Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ටොංගා පැරදවූ ජෝර්ජියාවෙන් පෙරළියක්

ටොංගා පැරදවූ ජෝර්ජියාවෙන් පෙරළියක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


16 වැනි ස්ථානය කරපින්නා ගෙන මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට පැමිණි ජෝ්ර්ජියාව ඊයේ ග්ලොස්ටර්ෂයර් ප‍්‍රාන්තයේ කිංග්ස්හෝම් කී‍්‍රඩාංගණයේ දී ලකුණු 17-1ක ජයක් වාර්තා කරමින්  කණ්ඩායම් හැ`ගීමත්, අධිෂ්ඨාන ශක්තියත් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවෙන් මිනිය නොහැකි බැව් ලෝකයාට කියා දුන්නේය.

තමන්ට වඩා ස්ථාන 5 ක් ඉදිරියෙන් පසුවන ටොංගා කී‍්‍රඩකයන්ගේ කීර්තිනාමය බිංදුවටම ඇද දැමූ ජෝර්ජියානු කී‍්‍රඩකයෝ ඉදිරියේ පැවැත්වෙන තරග වලදී තමන්ගෙන් පරෙස්සම් වන්නැයි සෙසු කණ්ඩායම් වලට අනතුරු ඇගවූහ.

මෙවර තරගමාලාවේ මෙතෙක් වාර්තා වූ අඩුම කී‍්‍රඩාලෝලීන් පිරිසකගේ (14,000 ක්) සහභාගීත්වයෙන් පැවැති මේ තරගයේ දී ජෝර්ජියානු කී‍්‍රඩකයන් දැක්වූ දස්කම් ඔවුන්ගේ ඊළග තරගවලට වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් ගෙන්වා ගැනීමට තරග සංවිධායකයන් උනන්දු කරවූ එකකි.

තරගයේ මුල් භාගය නිමාවට පත්වෙද්දිත් සියලූදෙනා බලාපොරොත්තු වූ ලෙස දැඩි පසුබෑමකට ලක්වී සිටි ජේාර්ජියාව හමුවේ සිය පළමු තරගය සාර්ථකව නිමා කිරීමේ අදිටනින් පසුවූ ප‍්‍රබල ටොංගා කණ්ඩායමට සිදුවූයේ හිස් අතින් ආපසු යන්නටය. එය රග්බි ලෝක කුසලාන තරග ඉතිහාසයේ ජෝර්ජියාව ලැබූ තුන්වැනි ජයග‍්‍රහණය මෙන්ම වඩාත්ම උද්වේගකර දිනුම ලෙස ද වාර්තා පොතට එක්විය.

‘සී‘ කාණ්ඩය යටතේ පැවැති මේ තරගයේ ජෝර්ජියාව ලැබූ මේ විශිෂ්ට ජයග‍්‍රහණය ඔවුන් මීට වසර 8 කට පෙර නැමීබියාවට සහ පසුගිය තරගමාලාවේදී රුමේනියාවට එරෙහිව ලැබූ ජයග‍්‍රහණවලට වඩා බෙහෙවින් කැපී පෙනුණු එකකි.
 
මුල සිටම බරපතල ලෙස තරගයට අවතීර්ණ වූ ජෝර්ජියානුවන්ගේ නීතිවිරෝධී හැසිරීමකින් පල නෙලාගත් ටොංගා කී‍්‍රඩකයේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක කර්ට් මොරාත්ගේ ද`ඩුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළත් වැඩි වේලා නොගොස් 3-3 ක් ලෙස ලකුණු සංඛ්‍යාව සම කරගැනීමට ජෝර්ජියානුවෝද සමත් වූහ. ඒ ෆුල් බෑක් කී‍්‍රඩක මෙරාබ් විරිකාශ්විලී සාර්ථක කරගත් දඩුවම් පහරිනි.

අනතුරුව නායක මමුකා ගෝඩොස් තැබූ විශිෂ්ඨ උත්සාහක දිනුමෙන් ටොංගා පිල අභිබවා ගිය ජෝර්ජියානුවෝ 28 වැනි මිනිත්තුවේ සිට පළමු භාගය නිමාවනතුරු ප‍්‍රතිවාදීන්ගේ සියලූ උත්සාහයන් ව්‍යවර්ථ කරමින් සටන්කාමී ලෙස තරගය ඇදගෙන ගියේ ලකුණු 10-3කින් තත්ත්වය පාලනය කරගනිමිනි.

දෙවැනි භාගයේ දී සිය සටන්කාමිත්වය තව දුරටත් වර්ධනය කරගත් ජෝර්ජියානුවන් ටොංගා පිල දැඩි පීඩනයකට ඇද දැමූවේ ෆ්ලෑන්කර් කී‍්‍රඩක ජෝර්ජි කිලයිශ්විලී 57 වැනි මිනිත්තුවේදී වාර්තා කළ  උත්සාහක දිනුමත් සමගිනි.
 
තරගය නිමාවීමට මිනිත්තු විස්සක් ඉතිරිව තිබියදී සිදුවූ මේ නස්පැත්තියෙන් ටොංගා පිලට සිදුවූයේ ලකුණු 17-3 ක ලජ්ජාශීලී පරාජයක් පෙනි පෙනී කී‍්‍රඩා කිරීමටය. මේ කෝඩුකාරයන් හමුවේ පරාජයවීමට වඩා කීර්තිනාමය රැකගැනීම ගැන වැඩිපුර සිතූ හෙයින් ඉතිරි මිනිත්තු කිහිපයේ දී ටොංගා කී‍්‍රඩකයන්ට දිවි පරදුවට කී‍්‍රඩා කරමින් උත්සාහක දිනුමක් වාර්තා කරගත්තේය.

72 වැනි මිනිත්තුවේ දී මේ උත්සාහක දිනුම තැබුවේ වින්ග් කී‍්‍රඩක ෆෙටූ වයිනිකෝලෝය. එහෙත් ඔහු ජෝර්ජියානු ආරක්ෂක වළල්ල බිඳගෙන ගොස් උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් එය ප‍්‍රමාණවත් වූයේ ජයග‍්‍රහණයට නොව පරාජයේ පරතරය අඩු කරගැනීමට පමණි. පසුව කේ. එස්. මෝරාත්ගෙන් එයට අතිරේක ලකුණු එක්වූ හෙයින් ලකුණු තත්ත්වය 10-17 ක් විය.

තරගයේ ජයග‍්‍රහණය ජෝර්ජියානුවන්ගේ සතුට ඉහවහ ගිය කාරණයක් වූවත් එය වඩාත්ම දැනුණේ මෙවර තරගමාලාවේ ලාබාලතම කී‍්‍රඩකයා ලෙස මේ තරගයට එක්වූ 18 හැවිරිදි ජෝර්ජියානු ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක වසිල් ලොබ්සනිඞ්සේටය.


- 077


අදහස් (0)

ටොංගා පැරදවූ ජෝර්ජියාවෙන් පෙරළියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.