Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 තරගයේ වීරයාගේ අභාග්‍යය

තරගයේ වීරයාගේ අභාග්‍යය

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය මංගල ලෝක කුසලාන රග්බි තරගාමාලාවේ පළමු තරගයේ දීම උත්සාහක දිනුම් ති‍්‍රත්වයකට හිමිකම් කියමින් වාර්තාපොත අලූත් කළ වේල්සයේ සෙන්ටර් කී‍්‍රඩක කොරී ඇලන්ට පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරගමාලාවෙන් ඉවත්වීමට සිදුවී තිබේ. උරුගුවේ පිලට  එරෙහිව ලකුණු 54-9 ක දැවැන්ත ජයක් වේල්සයට ගෙනදුන් 22 හැවිරිදි තරගයේ වීරයාට මේ අකරතැබ්බට මුහුණපාන්නට වූයේද තරගය අතරතුරදීය.


කෝරි වෙනුවට 20 හැවිරිදි සෙන්ටර් කී‍්‍රඩක ටේලර් මෝගන් කණ්ඩායමට එක්වී සිටී.


දැනට වේල්සයේ පුහුණු සංචිතයේ සිටින මෝගන් සිය කණ්ඩායමේ ඉතිරි තරගවලදී නිත්‍ය කී‍්‍රඩකයකු බවට පත්වනු ඇත.


”මේ විදිහට කොරී අහිමිවීම කණගාටුදායක කරුණක්. විශේෂයෙන් උරුගුවේ පිලට එරෙහිව පැවැති තරගයේ විරයා වූ කොරී ඉදිරි තරගවලදී අපිට හොඳ තුරුම්පුවක් බවටයි පත්ව සිටියේ” යයි වේල්සයේ පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් කීවේය.


”දැන් අපි ටේලර් කණ්ඩායමට එකතු කරගත්තා. ඔහු සෑහෙන දියුණුවක් ලැබුූ කී‍්‍රඩකයෙක් බව පුහුණුවීම්වල දී පෙනුණා” යයිද හෙතෙම පැවසීය.


මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ මුල් හරියේදිම ආදේශක කී‍්‍රඩකයන් යොදා ගැනීමට සිදුවූ එකම කණ්ඩායම වේල්සය නොවේ. ප‍්‍රංශයට ද අත්වී තිබෙන්නේ ඒ ඉරණමය.


ප‍්‍රංශයට ලකුණු 32-10 ක ජයක් ගෙනදුන් ඉතාලිය සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්වූ වින්ග් කී‍්‍රඩක යොආන් හුගෙට් ටද අත්වීි ඇත්තේ  එවැනි ඉරණමකි.  ඔහු වෙනුවට  කණ්ඩායමට කැඳවා ඇත්තේ රෙමී ග්‍රොසෝවය.


මේ අතර ප‍්‍රංශය සමග පැවැති එම තරගයේ දී  ඉතාලියේ මයිකල් විසෙන්ටින් ද තුවාල ලැබීමෙන් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවී තිබේ. අවාසනාවට විසෙන්ටින් ට එම තරගයේ දී කී‍්‍රඩා කිරීමට ලැබුණේ මිනිත්තු දහයක් පමණි. සෙන්ටර් කී‍්‍රඩක ඇන්ඩි‍්‍රයා මැසී ඔහු වෙනුවට කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු බවට පත්විය.

 

- 077

 


අදහස් (0)

තරගයේ වීරයාගේ අභාග්‍යය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.