Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”මට තෑගි දෙකයි..”
ඕස්ටේ‍්‍රලියාවේ වොලබීස්ලාගේ දෙවැනි පේළිය ශක්තිමත් කරන 31 හැවිරිදි ඞීන් මම් සිය සගයන්ට එසේ කියා ලන්ඩන් නුවර සුප‍්‍රකට රෝහලක් කරා දිව ගියේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. මේ කාරණාවෙන් සගයන් අන්දමන්ද වූවත් එය පුහුණුකරු මයිකල් චීකා සහ නායක ස්ටීවන් මුවර්ට නම් පුදුමයකට කරුණක් නොවුයේ ඒ ගැන ඔවුන් දැන සිටි බැවිනි.
‘මමී‘ යන නමින් කාගෙත් ආදරයට පාත‍්‍ර වූ මම්ගේ තෑගි දෙකේ කතාව දැනගන්නාතුරු ඔහුගේ සගයන්ට ඉස්පාසුවක් නොවීය. මිනිත්තු කිහිපයකින් එහි සැබෑ අරුත දැනගත් විට මම්ට නොදෙවැනි සතුටකින් සගයන්ගේ සිත් දොරේ ගලන්නට පටන් ගත්තේය.
මෑතක් වනතුරු එංගලන්තයේ එක්සේටර් චීෆ් පිලේ නායකත්වය දරමින් එරට අවීවා රග්බි ශූරතාවලියට කී‍්‍රඩා කරමින් සිටි මම් සියල්ල හැරදමා යළි ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වූයේ විශේෂ අරමුණක් ඇතිවය.
විදෙස් රග්බි පිටියේ කී‍්‍රඩා කරන ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ට ලෝක කුසලාන තරගමාලාවේ දි වොලිබියකු වීමට අවශ්‍ය නම් දේශීය තරගබිමේ කී‍්‍රඩා කිරීම අනිවාර්ය කිරීමට එරට රග්බි බලධාරීන් තීරණය කර තිබිණ. අනතුරුව ඕස්ටේ‍්‍රලියාවේ සුපර් රග්බි තරගාවලිය නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් පෑ මම් ජාතික පිලේ දෙවැනි පේළියේ සිය ස්ථානය යළි අත්පත් කරගත්තේය.
හෙට (ඉරිදා* උරුගුවේ පිල සමග බර්මින්හැම් හී පැවැත්වෙන ‘ඒ‘ කාණ්ඩයේ ඔවුන්ගේ දෙවැනි තරගයේ දී වොලබීස්ලාගේ නිත්‍ය නායක ස්ටීවන් මුවර්ට විවේකයක් දෙමින් ඔහුව බංකුවේ වාඩි කරවීමට තීරණය කොට ඇති පුුහුණුකරු චීකා මම්ට කියා සිටියේ උරුගුවේ පිලට එරෙහි තරගයේදී වොලබීස්ලා මෙහෙයවීමේ වගකීම බාරගන්නා ලෙසය.
මුවර් වෙනුවට කණ්ඩායම මෙහෙයවීමට කී‍්‍රඩකයන් කිහිපදෙනකු සිටියත් විදෙස් රග්බි පිටියේ අත්දැකීම් බහුල ‘මමී‘ගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු විය හැකි බව පුහුණුකරුගේ විශ්වාසය වී තිබිණි.
හෙට තරගයේ දී සිය 39 වැනි ජාත්‍යන්තර රග්බි තරගයට කී‍්‍රඩා කරන මම් වොලිබීස්ලාට නායකත්වය දෙන එරට 84 වැනි නායකයා බවට පත්වූයේ එලෙසිනි. මේ පුවතින් උද්දාමයට පත්වූ මම්ට ඊළ`ග ඇසිල්ලේ ඔහුගේ බිරිය සාරාගෙන් දුරකතන ඇමැතුමක් ලැබිණි.
ඉන් කියැවුණේ ඇය දෙවැනි දරු ප‍්‍රසූතියට ලන්ඩනයේ මාතෘ නිවාසයකට ඇතුළත් වූ බවකි. නායකත්වයේ සතුට එහෙමම දරාගත් මම් වහා සිය කාරයට නැග ලන්ඩනය බලා පිටත්ව ගියේ දරු ප‍්‍රසූතියේ සාක්ෂිකරුවකුවීමේ අදිටනිනි.
වොලබීස්ලාගේ නව නායක ‘මමී‘ දෙවැනි වරටත් ‘ඩැඞී‘ කෙනකුවීමෙන් වොලබීස් කඳවුරේ කතාබහ වූයේ මේ වෙලාවේ මමීගෙන් සාදයක් ඉල්ලාගන්නේ කෙලෙසද යන්නයි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.