Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 දකුණු අපි‍්‍රකානු නායකයා වේලාසනින්ම සමුගනී

දකුණු අපි‍්‍රකානු නායකයා වේලාසනින්ම සමුගනී

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලා මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට කී‍්‍රඩා කිරිමට එංගලන්තයට පැමිණියේ අවාසනාව කරපින්නාගෙනය. මුලින්ම ‘බී‘ කාණ්ඩයේ සිය පළමු තරගයේදී ආසියානු රග්බි බලවතා වන ජපානය හමුවේ අන්ත පරාජයක වේදනාව උරුම කරගත් ඔවුන් දැන් මුහුණපා සිටින්නේ ඊටත් වඩා කණගාටුදායක ඉරණමකටය.


සැමෝවා පිල සමග පැවැති දෙවැනි තරගයේ දී ජයමාවත විවර කරගත් විට සැවොම සිතුවේ ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ සංක‍්‍රාන්ති සමය නිමාවට පත්වී ඇති බවකි. එහෙත් එය එසේ නොවිය.

තවදුරටත් අවාසනාව ඔවුන් පසුපස හඹා එන්නට වූ අතර ඊළ`ග බිල්ලට හසුවූයේ අන් කිසිවකු හෝ නොව එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථකතම නායකයන් අතර සිවුවැනි තැන වැජඹෙන ජීන් ඩිවිලියර්ස්ය.


සැමෝවා පිල සමග පැවැති තරගය අතරතුර හකු ඇටය කඩාගත් නායක ජීන් ඩිවිලියර්ස්ට තරගමාලාව එහෙම පිටින්ම අහිමිවීයාමට තරම් වැඬේ දුරදිග ගොස් තිබේ. තවදුරටත් රග්බි පන්දුව හා පොර බැඳීම අතහැර දැමීමේ තීරණයට ඔහු දැන් එළැඹී සිටියි.


දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් ජාත්‍යන්තර රග්බි තරග 109 කට කී‍්‍රඩා කර ඇති මේ 34 හැවිරිදි කී‍්‍රඩකයාට පිටියෙන් පිටතදීම සිය හංස ගීතය ගැයීමට සිදුවී තිබීම කණගාටුදායක කාරණයකි.


ඔහු සමුගත්තේ තරගයෙන් අනතුරුව සිය පාසල් මිතුරා මෙන්ම කණ්ඩායම් සගයාද වන චෝක් බර්ගර්, දකුණු අපි‍්‍රකාවෙන් බිහිවූ විශිෂ්ටතම රග්බි කී‍්‍රඩකයකු මෙන්ම තමාගේ පාසල් වියේ වීරයා වූ ඩැනික් ගර්බර් සහ ගොල්ෆ් කී‍්‍රඩකයකු වන අර්නි එල්ස් සමගින් වයින් වීදුරුවක් තොළ ගාමිනි.


ඇතැම් විට වයින් වීදුරුවේ තිබූ ජීවය නිසා කී‍්‍රඩාවෙන් සමුගැනීමේ වේදනාව යටපත් වූවා වන්නට පිළිවන.


”සැමෝවා පිල සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වෙද්දී මට හිතුනා මේ මගේ අන්තිම තරගය වේවි කියලා” යයි තරග 37 කදී ස්පි‍්‍රංග්බොක්ස්ලාට නායකත්වය දුන් ඩිවිලියර්ස් කීවේය.


”ආබාධ වලට මුහුණ දීම රග්බි කී‍්‍රඩාවේ නිතරම දකින්නට තියෙන දෙයක්. මටත් ඒ ධර්මතාව පොදුයි. දුකයි තමයි. ඒත් වෙන කරන්න දෙයක් නෑ” ඔහු එසේ පවසන්නේ දැඩි කණගාටුවකින් යුතුවය.


”මට 2007 තරගමාලාවේදිත් මේ විදිහට ආබාධයකට ලක්ව ආපහු ගෙදර යන්න සිදුවුණා. ඒකත් වුණේ සැමෝවා පිල සමග පැවැති තරගයකදීමයි”


”එක පැත්තකින් මට මේ විදිහට කී‍්‍රඩාවෙන් සමුගන්නට සිදුවීම විශාල කණගාටුවක්. මොකද මම දැනගෙන හිටියා ආපහු මට රට වෙනුවෙන් කී‍්‍රඩා කරන්න ලැබෙන එකක් නැතිවේවි කියලා. මම අවුරුදු 13 ක්ම දකුණු අපි‍්‍රකාවට කී‍්‍රඩා කළා. ඒ අතරතුර මට මිතුරන් රැුසක් දැන හැඳින ගන්නත් අවස්ථාව උදාවුණා. ඒ්ත් මේ විදිහට මගේ කී‍්‍රඩා දිවිය නිමාවට පත්වේවි කියලා නම් කවදාවත් හිතුවේ නෑ” ඩිවිලියර්ස් කීවේය.


”ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ පෞඩත්වය විදහා දක්වන කොළ පාට ජර්සිය හැඳගෙන රට වෙනුවෙන් කී‍්‍රඩා කරන්න ලැබීම එක අතකින් ලොකු වාසනාවක්. මේ වෙලාවේ මම හිටපු කී‍්‍රඩකයෙක් විදිහට අපේ කොල්ලන්ට මුළු හදවතින්ම සුබ පතනවා”


”මම කියන්න  ඕනා දැන් මං තමයි අපේ කොල්ලන්ගේ ප‍්‍රධානතම දිරිගන්වන්නා බව” ඔහු පැවැසීය.


අපේ කොල්ලන්ට තව බරපතල තරගයක් ඊළග සතියේ දී තියෙනවා. ඒ නිසා මම කැමැති නෑ කවුරුවත් මා ගැන දුක්වෙනවාට. ඔවුන් දැන් ඊළ`ග තරගය ගැනයි සිත යොමු කළ යුතුවන්නේ” යයි ඩිවිලියර්ස් කීවේ ලබන 3 වැනිදා ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරගය ගැනය.


”අපේ පුහුණුකරු හේනික් මේයර් ගැන කියනවානම් අපේ කොල්ලන්ට ලැබුණු හොඳම පුහුණුකරු ඔහුයි. එයා දන්නවා ස්පි‍්‍රංග්බොක්ස්ලා ඉදිරියට ගෙනියන්න  ඕන විදිහ. පහුගිය අවුරුදු 4 පුරාම රට වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔහු මට උදාකරලා දුන්නා. ඔහුට මම සදා ණයගැතියි” ඩිවිලිියර්ස් කීවේය.


දශකයකට වැඩි කාලයක් ස්පි‍්‍රංග්බොක්ස්ලා සමග ලොව වටා ගියත් ඔහුට ආබාධ නම් ආගන්තුක නොවීය. ඔහු ඒ කටුක අත්දැකීමට මුහුණ පෑවේ සිය මංගල තරගයේදී සිටමය.


එවර ඔහුට ඇතිවූයේ දණහිසේ ආබාධයකි. දකුණු අපි‍්‍රකානුවන් ලෝක ශූරයන් බවට පත්කළ 2007 තරගමාලාවේ මැද හරියේදී ඔහු ගෙදර ගියේ දරුණු අතේ ආබාධයක් නිසාය. පසුගිය 2011 තරගමාලාවේදී ඉළ ඇටයක් කඩා ගැනීම නිසා මුළු තරගමාලාවේදීම ඔහු කී‍්‍රඩා කළේ මිනිත්තු 160 ක් පමණි.

 


අදහස් (0)

දකුණු අපි‍්‍රකානු නායකයා වේලාසනින්ම සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.