Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගවලියක් යනු කොහොමටත් ජුරාසික්ලාගේ කෙළිබිමකි. මැමත්ලාත්, නිල් තල්මස්සු සහ ඩයිනෝසරලාත් හරි හරියට පොර අල්ලන ලෝක කුසලාන තරග බිම තෝරු මෝරුන්ට සහ බළල් පවුලේ හොඳම ධාවකයන් වන පූමාස්ලාටත් යන්නට ලැබෙන අවස්ථාද නැත්තේ නොවේ.
මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පූමාස්ලා පැමිණීමත් කිසිවකු අපේක්‍ෂා නොකළ තත්ත්වයකි. ආර්ජන්ටිනාවේ ‘පූමාස්ලා’ අවසන් පූර්ව වටයට ආවේ 2011 දී ලෝක කුසලාන අනුශූරයන් වූ ප‍්‍රංශයත් 2007 ලෝක ශූරයන් වූ එංගලන්තයත් එළියේ සිටියදීය.
සාමාන්‍යයෙන් ඉදිරිපෙළ කී‍්‍රඩකයන්ගේ දස්කම්වලින් තරග දිනාගැනිමට ප‍්‍රකටව සිටි ආජන්ටිනාව මෙවර තරගමාලාවේ දී ඔවුන්ට ආවේනික කී‍්‍රඩා රටාව වෙනුවට නවතාලයේ ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක නිරතවෙමින් ඉතිහාසයේ දෙවැනි වරට අවසන් පූර්ව තරග වටයට පිවිසීම විශේෂත්වයකි. එය දැනටත් සම්ප‍්‍රදායික කී‍්‍රඩා රටාවන් අනුගමනය කරන සෙසු කණ්ඩායම්වලට කදිම පූර්වාදර්ශයකි.
විශේෂයෙන් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ පළමුවතාවට අවසන් පූර්ව වටයකට පිවිසි දකුණු ඇමරිකානු මහාද්වීපයෙන් සෙසු කණ්ඩායම්වලට ලැබුණු කදිම පාඩමකි.
දකුණු අර්ධගෝලයේ රග්බි දැවැන්තයන් අතර වසර 1996 දී ඇරැුඹුණු ‘තී‍්‍ර නේෂන්ස් රග්බි තරගමාලාවේ දොරටු ආජන්ටිනාවට විවර වූයේ 2012 වසරේදී ඔවුන් ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල අංක තුනට පත්වීම නිසාය.
නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව බොහෝ කලක සිට ශ්‍රේණිගතගත කිරීම්වල පළමු ස්ථාන තුන අතර එහා මෙහා වෙමින් සිටියත් ආජන්ටිනාව එදා ලැබූ පෙරළිකාර ස්ථානගතවීම නිසා ‘තී‍්‍ර නේෂන්ස්’ ශූරතාවලියට එක්වීමට ආජන්ටිනාවට හැකිවිය. දැන් මෙම තරගාවලිය හැඳින්වෙන්නේ ‘රග්බි ශූරතාවලිය’ යන නමිනි. මෙම තරගාවලියේදී අපි‍්‍රකාව සමග පැවැති ඔවුන්ගේ දෙවැනි තරගය ලකුණු 16-16 කින් සමකර ගැනීමට ආජන්ටිනාවේ පූමාස්ලා සමත්වීමද විශේෂත්වයක් විය.
උතුරු අර්ධගෝලය කේන්ද්‍ර කරගත් වාර්ෂික ‘සික්ස් නේෂන්ස් ශූරතාවලියට අයත් නොවන කණ්ඩායම් හතරකට ලෝක කුසලාන රග්බි තරගමාලා ඉතිහාසයේ පළමුවරට දොරටු විවරවූයේ මෙවරය. ලෝක කුසලාන තරගමාලාවට පමණක් දෙවැනි වන ‘සික්ස් නේෂන්ස් ශූරතාවලිය‘ට එංගලන්තය, ප‍්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, ස්කොට්ලන්තය සහ වේල්සය ඇතුළත් වෙති. එහෙත් මෙවර තරගාවලියේදී ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ රොමේනියාවත් ලෝක කුසලාන තරගාවලියට එක්වූහ.
රග්බි ලෝකයේ දැවැන්තයන් සමග හරි හරියට කී‍්‍රඩා කිරීමේ භාග්‍යය උදාකරගත් ජොර්ජියාව ලකුණු 17-10 කින් ටොංගා රාජ්‍යය පරාජයට පත්කිරීම මෙවර තරගමාලාවේ තවත් කැපී පෙනුණු සිදුවීමකි. එය ඔවුන්ගේ ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ තුන්වැනි ජයග‍්‍රහණය වූ අතර තරගයේ කැපී පෙනෙන දස්කම් පෑ නායක මමුකා ගෝගොඞ්සේ කී‍්‍රඩාලෝලීන්ගේ නොමඳ පැසසුමකට ලක්විය.
මේ අතර තවත් තරගයකදී ලකුණු 15-0 කින් පළමුභාගයේ පසුබෑමකට ලක්ව සිටි රුමේනියාව අන්තිමේ දී ලකුණු 17-15 කින් කැනඩාව පරාජයට පත්කරමින් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ ඔවුන්ගේ මංගල ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
විස්මය දනවන නාට්‍යමය ජවනිකාවක් බඳුවූ මේ තරගයේ 73 වැනි මිනිත්තුවේදී රුමේනියාවේ නායක මිහායි මැකෝවී තැබූ විශිෂ්ඨ උත්සාහක දිනුම සෙන්ටර් කී‍්‍රඩක ෆ්ලෝරින් ව්ලැයිකු ගෝලයක් බවට පත්කිරිමෙන් ලකුණු පුවරුව 15-14 ක් වූ අතර පසුව තරගය නිමාවීමට මිනිත්තු තුනකට පෙර ව්ලැයිකු විසින්ම නිවැරැදි ඉලක්කයට ගැසූ දඩුවම් පහරින් ඔවුන්ගේ ජයග‍්‍රහණය තහවුරු විය.
කෙසේවෙතත් ඕස්ටේ‍්‍රලියාව සහ ස්කොට්ලන්තය අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ස්කොට්ලන්ත කී‍්‍රඩාලෝලින්ගේ දැඩි අප‍්‍රසාදයට මෙන්ම කණගාටුවටත් කාරණයක් විය. එසේ වූයේ තරගයේ අවසන් මොහොතේත් ලකුණු 34-32 කින් ඕස්ටේ‍්‍රලියාව අභිබවා පෙරමුණ ගෙන අවසන් පූර්ව වටයේ දොරටුව අබියසට පැමිණි ස්කොට්ලන්තයට එරෙහිව තරග විනිසුරු ක්‍රෙග් ජෝබට් පිරිනැමූ වැරැදි සහගත දඩුවම් පහර නිසාය.
ලද අවස්ථාවෙන් ඵල නෙලාගත් ඕස්ටේ‍්‍රලියාවේ බර්නාඞ් ෆෝලේගේ නිවැරැුදි ඉලක්කයෙන් එය සාර්ථක කරගත් ඔවුන් අවසන් පූර්ව වටයේ දොරටුව අබියස සිටි ස්කොට්ලන්තය ආපසු හරවා යැවීය. තරගමාලාව පුරාම කණ්ඩායම් රැසක කී‍්‍රඩකයන් විවිධ ආබාධවලට ගොදුරුවී ගෙදරයාමට සිදුවීමත් මෙවර කැපී පෙනුණු සිදුවීමක් විය.
මීට අමතරව තවත් කී‍්‍රඩකයන් රැුසකට තීරණාත්මක තරග ගණනාවක්ම අහිමිවී ගියේය. කණ්ඩායම් 20ක් අතරින් වටයෙන් වටයට පිවිසෙමින් අවසන් මහා තරගයට ඉතිරිවූ නවසීලන්තයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ ද කී‍්‍රඩකයන් රැසක් වෙබ් එලිස් කුසලානය අත්පත් කරගැනීමට ට්විකන්හැම් කී‍්‍රඩාගණයට පිවිසියේ එවැනි ආබාධ සහිතවමය. එහෙත් ආබාධවලින් හොඳහැටි තෙම්පරාදුවී සිටි ඕල් බ්ලැක්ස්ලාට මෙන්ම වොලබීස්ලාටත් ඒ ගැන අවධානය යොමුකරනවාට වැඩිය තිබුණේ එකම අරමුණක් පමණි.
අවසානයේ දී සිය අවසන් රග්බි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ සුපිරි ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඩැන් කාටර්ගේ තීරණාත්මක ඩ්‍රොප් ගෝලය නවසීලන්තයට ජයමාවත විවර කළේය.
”අපි කණ්ඩායමක් හැටියට එකට වාඩිවෙලා මෙහෙම කිව්වා”
”අපි මේක සමරමු” යයි නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හැන්සේන් පසුව කීවේය.
ඔවුන් සිටියේ තනිව නෙවේ. ඕල් බ්ලැක්ස්ලාට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත කී‍්‍රඩාලෝලීන් අතර බි‍්‍රතාන්‍යයේ හැරී කුමාරයාද සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.