Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් අටේ තීරණාත්මක තරගය අත ළග තිබියදී ඕනෑවට වඩා කටමැත දෙඩවූ ප‍්‍රංශයේ ලෙස් බ්ලූස්ලා උත්සාහක දිනුම් වර්ෂාවකින් නැහැවූ වත්මන් ලෝක ශූරයෝ ලන්ඩනයේ කාඩිෆ් නුවර මිලේනියම් කී‍්‍රඩාංගණයේ දී සෙනසුරාදා පැවැති තරගයේදී 71,000කට අධික කී‍්‍රඩාලෝලීන් මැද සිය බලපරාක‍්‍රමය විදහා දැක්වූයේ ලකුණු 62-13 ක අන්ත පරාජයක් ප‍්‍රංශයට උරුමකර දෙමිනි.
නවසීලන්තයේ ජයමාවත විවර කර දුන්නේ වසර 1995 තරගමාලාවේ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තයට එදා ඕල්බ්ලැක්ස්ලාගේ ශ්‍රේෂ්ඨ කී‍්‍රඩක ජොනා ලොමු විදහා දැක්වූ විස්මිත කී‍්‍රඩා විලාශය නැවතත් සිහිපත් කළ වින්ග් කී‍්‍රඩක ජුලියන් සවීයාය. ඒ උත්සාහක දිනුම් තුනකිනි.
එතෙක් මෙතෙක් රග්බි පිටියේ බිහිවූ ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩකයා ලෙස සළකන ලොමූ එදා එංගලන්තයට එරෙහිව උත්සාහක දිනුම් 4 ක්ම තැබූ අතර ලකුණු 45-29 ක ජයක් සිය කණ්ඩායම අත්කරදීමට ද සමත්විය.
සවීයා සෙනසුරාදා කළේත් ඒ ටිකමය.
මෙවර තරගමාලාවේ දී ඔහු වාර්තා කළ උත්සාහක දිනුම් සංඛ්‍යාව 8 ක් වන අතර සෑම අගලකින්ම ඕල්බ් ලැක්ස්ලාගේ මීළඟ ලොමූ බවට පත්වීමේ පෙරනිමිති පහළ කිරීමට ජූලියන් සවීයා සමත්ව සිටියේය. මේ 25 හැවිරිදි කී‍්‍රඩකයා ඊයේ මිලේනියම් කී‍්‍රඩාංගණය සිය අණසකට නතුකරගත් අන්දම සෑහෙන කාලයක් යනතුරු කී‍්‍රඩා ලෝලීන්ගේ මතකයේ රැව්පිළිරැුව් දෙනු නොඅනුමානය.
මේ ජයග‍්‍රහණය වූකලී ලෝක කුසලාන රග්බි තරගමාලාවක අර්ධ අවසන් පූර්ව තරගයකදී වාර්තාවූ ඉහළම ජයග‍්‍රහණය ලෙසත් වාර්තාපොත අලූත් කළේය.
සෙනසුරාදා තරගයේදී ඕල්බ්ලැක්ස්ලා තැබූ උත්සාහක දිනුම් නවය ‘ලෙස් බ්ලූස්ලාගේ’ පුරාජේරු කතාවලට ලැබුණු හොඳම තෑග්ග ලෙසත්, තරගය පුරාම දැඩි පසුබෑමකට ලක්වූ ප‍්‍රංශයට උන්හිටිතැන් අමතක කළ වර්ගයේ පරාජයක් ලෙසත් විචාරකයෝ හැඳින්වූහ.
ඕල්බ්ලැක්ස්ලා මිලේනියම් කී‍්‍රඩාංගණයට ගොඩබැස්සේ ඔවුන්ගේ සම්ප‍්‍රදායික හකා නර්තනය තම ජයග‍්‍රහණයක් බවට පත්කර ගන්නා බවට උදම් ඇනූ ලෙස් බ්ලූස්ලාගේ පුරාජේරු කතාවලින් හොඳහැටි ලේ රත්කර ගනිමිනි. වසර 2007 තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් ප‍්‍රංශය හමුවේ ලැබූ ලකුණු 20-18 ක අපකීර්තිමත් පරාජය නැවත දකින්නට ඔවුන් තුළ කිසිදු කැමැත්තක් තිබුණේම නැති හැඩකි.
මේ ප‍්‍රංශ කාරයන්ට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතු බව ඔවුන්ගේ සිතේ තිබුණා දැයි සිතෙන තරමට මුල සිටම දැඩි ආක‍්‍රමණශීලී තරග රටාවක් පෙන්නුම් කළ ඕල්බ්ලැක්ස්ලා ඊයේ පෙන්නුම් කළේ එහෙම පිටින්ම වෘත්තීය මට්ටමේ කී‍්‍රඩා ශෛලියකි.
තරගයේ 6 වැනි මිනිත්තුවේ දී ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක ඩැන් කාටර්ගේ නොවරදින ද`ඩුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ නවසීලන්ත පිලට පළමු උත්සාහක දිනුම ගෙන දුන්නේ බ්‍රොඞී රිටැලික්ය.
ඇත්ත වශයෙන්ම සිදුවූයේ ‘ලෙස් බ්ලූස්ලාගේ’ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ෆ්‍රෙඞ්රික් මිචලැක් පන්දුවට දුන් පහරකට රිටැලක් තම සිරුර දමා එය උදුරාගෙන මීටර් 30ක් එපිටින් තිබූ ප‍්‍රංශ සීමා ඉර වෙත විදුලි වේගයෙන් දිවයාමය.
මේ උත්සාහක දිනුමෙන් උද්දාමයට පත් සෙසු සගයන් ද ඊළඟට රිටැලක් අනුගමනය කරමින් ලෙස් බ්ලූස්ලාගෙන් පන්දුව උදුරාගනිමින් උත්සාහක දිනුම් තැබීමේ අමුතුම පොටක් පාදාගත්හ. එය එක්තරා අන්දමකින් ඔවුන්ගේ සතුටට කාරණයක් වූවා මෙන්ම අනිත් අතට ලෙස් බ්ලූස්ලාට දරුණු හිසරදයක් බවට පත්විය.
ඊළඟ මිනිත්තු 30 පුරාම දකින්නට ලැබුණේ ඉතා පරිණත කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කරමින් ඕල්බ්ලැක්ස්ලා පන්දුව එකිනෙකා අතර හුවමාරු කරමින් ප‍්‍රංශයේ ආරක්ෂක වළල්ල මුලූමනින්ම මුලාවට පත්කිරිමකි.
නවසීලන්ත කී‍්‍රඩකයන්ගේ මේ වේගවත් පන්දු හුවමාරුවෙන් දැඩි පීඩනයකට හසුවූ ලෙස් බ්ලූස්ලාට සිය ප‍්‍රතිවාදීන් හඹායන්නට සිදුවූයේ පන්දුව නැවත ලබාගැනීමේ අටියෙන් නොව ඔවුන්ගේ උත්සාහක දිනුම් වර්ෂාවෙන් නොතෙමී සිටීමේ අරමුණ ඇතිවය. එහෙත් ඕල්බ්ලැක්ස්ලාගේ පන්දු හුවමාරුව උත්සාහක දිනුමකින් මිස ඉන් මෙහා තැනක නම් නතරකර ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත.
තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 29-13 කින් පෙරමුණ ගැනීමට ඕල්බ්ලැක්ස්ලා සමත්වූයේ මේ කී‍්‍රඩා විලාශය මතය.
කෙසේවෙතත් මුල් භාගයේ දී වැඩි ජවයකින් යුතුව ප‍්‍රතිවාදීන්ට මුහුණදුන් ප‍්‍රංශ කී‍්‍රඩකයන් දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් අතර 35 වැනි මිනිත්තුවේ දී දැඩි ආයසයකින් පසුව ලූයිස් පිකමෝල්ස් තැබූ උත්සාහක දිනුම මෝගන් පැරා ගෝලයක් බවට පත්කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දමාගත්හ. එහෙත් ඒ උත්සාහක දිනුම තමන්ගේ එකම උත්සාහක දිනුම බවට පත්වනු ඇතැයි ඒ මොහොතේ නම් ලෙස් බ්ලූස්ලා නොසිතන්නට ඇත.
දෙවැනි භාගයේ දී ඕල්බ්ලැක්ස්ලා ප‍්‍රංශ කී‍්‍රඩකයන්ට හැරෙන්නවත් ඉඩ තැබුවේ නැත. සවීයාගේ වාර්තාගත උත්සාහක දිනුම් ති‍්‍රත්වයේ මුල් දෙකම වාර්තා වූයේ පළමු භාගයේදීය. උත්සාහක දිනුම් පිපාසයෙන් පෙලෙමින් සිටි සෙසු සගයන්ට ප‍්‍රංශ සීමා ඉර වෙත යන්නට ඔහු ඉඩ දුන්නේ 58 වැනි මිනිත්තුවේ දී සිය තුන්වැනි උත්සාහක දිනුමත් තැබීමෙන් පසුවය.
අතිරේක කී‍්‍රඩක ටවේරා කර් බාලෝ තරගයේ 67 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු 3ක් ඇතුළත උත්සාහක දිනුම් දෙකක් තබා නවසීලන්තයේ උත්සාහක දිනුම් සංඛ්‍යාව 9 දක්වා ඉහළ දැමූ අතර දවසේ කාර්යබහුල කී‍්‍රඩකයා බවට පත්වූ කාටර් ඉන් 7 ක්ම ගෝල් කණුව අතරින් පියඹා යැවීමට සමත්විය.
මේ ජයග‍්‍රහණය ඕල්බ්ලැක්ස්ලාට අවසන් පූර්ව වටයේ දොරටු විවර කළා පමණක් නොව එහි දී මුණගැසීමට නියමිත දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්ස්ලාට කළ දැඩි අනතුරු ඇගවීමක් ද විය.
නවසීලන්ත - ප්‍රංශ රග්බි අර්ධ අවසන් පූර්ව තරගයේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.