Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සිවුවැනි දිනය (5 වැනිදා) සඳහා නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 354 ක ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියේය.
![]() |
![]() |
![]() |
ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා තවත් ලකුණු 178 ක් ඉදිරියෙන් සිටින අතර තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නායක ජෝ රූට් නොදැවී ලකුණු 67 ක්ද, ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 5 ක්ද බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 353 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 51 ක් වන විට බිඳ වැටුණ අතර එහිදී ඇලිස්ටෙයාර් කුක් ලකුණු 16 කට දැවී ගියේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.
ඉන් අනතුරුව මාර්ක් ස්ටෝන්මන් ලකුණු 36 කටද, ජේම්ස් වින්ස් ලකුණු 15 කටද පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ මිචෙල් ස්ටාර්ක් එංගලන්ත කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දැමුවේය.
එතැන් පටන් ජෝ රූට් සමග එක්වූ ඬේවින් මැලන් (29) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පැට් කමින්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඬේවිඞ් මැලන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. රූට්ගේ 34 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය.
තෙවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එංලගන්න පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 85 ක් පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උප නායක ජේම්ස් ඇන්ඩසන් ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම අඩපණ කළේය. ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගත් ක්‍රිස් වෝක්ස් ඕස්ටේ්‍රලියානු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇන්ඩසන්ට අනගි සහායක් දුන්නේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.