂක වළල්ල අතරින් රිංගා පන්දුව ප්‍රතිවාදින්ගේ දැළ ආසන්නයට ගෙන යාමට දෙපිලේම ක්‍රීඩකයන්ට හැකිවූයේ අවස්ථා දෙකක දී පමණි. 6 වැනි මිනිත්තුවේ දී කොලොම්බියාවේ ටෝ ගුටිරීස් ද, 31 වැනි මිනිත්තුවේ අයිවරි කෝස්ට් හී සර්ජ් ඔරියර් ද ගෝල රැස් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක විය.

64 වැනි මිනිත්තුවේ දී ටෝ ගුටිරිස් පිටියේ මැද සිට යොමු කළ පන්දුව  ජේම්ස් රොඩ්‍රිගස් විසින් ප්‍රතිවාදී දැළ රකින්නා පරයමින් විදුලියක් සේ දැළ තුළට වැදීමෙන් කොලොම්බියාවේ පළමු ගෝලය වාර්තාවිය. ඊට මිනිත්තු 6කට පසුව පිටිය මැද දී අයිවරි කෝස්ට් පිලේ ඔරියර්ගෙන් පන්දුව උදුරාගත් කොලොම්බියානු අතිරේක ක්‍රීඩක කුයින්ටෙරෝ ඉදිරියට දිව යමින් ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් හඬ මැද එය සාර්ථකව ගෝලයක් බවට පත්කළේය. ඒ  අනුව පිට පිට දෙවැනි ගෝලයත් වාර්තා කරමින් 2-0 ක් ලෙස අයිවරි කෝස්ට් පිල අසරණ කිරීමට කොලොම්බියාව සමත්විය.

එහෙත් 73 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවාලමින් විශිෂ්ට ගෝලයක් රැස් කිරීමට අයිවරි කෝස්ට් ක්‍රීඩක ගර්වින්හෝ සමත්විය. ප්‍රතිවාදී දැළ අසළම ඔහු ගැසූ පහර වැළක්වීමට කොලොම්බියාවේ දැළ රකින්නා වන ඔස්පිනාට හැකිවූයේ නැත.


අදහස් (0)

කොලොම්බියාවට 2-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.