Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රියෝ ඔලිම්පික් උළෙලේදී සිය තුන්වැනි රන් පදක්කමත් දිනාගත් උසේන් බෝල්ට්, ඇදහිය නොහැකි ‘ත්‍රිත්ව ත්‍රිත්වය’ යථාර්ථයක් බවට පත්කරමින් ඔලිම්පික් තරග බිමෙන් සමුගත්තේය. ජැමෙයිකානු කෙටිදුර කණ්ඩායම තරමක් පසුබැස සිටියදී යෂ්ඨිය ලබාගත් බෝල්ට් මීටර 100x4 ඉසව්වේ රන් පදක්කම පිළිබඳ ජපන් ජාතිකයන් තැබූ සියලු අපේක්‍ෂා බිඳ දමමින් ජැමෙයිකානු කණ්ඩායමට එම පදක්කම දිනා දුන්නේය.
තරගයේ කාලය තත්පර 37.27 කි. තත්පර 37.60 කින් තරගය නිමකළ ජපන් කණ්ඩායම රිදී පදක්කම දිනාගත් අතර තත්පර 37.64 කින් තරගය නිමකළ කැනඩාව ලෝකඩ පදක්කම හිමිකරගත්තේය.
මෙම විස්මිත ජයග්‍රහණයෙන් පසුව මලල ක්‍රීඩාවේ ‘ශ්‍රේෂ්ඨතමයා’ යයි තමන්වම හඳුන්වාගැනීමට උසේන් බෝල්ට් පසුබට නොවීය.
“මට කිසිදෙයක් හිතාගන්න බෑ.....හිස මත තිබූ බරක් හෑල්ලු වුණා වගේ...වසර කිහිපයක්ම මේ පීඩනය මට තිබ්බා”
“නිසැක වශයෙන්ම මට ක්‍රීඩාවෙන් ඉවත්ව යාම දැනෙනවා....විශේෂයෙන්ම ඔලිම්පික් උළෙල අහිමි වීමේ අඩුව දැනෙවා.....ඒක මහා විශාල වේදිකාවක්” යයි සිය ජයග්‍රහණයෙන් අනතුරුව උසේන් බෝල්ට් පැවසීය.
“මට සම්මුඛ සාකච්ඡා නම් ඕන තරම් තියේවි. මෙහාට ආවට පස්සේ මම 500 ක් විතර කළා....ඒත් මට මේ සෙනඟ, මේ ක්‍රීඩාව, මේ තරග..සියල්ලම නැතිවේවි” යයිද පැවසීය.
උසේන් බෝල්ට් තරග කිරීමට කැමැත්තෙකි. දශකයට ආසන්න කාලයක් පුරා ලෝකයේ විවිධ ක්‍රීඩාංගණ වල සිටි දහස් ගණන් නරඹන්නන් මෙන්ම රූපවාහිනී තිරයේ පෙනී සිටිමින් බිලියන ගණන් ප්‍රේක්‍ෂකයන් පිනවූ මෙම ජැමෙයිකානුවා තමන් සමුගත යුතු වේලාව පැමිණ ඇති බව වටහා ගෙන සිටී.
“ලෝකයේ ශ්‍රේෂ්ඨතමයා මා බව මා ලෝකයාට පෙන්නුවා. දැන් මගේ අරමුණ සම්පූර්ණයි” බෝල්ට් කියයි.
බෝල්ට් මීටර 100x4 සහාය දිවීම ඉසව්වට ඉදිරිපත් වූයේ සිය සමීපතම සගයින් කිහිප දෙනකු සමගිනි.
මීටර 100 හිටපු ලෝක ශූරයා වූ අසාෆා පවෙල්, ඔහුගේ පුහුණුවීම් කිරීමේ සගයා වන යොහාන් බ්ලේක් සමග නිකෙල් ඇෂ්මීඞ්ද එතැන සිටියහ. ඔව්හු සියලු දෙනාම ජැමෙයිකානු සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.
යම් හෙයකින් මේ තිදෙනාගෙන් එක් අයකු හෝ අසාර්ථක වූවා නම් බෝල්ට්ගේ ‘ත්‍රිත්ව ත්‍රිත්වයේ’ සිහිනය බිඳ වැටෙනු ඇත. එහෙත් මේ ජැමෙයිකාවේ සිටින වේගවත්ම හාදයෝ හතර දෙනාය. ජැමෙයිකාවේදී උසේන් බෝල්ට තරග වැදීමට සිදුව ඇත්තේ ඔවුන් සමගිනි.
“මෙ ක්‍රීඩාවේදී (මීටර 100 සහ මීටර 200) ඔබ තරග වදින්නේ තනිවමයි. ජැමෙයිකාවේ හොඳම හතර දෙනා එක්ක තරග කරනවා කියන්නේ හොඳ ආශ්වාදයක් ලැබිය හැකි දෙයක්” යයි බෝල්ට් සිය සගයින් ගැන කීවේය.
වසර 8 කට ඉහතදී, යන්තම් 21 හැවිරිදි තරුණයකුව සිටි බෝල්ට් සිය ඔලිම්පික් ගමන බීජිංහිදී ආරම්භ කළේ තවත් එක් ජැමෙයිකානුවකු ලෙසිනි. එහෙත් ඔහු තරගාවලිය අවසන් කළේ ලොව වේගයවත්ම ක්‍රීඩකයා ලෙසිනි.
බීජිං ඔලිම්පික් උළෙලේ මීටර 100, මීටර 200 සහ මීටර 100x4 ඉසව් තුනේම රන් පදක්කම් බෝල්ට් විසින් දිනාගන්නා ලදි. එදා මෙදා තුර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනේදීම කෙටිදුර ඉසව් තුනේ රන් පදක්කම වෙනත් කිසිවකුට නොදුන් උසේන් බෝල්ට් වසර 8 ක් පුරා තම වේගය රඳවාගත් අතර තවත් වසර 4 ක කාලයකටත් එහි කීර්තිනාමය තමන් සතුකරගත්තේය.
නූතන ඔලිම්පික් උළෙලේ වසර 120 ක ඉතිහාසය තුළ එවන් දස්කමක් කළ පළමු වැනි ක්‍රීඩකයා ලෙස උසේන් බෝල්ට් ඉතිහාස පොතට එක්විය. උසේන් බෝල්ට් ‘රියෝ ද ජනෙයිරෝ නුවරින් පිටත්ව යන්නේ ඔලිම්පික් කෙළිබිමේ සදාතනික වීරයකු ලෙසිනි.
තවත් වසර කාලයක් අන්තර්ජාතික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ රැඳී සිටින බෝල්ට් ලබන වසරේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් අනතුරුව තරග බිමෙන් සමුගැනීමට සූදානමින් සිටී.
සිය තරග දිවියේ කිසිදනෙක මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයකින් අසමත් වි නැති මෙම ජැමෙයිකානුවා තමන්ගේ තරග දිවිය දියමන්ති මෙන් පිරිසිදු බව කියයි.
“මලල ක්‍රීඩකයකු වශයෙන් මට අවශ්‍ය දේ මා කළා. මලල ක්‍රීඩාවෙන් පිටතදී දැන් මට වෙනත් ලෝකයක් හොයාගන්න වෙනවා”
“මට වෙනත් ආකාරයේ ලයිස්තුවක් පිළියෙල කරන්න වේවි. ඒ කොයි දේටත් වඩා මා බලාපොරොත්තු වන්නේ නිවාඩුවක් අරගෙන සැනසිල්ලේ ඉන්නයි” යයිද බෝල්ට් පැවසීය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.