Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේ තැනක් සොයා කණ්ඩායම් 20 ක් දැනටමත් මූලික තරග වටයේ හරි අඩක් පසුකොට හමාරය.
‘ඒ‘ කාණ්ඩය -
මරණයේ සංචිතය ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නොමැති ‘ඒ‘ කාණ්ඩයේදී කී‍්‍රඩා කරන එංගලන්තය ලකුණු 28-25 කින් පරාජය කළ වේල්සය ඕස්ටේ‍්‍රලියාව සමග කරට කර සිටී. සෙනසුරාදා එංගලන්තය සමග තරග වදින ඕස්ටේ‍්‍රලියාවට වේල්සය හමුවන්නේ ලබන 10 වැනිදාය.
මෙවර තරගමාලාවේ ආරම්භයේ සිටම විවිධ ආබාධවලට ගොදුරුවීමෙන් සිය වටිනා කී‍්‍රඩකයන් තිදෙනකුම අහිමිකරගත් එංගලන්ත පිල වේල්සය හමුවේ පරාජයට පත්වීමෙන් පසුවන්නේ දැඩි වේදනාවකිනි. අනිත් අතට තම ඉදිරිපෙළ කී‍්‍රඩකයන් අතර විශිෂ්ටයන් වූ වික්ලිෆ් පලූ සහ විල් ස්කෙල්ටන් ආබාධවලට ලක්ව ආපසු ගෙදර යාම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවත් පසුවන්නේ තරමක චකිතයකිනි.
මෙම තත්ත්වය යටතේ මූලික වටයේ අවසන් තරග කිහිපය කාගෙ කාගෙත් ලෝක කුසලාන බලාපොරොත්තු ඇතිවී නැතිවී යන අතිශය තීරණාත්මක තරග බව නම් ඉතාමත් පැහැදිලිය.
මූලික වටයේ අලූත්ම ලකුණු තත්ත්වයට අනුව ඕස්ටේ‍්‍රලියාව සහභාගි වූ තරග 2 ම ජයගෙන ප‍්‍රසාද ලකුණක් සමග ලකුණු 9 ක් ලබා ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර දෙවැනි තැන සිටින්නේ තරග 2 ම ජයගෙන ප‍්‍රසාද ලකුණක් සමග ලකුණු 9 ක් ලැබූ වේල්සයයි.
එංගලන්තය එක් තරගයක් ජයගත් අතර ඉතිරි තරගයෙන් පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 2ක් සමග ලකුණු 6ක් ලබා තුන්වැනි තැනත්, ෆිජී සහභාගි වූ තරග 2ම පරාජයට පත්ව සිවුවැනි තැනත් ලබා සිටියි. තරග දෙකම පරාජයට පත්වූ උරුගුවේ පිල අවසන් ස්ථානයේ රැඳී සිටියි.
‘බී‘ කාණ්ඩය -
දකුණු අපි‍්‍රකාව පරාජය කිරීම නිසා ‘බී‘ කාණ්ඩය දැනටමත් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ ලොකුම පෙරළිය සටහන් කළේ ජපානයයි. එහෙත් ඉන් වාසිය ලැබුණේ ස්කොට්ලන්තයටය.
ඔවුන් මෙවර තරගමාලාවේ මෙතෙක් ප‍්‍රතිඵල සටහනේ ලකුණු 10 සීමාවට අවතීර්ණ වූ කණ්ඩායම් 2 න් එකකි. ප‍්‍රසාද ලකුණු සමග ජපානයට හා ෆිජී කණ්ඩායම්වලට එරෙහිව ලැබූ ජයග‍්‍රහණ නිසා ස්කොට්ලන්තය ‘බී‘ කාණ්ඩයේ මුදුනා වී සිටී.
හකු ඇටය කඩා ගැනීමෙන් තරගමාලාවෙන් ඉවත්වූ ජීන් ඩි විලියර්ස් වෙනුවට නව නායකයකු සොයමින් සිටි දකුණු අපි‍්‍රකාවට ලබන සෙනසුරාදා නිව්කාස්ල් හි පැවැත්වෙන තීරණාත්මක තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කළ හැකිනම් ‘බී‘ කාණ්ඩයේ මුල් තැන අත්පත් කරගැනීමට හැකිවනු ඇත.
කොයි හැටි වෙතත් දකුණු අපි‍්‍රිකාව පරාජය කරමින් අසීරුම තරගයක් ජයගත් ජපානයට මීළගට ඇත්තේ සැමෝවා හා අමෙරිකාව සමග පැවැත්වෙන තරග දෙකය. ඉතා සාර්ථකව මේ කාණ්ඩයේ තරග සියල්ල නිමා කිරීමට ජපානයට ලැබී ඇත්තේ කදිම අවස්ථාවකි.
මේ වනවිට ‘බී‘ කාණ්ඩයේ මුල්තැන පසුවන ස්කොට්ලන්තය සහභාගි වූ තරග 2 ම ජයගෙන ප‍්‍රසාද ලකුණු දෙකක් ද සමග ලකුණු 10 ක් ලබා පෙරමුණේ පසුවන අතර ජපානය හමුවේ පරාජයට පත්ව සැමෝවා පිලට එරෙහිව ජය ලැබූ දකුණු අපි‍්‍රකාව ප‍්‍රසාද ලකුණු 3 ක වාසියක් සමග ලකුණු 7 ක් ලබා දෙවැනි තැන අත්කර ගෙන සිටී. තුන්වැනි තැන පසුවන්නේ දකුණු අපි‍්‍රකාවට පරාජයට පත්වී අමෙරිකාවට එරෙහිව ජයක් ලබා ලකුණු 4 ක් ලබා සිටින සැමෝවා කණ්ඩායමය. ජපානය ලකුණු 4 ක් ලබා සිවුවැනි තැන පසුවන අතර අමරිකාව තරග 2 ම පරාජයට පත්ව අවසන් ස්ථානයේ රැඳී සිටී.
‘සී‘ කාණ්ඩය -
පිට පිට දෙවැනි වතාවටත් ලෝක රග්බි කිරුළ අතට ගැනීමට බලා සිටින නවසීලන්ත ‘ ඕල් බ්ලැක්ස්ලාගේ’ ඩැන් කාටර්, රිචී මැකෝ සහ සෙසු කී‍්‍රඩකයන්ව නැවැත්විය හැක්කේ කාටද..?
නිශ්චිත ලෙසම ‘සී‘ කාණ්ඩයේ නම් එවැනි සමතකු නොමැත. ආජන්ටිනාව නම් ඔවුන්ගේ තරගයේ පළමු භාගයේ දී ලකුණු 13-12 කින් පෙරමුණ ගනිමින් ‘ ඕල් බ්ලැක්ස්ලා’ බිය ගැන්වීමට සමත්වූහ. එහෙත් දෙවැනි භාගයේදී ඕල් බ්ලැක්ස්ලා ඔවුන් මැඩපැවැත්වූහ. එබැවින් ‘සී‘ කාණ්ඩයේ තරගය ඇත්තේ ඕල් බ්ලැක්ස්ලා පරයා යමින් මුදුනා වීමට නොව දෙවැනි තැන ඩැහැ ගැනීමටය. එම සටන ඇත්තේ ආජන්ටිනාව සහ ටොංගා කණ්ඩායම අතරය.
සිය මුල්ම තරගයෙන් ජොර්ජියාව හමුවේ පරාජයට පත්වූවත් පෙරේදා ඔවුන් නැමීබියාව පරාජය කළ අතර ලබන ඉරිදා ආජන්ටිනාව පරදවා දෙවැනි තැන ගැනීම ටොංගා කී‍්‍රඩකයන්ගේ එකම අදිටන වී තිබේ.
තරග 2 ම ජයගත් නවසීලන්තය ප‍්‍රසාද ලකුණක් ද සමග ලකුණු 9 ක් ලබා පෙරමුණේ පසුවන අතර ජොර්ජියාවට පරාජය වූ ටොංගා පිල නැමීබියාව පරදවා ප‍්‍රසාද ලකුණු 2 ක් සමග ලකුණු 6 ක් රැස් කරමින් දෙවැනි තැන අත්කර ගෙන සිටී. එක් තරගයක් ජයගත් ආජන්ටිනාව ඉතිරි තරගය පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණක් සමග ලකුණු 5 ක් ලබා තුන්වැනි ස්ථානයේ පසුවන අතර ජෝර්ජියාව සිවුවැනි තැන රැඳී සිටින්නේ ලකුණු 4 ක් රැස් කරමිනි. නැමීබියාව සහභාගි වූ තරග 2 ම පරාජයට පත්ව අවසන් ස්ථානයේ පසුවෙයි.
‘ඞී‘ කාණ්ඩය -
අයර්ලන්තය සහ ප‍්‍රංශය අතර ‘ඞී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමේ ද්වන්ධ සටන ආරම්භ වී තිබේ.
මෙවර තරගමාලාවේ ලකුණු සටහනේ 10 සීමාවට සමීප වූ රටවල් 2 න් එකක් වන අයර්ලන්තයට ප‍්‍රංශය දෙවැනි වී ඇත්තේ එක් ලකුණකිනි. මූලික තරග වටයේ අවසන් තරගය ලෙස ලබන 11 වැනිදා එකිනෙකා අභිබවා යාමේ දැඩි උවමනාවෙන් යුතුව සිටින මේ දෙපිල උද්වේගකාරී සටනකට පිවිසීමට නියමිතය.
නියත වශයෙන්ම එම තරගයේ පරාජිතයන්ටත් අර්ධ අවසන් පූර්ව වටයේ දොරටු විවර වන අතර එහි දී සිදුවන්නේ නවසීලන්ත ඕල්බ්ලැක්ස්ලාගේ උත්සාහක දිනුම් වරුසාවට හසුවීමටය. අයර්ලන්තය හා ප‍්‍රංශය එකිනෙකා පරාජය කිරීමට මාන බලන්නේ ඒ උත්සාහක දිනුම් වරුසාවෙන් බේරීමටය.
මේ වනවිට දෙවැනි තැන පසුවන ප‍්‍රංශය ලකුණු 9 ක් රැස් කිරිමට සමත්වූයේ ප‍්‍රසාද ලකුණක් ද සමගිනි. ඉතාලිය ලකුණු 4 ක් ලබා තුන්වැනි තැනට පත්ව සිටින අතර තරග 2 ම පරාජයට පත්වූවත් ප‍්‍රසාද ලකුණක පිහිටෙන් සිවුවැනි තැන අත්කර ගැනීමට කැනඩාව සමත්ව සිටී.
‘ඞී‘ කාණ්ඩයේ අවසන් තැන පසුවන්නේ තරග 2 ම පරාජයට පත්වූ රුමේනියානුවන්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.