Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ජයගත්තත් වේල්සය අමාරුවේ වැටෙයි

ජයගත්තත් වේල්සය අමාරුවේ වැටෙයි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීමට අනුව 19 වැනි ස්ථානයේ පසුවන උරුගුවේ පිල ලකුණු 54-9 කින් පරාජය කිරීමට අංක පහේ කණ්ඩායම වන වේල්සය ලන්ඩනයේ කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේදී සමත්වූයේ ප‍්‍රසාද ලකුණක වාසියක් ද හිමිකර ගනිමිනි.


එහෙත් මේ ජයග‍්‍රහණයත් සමගම ‘ඒ‘ කාණ්ඩයේ ඔවුන්ගේ තීරණාත්මක තරගය වන එංගලන්තය සමග ලබන සති අන්තයේ ට්විකන්හැම් හීදී පැවැත්වෙන තරගයට වැඩි අවධානයක් යොමු කරමින් සිටින වේල්සයට ප‍්‍රසාද ලකුණක් ලැබීමේ වාසියට වඩා බරපතල අවාසියක් අත්විඳීමට සිදුවී තිබේ.


වේල්සයේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් දෙදෙනකු වන ලේහ හාෆ්පෙනී සහ රයිස් වෙබ්ද, විංග් කී‍්‍රඩක එලී වෝල්කර්ද දරුණු ආබාධවලට ලක්වීමෙන් කණ්ඩායමෙන් ඉවත්වූයේ තරගමාලාව ආරම්භවීමටත් පෙරය. එසේ තිබියදිත් ඉරිදා තරගයේ දී වැඩි අපහසුවකින් තොරව උත්සාහක දිනුම් 8 ක්ම වාර්තා කළ වේල්සයට දැන් සිදුවී ඇත්තේ කබලෙන් ලිපට වැටීමකට සමාන තත්ත්වයකට පත්වීමටය.


වේල්සයේ ප‍්‍රබලතම තුරුම්පු ලෙස සැළකෙන ෆුල් බෑක් කී‍්‍රඩක ලායම් විලියම් සහ ප්‍රොප් කී‍්‍රඩක පෝල් ජේම්ස් දෙදෙනාම තරගයේ ආරම්භයටත් පෙර නොන්ඩි ගැසීමට පටන් ගත් අතර තරගය පුරා කැපී පෙනෙන දස්කම් පාමින් උත්සාහක දිනුම් ත‍්‍රිත්වයක් වාර්තා කළ සෙන්ටර් කී‍්‍රඩක කොරී ඇලන් සහ  කණ්‘ඩායමට යළි එක්වූ ප්‍රොප් කී‍්‍රඩක සැම්සන් ලී  පාදයේ ආබාධවලට ලක්වූහ. ඔවුන් සිවු දෙනාම දැන් සිටින්නේ තුවාල කරුවන්ගේ ලැයිස්තුවේය.


ඉරිදා තරගයේ පළමුවැනි හා 8 වැනි මිනිත්තුවල දී ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ෆෙල්පී බර්චෙසීගේ පිහිටෙන් ද`ඩුවම් පහර දෙකක්ම සාර්ථක කරගනිමින් ලකුණු පුවරුව 8-0 කින් තමන්ට වාසිදායක ලෙස සටහන් කරවූ කෝඩුකාර උරුගුවේ පිල ඇද බැඳ තබාගත් වේල්සය සිය උත්සාහක දිනුම් රැුල්ලෙන් ලකුණු සටහන් කරු අවිවේකී කිරීමට පටන් ගත්තේ 14 වැනි මිනිත්තුවේ සැම්සන් ලීගේ අනගි කී‍්‍රඩා රටාවේ පිහිටෙනි.


ලීගෙන් පසුව සිය කණ්ඩායමේ ලකුණු පුවරුව කි‍්‍රයාත්මක කිරීම අතට ගත් කොරී ඇලන් 18, 29 සහ 40 වැනි මිනිත්තුවල දී උත්සාහක දිනුම් ති‍්‍රත්වය වාර්තා කරමින් ලෝක කුසලාන රග්බි තරගමාලාවක එවැනි හපන්කමක් කළ පස්වැන්නා බවට පත්විය. එහෙත් දැන් මේ දෙදෙනාම තුවාල කරුවන්ගේ ලයිස්තුවේ සිටිති.  


උරුගුවට උත්සාහක දිනුම් තිළිණ කළ වේල්සය අන්තිම මිනිත්තුවේ දී 8 වැනි උත්සාහක දිනුමත් තැබුවේ මදි නොකියන්නට මෙනි. ඊයේ වේල්සය වාර්තා කළ උත්සාහක දිනුම් 8 න් 7 ක්ම ගෝල බවට පත්කරමින් කැපී පෙනෙන දස්කම් පෑවේ රයිස් පී‍්‍රස්ට්ලන්ඞ්ය.


සිය බල කඳවුරේ තුවාල කරුවන් වැඩිවූවත් ප‍්‍රසාද ලකුණක් අතැතිව සිටින වේල්සයේ දැන් ගැටළුව වී ඇත්තේ ඔවුන්ගේ කාණ්ඩයේ සෙසු ප‍්‍රතිවාදීන් වන එංගලන්තයේ,  ඕස්ටේ‍්‍රලියාවේ සහ ෆිජී කණ්ඩායමේ අභියෝග ජයගන්නේ කෙලෙසදැයි යන්නට විසඳුම් සෙවීමය. එක් අතකට ඔවුන් අයත්වන කාණ්ඩය ‘මරණයේ සංචිතය‘ ලෙස විචාරකයන් හැඳින්වීම ගැන පුදුමවන්නට දෙයක්ද නැත.

 

- 077

 


අදහස් (0)

ජයගත්තත් වේල්සය අමාරුවේ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.