Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කිලෝ මීටර 9000ක ඩකාර් රැළිය ඇරඹෙයි

කිලෝ මීටර 9000ක ඩකාර් රැළිය ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව ප්‍රධානතම මෝටර් රථ රැළිය වන ඩකාර් රැලියේ 39 වැනි අදියර හෙට (2 වැනිදා) සිට 14 වැනිදා දක්වා පැරගුවේ, බොලීවියාව සහ ආජන්ටිනාව යන රටවල් හරහා පැවැත්වේ. මෙවර තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 350 ක් පමණ වන අතර එහිදී ඔවුන්ට කිලෝ මීටර 9000 කට වැඩි දුරක් සිය මෝටර් රථ සහ යතුරු පැදි මෙහෙයවීමට කිරීමට සිදුවේ.

තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අතරේ 12 වරක් ඩකාර් රැළි ශූරතාව දිනා සිටින ස්ටීවන් පීටර්හැන්සල් ප්‍රධාන තැනක් ගනියි. ඔහු ඇතුළු තරගකරුවන් සියලු දෙනාට මෙවර තරගාවලියේදී මුහුණදීමට සිදුවන ත්‍රාසජනකම අත්දැකීම දින 6 ක් පුරා මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර් 3000 ක් පමණ ඉහළින් පිහිටි ප්‍රදේශ හරහා ගමන් කිරීමට සිදුවීමයි.

“ඉහළ උන්තාශයකින් යුත් ප්‍රදේශය තරණය කිරීම ගැන අපි හැමෝම චකිතයකින් ඉන්නේ. අපේ කණ්ඩායම්, සහයකයන් සහ මෝටර් රථ ගැනත් මා බියකින් පසුවෙනවා.” යැයි පර්ජෝ වර්ගයේ රථයක් භාවිතා කරමින් 2016 අදියර ජයගත් 51 හැවිරිදි ප්‍රංශ ජාතික පීටර්හැන්සල් කියා සිටියේය.

වසර 2004, 2005 සහ 2007 වසර වලදී ඩකාර්ර් රැළිය ජයගැනීම සඳහා මිට්සුබිෂී වර්ගයේ රථයක් භාවිතා කළ පීටර්හැන්සල්, 2012 සහ 2013 වසර වලදී ඩකාර්ර් රැළිය ජය ගැනීම සඳහා භාවිතා කළේ මිනි වර්ගයේ රථයකි.

තරගාවලියේ එකම විවේක දිනය ලෙස නම් කර ඇති ජනවාරි 8 වැනිදා දිනය තරගකරුවන්ට ගතකිරීමට සිදුවනුයේ බොලීවියාවේ ලා පාස් අගනුවරදී වන අතර එය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 3500 ක උසකිනි. බොලීවියාවේ ඇල්ටිප්ලානෝ නුවර හරහා ගමන් කරන අදියර 5 කදී තරගකරුවන්ට මීටර් 4500 ක ඉහළ උන්නාතාංශය කින් පිහිටි ප්‍රදේශද පසුකරමින් ගමන් කිරීමට සිදුවේ.

“මේ වසරේ (2017) ඩකාර් රැළියේ ගමන් මාර්ගය සම්ප්‍රදායික රැළි ගමන් මාර්ග වලට වඩා තරමක් වෙනස්. එහිදී තරගකරුවන් ඉවසීම සහ දරාගැනීම සම්බන්ධ අත්‍යන්න මට්ටමේ ශාරීරික අභියෝගයකට ලක්කරනවා.” යැයි ඩකාර් රැළියේ සහය අධ්‍යක්ෂ මාර්ක් කෝමා මහතා පැවසීය. මාර්ක් කෝමා, ඩකාර් රැළියේ සහය අධ්‍යක්ෂවරයකු පමණක් නොව 5 වරක් එහි යතුරුපැදි ශූරතාවද දිනාගත් ක්‍රීඩකයෙකි.

නම වරක් ලෝක රැළි ශූරතාව දිනා ඇති සෙබස්තියන් ලොබ්, මේ වසරේදී සිය දෙවැනි ඩකාර් රැළියට සහභාගි වීමට සූදානමින් සිටියි. ඉකුත් වසරේදී සිට්රන් වර්ගයේ රථයක් භාවිතා කරමින් පැවැති ඩකාර් රැළියට සිය ආගමනය සනිටුහන් කළ ලොබ්ට එහි 9 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

මෝටර් රථ කණ්ඩායම් 90 පමණ මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත අතර ඒ අතරින් පර්ජෝ කණ්ඩායමේ ප්‍රබලතම ප්‍රතිවාදීන් ලෙස හැදින්විය හැක්කේ ටොයොටා කණ්ඩායම සහ මිනි කණ්ඩායමයි.
ඉකුත් වසරේදී යතුරුපැදි අංශයේ ශූරතාව දිනාගත් ඕස්ටේ්‍රලියාවේ ටොබී ප්‍රයිස් මේ වසරේදී සිය කිරුළ රැකගැනීම සඳහා සුපුරුදු කේ. ටී. එම්. වර්ගයේ යතුරුපැදිය භාවිතා කරමින් තරගයට එක්ව සිටියි.


- 036

 


අදහස් (0)

කිලෝ මීටර 9000ක ඩකාර් රැළිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.