Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ 10 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (26 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 12 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
චෙන්නායි පිල ලබාදුන් ලකුණු 203 ක ඉලක්කය හඹා ගිය සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 7 දැවී ලබාගත හැකිවූයේ ලකුණු 191 ක් පමණි.
එහිදී හුදෙකළා සටනක නිරතවූ ඩැරන් සැමී පන්දු 25 කින් ලකුණු 50 ක් රැස්කළත්, තම පිල පරාජයෙන් මුදවාගැනීම සඳහා ඔහුට එය ප‍්‍රමාණවත් නොවීය.
මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමට චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි සමත්වූ අතර ඒ සඳහා ඔහුට වැයවී තිබුණේ පන්දු 16 ක් පමණි. ඔහුගේ ලකුණු 63 හයේ පහර 8 ක් සහ හතරේ පහරක් ඇතුලත්විය.
තිසර පෙරේරා යැවූ තරගයේ 17 වැනි ඕවරයේදී අනුකම්පා විරහිතව පන්දුවට පහර පිට පහර එල්ල කළ මහේන්ද්‍ර සිං දෝනි ඉන් ලකුණු 34 ක් උදුරාගැනීමට සමත්වූයේ ඊට හයේ පහර 5 ක් අන්තර්ගත කරමිනි.
තරගයේ දෙවැනි පන්දුවේදීම චෙන්නායි පිලේ ආරම්භක පිතිකරු මුරලි විජේ ලකුණු නොළබා දැවී ගියද, හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් පන්දු 57 කදී ලකුණු 84 ලබාගත් සුරේෂ් රයිනා සහ මයිකල් හසී (ලකුණු 23) එක්ව තම පිලේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමූහ.
ඕවර 3 යවා ප‍්‍රතිවාදීන්ට ලකුණු 60 ක් දුන් තිසර පෙරේරාට කඩුල්ලක් දවාගැනීමට නොහැකි වුවද, ඬේල් ස්ටේන් යැවූ පන්දුවක් හමුවේ සුරේෂ් රයිනා දවාගැනීම සඳහා තිසර රැුකගත් උඩපන්දුව අග‍්‍රගනයේ එකක් විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 202
(මයිකල් හසී 23, සුරේෂ් රයිනා 84, මහේන්ද්‍ර සිං දෝනි 63, ඬේල් ස්ටේන් 23/2, ජේ. පී. ඩුමිනි 27/2)
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 191
(පාර්තිව් පටේල් 38, ශිකර් ධවාන් 48, ඩැරන් සැමී 50, ඞ්වේන් බ‍්‍රාවෝ 30/2, ජේසන් හෝල්ඩර් 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.